• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හිටියෙ දින 6යි: වාහනේට ‌කෝටි හතරහාමාරයි: අන්තිම ‌මොහොතේ මන්ත්‍රී ‌වෙච්ච මාර සමන්

March 1, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
හිටියෙ දින 6යි: වාහනේට ‌කෝටි හතරහාමාරයි: අන්තිම ‌මොහොතේ මන්ත්‍රී ‌වෙච්ච මාර සමන්
Share on WhatsAppShare on Facebook

සමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයකු බව අමුතුවෙන් පැවසිය යුතු නැත. පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ රත්නප්‍රිය මහතා මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ 2015 ජනාධිපතිවරණය සමයේදීය. කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ ක්‍රියාකාරිකයන්ගේ පැහැදිලි නිහඬ බවක් දක්නට ලැබිණි. එවැනි පසුබිමක රත්නප්‍රිය මහතා නැවත වරක් කතාබහට ලක් වූයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වීමත් සමඟිනි. ඒ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙනි.
සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සිදු කෙරුණේ ඉකුත් ජනවාරි 23 වැනිදාය. ඒ මහතාගේ දිවුරුම් දීම සිදුවූයේ ඉකුත් පෙබරවාරි 05 වැනිදාය. දිවුරුම් දී දින කිහිපයකට පසු නැවත වරක් සමන් රත්නප්‍රිය මෙරට තුළ කතාබහට ලක්වන පුද්ගලයකු බවට පත් වී ඇත. ඒ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඒ මහතා සූදානම් වන බවට පළ වූ පුවත සමඟින්ය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් හිමි වන බව සියලුම දෙනා දන්නා කාරණයක් වුවද, රත්නප්‍රිය මහතා වාහන බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කාලය මතය. එමෙන්ම රත්නප්‍රිය මහතා සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් එම අවධානය දෙගුණ තෙගුණ වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා දිවුරුම් දුන් සිට මේ දක්වා පාර්ලිමේන්තුව රැස් වී ඇත්තේ දින හයක් පමණි. මාර්තු මස 02 වැනි දිනට පෙර ජනාධිපතිවරයාට ලැබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් රත්නප්‍රිය මහතා සමස්ත පාර්ලිමේන්තු කාලය පුරාම ඒ සඳහා වැය කළ දින ගණන වන්නේ 06ක් පමණි. දින 06ක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකු තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම කෙතරම් යුක්ති සහගතදැයි බොහෝ දෙනකු විමසන්නේ රත්නප්‍රිය මහතා පසුගිය කාලය පුරා දූෂණය, වංචාව සහ නාස්තියට එරෙහිව නැඟූ හඬද, නැවත ආවර්ජනය කරමිනි.
වාර්තා වන ආකාරයට සමන් රත්නප්‍රිය මහතාට ලැබෙන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වේ. නවක මන්ත්‍රීවරයකු ලෙස තමන්ට හිමි වාහන බලපත්‍රය සඳහා රත්නප්‍රිය මහතා කළ ඉල්ලීම මේ වන විට අනුමත වී තිබෙන බවද පසුගිය වාර්තා විය. මේ පිළිබඳව අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියකුද ඒ බව තහවුරු කළ අතර මේ වන විට රත්නප්‍රිය මහතා නිල වශයෙන් වාහන බලපත්‍රයට හිමිකම් කියන බවද එම නිලධාරියා තහවුරු කර සිටියේය. කෙසේ නමුත් දින හයක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වාහන බලපත්‍රයක් ලබා දීමේ යුක්ති සහගත බව සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් එම නිලධාරියා සඳහන් කළේ පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඒ පිළිබඳ පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් නැවත විමසීමක් කළ බවය. එහෙත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සියලුම මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය සඳහා හිමිකම් කියන බවත්, එක් දිනක් හෝ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වුවද, එම වරප්‍රසාද හිමිවන බැවින් රත්නප්‍රිය මහතා ඒ සඳහා සුදුස්සෙක් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම අනුමැතිය ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර ඇත.

