පාතාල කණ්ඩායම් සමාජිකයන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වැලිවේරිය ප්‍රදේශයේදී අද(05) උදෑසනද වෙඩි තැබීමක් සිදුව ඇත.Sri Lanka Latest News
ඩුබායි හි වෙසෙන කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇත.
ඝාතනයට ලක්වූ පස් පොඩ්ඩා නමැති පාතාල නායකයාගේ රියදුරකු ලෙස සේවය කළ තරුණයකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
මීට පෙර සිදුකෙරුණු තරුණයකු ඝාතනය කිරීමේ සිදුවීමකට පළිගැනීමක් ලෙස තුවාලකරුව ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ.
තුවාලකරු ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ.