සකල විධ ලෝක ධාතුවේම සිටිනා සත්ත්වයන් සුවපත් වේවා යයි උගන්වපු දහමක් එක් කණ්ඩායමකට පමණක් යොමු කර ගැනීමෙන් සීමා කර ගැනීමෙන් බුදුදහමට සහ ලෝකයාට හානියක් සිදු කරන බවත් මෙවන් උත්තරීතර දහමක් ඇතැම් පාර්ශ්වයන් ගෝතික ආකාරයෙන් සීමා වැටකඩුලු දමමින් සිටින බවත් වර්තමානයේ අන්කවර දාකටත් වඩා ගරුතර මහා සංඝරත්නයට අපහාස සිදු කරන බවත් සමාජ මාධ්‍යජාලා ද ඊට යොදා ගන්නා බවත් එවන් අපහාස නැවැත්වීමට රාජ්‍යමය මැදිහත්වීමකින් තිත තැබිය යුතු කාලය එලබ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද (1) තන්තිරිමලේ රජමහා විහාරයේ පැවැති වස් ආරාධනා කරන පිංකමට එක් වූ අවස්ථාවේ දීය.
ජනතාවද එම අපහාස ඉවසන්නේ නැති බැවිනි මහා සංඝරත්නයට පැවැතිව හැකි පරිසරයක් ඇති කිරීම පාලක පක්ෂයේ යුතුකමක් බවත් ඒ සදහා විපක්ෂයක් ලෙස ගත හැකි සියලුම උපකාර කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයෙ 2023 වසරරෙ වස් ආරාධනා කිරීමේ පිංකම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙ සහ එතුමාගේ ආදරණීය බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙහි දී අභිනවයෙන් ඉදිකිරීමට නියමිත වලාකුළු බැම්මට මුල්ගල තැබීම විපක්ෂ නායකතුමා සහ එම මැතිණිය අතින් සිදු වූඅතර ඒ සදහා සසුනට අරුණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25 මුදලකද ප්‍රධානය කරන ලදී.
එසේම සෝමාවතී රජමහාවිහාරයෙ වස් ආරාධනා පිංකමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මැතිණිය එක් වූ අතර එහි දී සෝමාවතී රජ මහා විහාරයේ දලදා පෙරහැරේ නැටුම් කණ්ඩායම් සදහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ජලනි ප්‍රේමදාස මැතිණිය විසින් පූජා කරන ලදී.