මෙතරම් විවේචන මධ්‍යයේ එක්කෝටි විසි ලක්ෂයක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගෙන්ද කරුණු විමසූ අතර ඒ මහතා සඳහන් කළේ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට හිමිවන සියලු වරප්‍රසාද තමාටත් හිමිවන බවය. “මම අවුරුදු 27ක් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණාට පස්සේ අනෙක් මන්ත්‍රීවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද, සියලු අයිතිවාසිකම් සමන් රත්නප්‍රියටත් හිමියි. එහෙනම් අනෙක් මන්ත්‍රීවරු වාහන ගන්න එක ප්‍රශ්නයක් නොවෙන්නත්, රත්නප්‍රිය වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් වෙන්නත් බැහැ. හැමෝටම ඒ දේවල් පොදු වෙන්න ඕනේ.”
නමුත් රත්නප්‍රිය මහතාට විවේචන එල්ල වන්නේ සීමිත දින ගණනක් පමණක් පාර්ලිමේන්තු ගොස් බලපත්‍රය ලබා ගැනීම නිසාය. එම විවේචන සම්බන්ධයෙන් රත්නප්‍රිය මහතාගේ පිළිතුරු මේ ආකාර විය.
“මෙච්චර කාලයක් ජනතාවට සේවය කරලා මම මේ වාහනය ලබා ගන්නේ මගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් නෙවෙයි. ඒ හරහා තවදුරටත් ජනතාවට සේවය කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මම දශක දෙකකට වැඩි කාලයක් අඛණ්ඩව දේශපාලනයෙහි නියැළිලා ඉන්නවා. ඒ වගේම මම ඉදිරියටත් දේශපාලනයේ නියැළෙනවා. ජනතාවට සේවය කරනවා. ඒ හින්දා ඒකට කාටවත් වැරැද්දක් කියන්න බැහැ.”
තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව හෝ නොවන බව මෙතෙක් තීරණය කර නැති බව පැවසූ රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ කෙසේ වෙතත් ඉදිරියටත් තමන් කොයි ආකාරයෙන් හෝ අඛණ්ඩව දේශපාලනයේ නියැළෙන බවය. තමන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රචාරයක් ලබා දීම පිළිබඳ රත්නප්‍රිය මන්ත්‍රීවරයා මාධ්‍යයටද චෝදනා එල්ල කළේය.
“මේ රටේ තීරුබදු රහිත රාජ්‍ය සේවකයන් 40,000කට වැඩියෙන් ඉන්නවා. වෛද්‍යවරු, පරිපාලන අංශයේ නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු ඒ අතර ඉන්නවා. ඒ අය අවුරුදු පහෙන් පහට බලපත්‍ර මාරු කරනවා. හැබැයි මාධ්‍යයට ඒවා පේන්නේ නැහැ. හැබැයි මෙච්චර කාලයක් ජනතාවට සේවය කෙරුව සමන් රත්නප්‍රිය වාහන බලපත්‍රයක් ගත්ත එක ගැන තමයි මාධ්‍යය ලොකුවට කතා කරන්නේ. මේ රටේ මාධ්‍ය සදාචාරය ඒ වගේද කියලා එතැනදි ප්‍රශ්නයක් එනවා.” ඒ රත්නප්‍රිය මහතාගේ පිළිතුරය.
දින හයක් පමණක් පාර්ලිමේන්තු ගොස් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා වාහන බලපත්‍රයක් මිලදී ගැනීමට වඩා ඒ ගැන ප්‍රශ්න කිරීම සදාචාර විරෝධීද? එම ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ජනතාවය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

CLC වෙතින් මහේන්ද්‍රා වාහන මිලදී ගැනීමේදී ආකර්ෂණීය දීමනා

Next Post

පෙන්ෂන් නැතිව ‌පෙන්ෂන් යන 60 ‌දෙනා ‌මෙන්න

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.