ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවොර්ඞ්ස් ඔටෝ මිරාජ් සමඟ එක්වෙමින් මෝටර් ප්ලස් පූර්ණ රක්ෂණ ඔප්පු හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් පූර්ණ මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ පූර්ණ මෝටර් රථ රක්ෂණ කාඞ්පත ඕනෑම ඔටෝ මිරාජ් සේවා මධ්‍යස්ථානයකට ඉදිරිපත් කිරීමෙන් මෙම සුවිශේෂ ප්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව තිබෙන අතර කාර්, වෑන්ල SUV රථ සහ ජීප් රථ සඳහා 2020 පෙබරවාරි 15 වැනිදා සිට 2020 නොවැම්බර් 30 වැනිදා දක්වා මෙම ප්‍රතිලාභ ලබාගත හැකිය.
සේවාව සඳහා භාවිත ද්‍රව්‍ය ඔටෝ මිරාජ් වෙතින් මිලදී ගෙන රු.10,000/-ට වඩා ඉහළ වටිනාකමකින් යුතු ලුබි්‍රකේටින් සේවාවන් ලබාගන්නේ නම් වසරකට වැඩ කුලී ගාස්තු රහිතව ලුබි්‍රකේටින් සේවාවන් 3ක් ලබාගත හැකි අතර භාවිත ද්‍රව්‍ය පිටතින් රැගෙන එන්නේ නම් වැඩ කුලී ගාස්තු සඳහා 50%ක වට්ටමක් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පු හිමියන්ට ලබාගත හැකිය.










