ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පැපුවා නිව්ගිනියාවේ සිට ආපසු පැමිණෙන ගමනේදී ශ්‍රී ලංකාවට ගොඩබැසීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
ඒ අනුව සිකුරාදා සිදු කරන කෙටි ලංකා සංචාරය අතරතුරදී ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත් ප්‍රංශ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ගොඩබැසීමෙන් පසු ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පමණක් රැදී සිටින්නේද යන්න පැහැදිලි නැත.
වරක් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා මීට මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණි අතර ඔහුද කටුනායක ගුවන් හමුදා කඳවුරේ රැදී සිටීමට පියවර ගෙන තිබිණ.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් තොටුපොළ පරිශ්‍රයට ගොස් ඔහු සමග සාකච්ඡා කොට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කැපීමටද කටයුතු කොට තිබිණ.










