ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සර්ව පාක්ෂික සමුලුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරුණු 3ක් ආණ්ඩුවේ අවධානයට ලක් කොට ඇත.Sri Lanka Latest News
ඉන් පළමුවැන්න වී ඇත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මෙම ප්‍රශ්නයේදී අවංක වීම සහ විශ්වසනීයත්වය ගොඩනගාගැනීමය. ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසදීම සදහා ආණ්ඩුව අවංකව කටයුතු කළ යුතු බව විපක්ෂනායකවරයා විසින් පෙන්වා දී තිබේ.
දෙවනුව ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට තමන් සතු විසදුම ඉදිරිපත් කළ යුතු බව විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත. විපක්ෂයේ යෝජනා ඉල්ලීමට පළමුව ආණ්ඩුව විසින් සිය විසදුම ඉදිරිපත් කළ යුතු බව කී විපක්ෂනායකවරයා ඉන් අනතුරුව ඒ පිළිබද විපක්ෂයේ අදහස ඉදිරිපත් කළ හැකි බවද පෙන්වා දී ඇත.
තුන්වැනුව විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව විසින් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවකි. වසර ගණනාවක් තිස්සේ පළාත් සභා මැතිවරණය කල් දමා ඇති බව පෙන්වා දී ඇති විපක්ෂනායකවරයා පළමුව මැතිවරණ පවත්වා ජනතාවට සිය නියෝජිතයන් පත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද පෙන්වා දී තිබේ.











