• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමන්ට ලැබුණු ලක්ෂ 31ක තෑග්ගෙන් පාසලට පුස්තකාලයක් තිළිණ කළ රටක් වටින විදුහල්පති!

July 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
තමන්ට ලැබුණු ලක්ෂ 31ක තෑග්ගෙන් පාසලට පුස්තකාලයක් තිළිණ කළ රටක් වටින විදුහල්පති!
Share on WhatsAppShare on Facebook

වසර නවයක කාලයක් හෝමාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පති ධූරයේ කටයුතු කර ස්ථාන මාරුවක් ලැබ යන විදුහල්පතිවරයාට දෙමාපියන් විසින් ත්‍යාගයක් ලෙස ලබා දුන් ලක්ෂ තිස් එක් ලක්ෂයක මුදල භාර නොගෙන, එම මුදලින් අදාල විදුහලට නවීන සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු කර ‘තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග’යන කියමන පසක් කල අපූරු තරුණ විදුහල්පතිවරයෙක් පිළිබද හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා විය

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර නවයක කාලයක් කටයුතු කල කසුන් ගුණරත්න මහතා ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස ස්ථාන මාරැවක් ලැබ යාමට සිදුවූයේ වසර නවයක කාළයක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කිරීමෙන් අනතුරුවය.

එලෙස වසර නවයක කාළයක් පුරා විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කටයුතු කල විදුහල්පතිවරයා ට අමතක නොවන ත්‍යාගයක් ලබා දීමට සාකච්ඡා කල විද්‍යාලයීය දෙමාපිය එකතුව විසින් එකතු කරගත් රැපියල් ලක්ෂ තිස් එකක මුදලක් ත්‍යාගයක් ලෙස විදුහල්පති කසුන් ගුණරත්න මහතා වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කිරීමට යන බව විදුහල්පතිවරයා ට දැන ගන්නට ලැබී ඇත.

එම අවස්ථාවේදී අදාල දෙමාපියන් කැදවූ විදුහල්පතිවරයා එම මුදල ලබා ගැනීම  ප්‍රතික්ෂේප කර ඉල්ලා ඇත්තේ එම මුදලින් විද්‍යාලයට මහත් අඩුපාඩුවක් ව පවතින නවීන සුහුරු පුස්තකාලයක් ඉදි කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව එම යෝජනාවට එකගත්වය පල කල ආදි විද්‍යාලයීය දෙමාපිය එකමුතුව විසින් ඉතා අගනා පුස්තකාලයක් ඉදි කිරීමට කටයුතු කර ඇත.

එලෙස ඉදිකල නව සුහුරැ පුස්තකාලය පාසල් සිසුන් වෙත බාර දීම ස්ථාන මාරැ ලැබ පිටව යන හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතා අතින්ම 17 වැනිදා සිදු කෙරිණි .

එහිදී තූර්ය වාදක කණ්ඩායම් මධ්‍යයේ විදුහල වෙත කැදවා ගෙන පැමිණි විදුහල්පතිවරයා පිලි ගැනීමෙන් පසු නව පුස්තකාලය විවෘත කිරීම සිදුකෙරිණි.

ලැබුණු රුපියල් ලක්ෂ තිස් එකක මුදලක් තම පරිහරණයට නොගෙන අනාගතයේදී මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ප්‍රයෝජනය සදහා භාවිතා වන කටයුත්තක් වෙනුවෙන් එම මුදල ලබාදීම පිලීබදව පැමිණි සියලු දෙනා විදුහල්පතිවරයා වෙත සිය ප්‍රසාදය පල කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් පලකල විදුහල්පති කසුන් ගුණරත්න මහතා – මම වසර නවයක් සේවය කල පාසලින් අද වෙනත් පාසැලකට ස්ථාන මාරැ ලැබ යන්නට සිදු වී තිබෙනවා. මේ පාසලේ දෙමාපියන් මට දීපු විශාල මුදල් ත්‍යාගය මම අනාගත දරුවන්ගේ ප්‍රයෝජනයට ඇල්ෆා පරම්පරාවේ ප්‍රයෝජනයට හොද අත්තිවාරමක් දැම්මා. මට මේ කටයුත්තෙන් හුදු ප්‍රචාරයක් හෝ වෙනත් කටයුත්තක් අවශ්‍යව නොවේ මේ දේ කලේ. රාජ්‍ය සේවකයින් ලෙස අප කරන සේවයට අපට වැටුපක් ලැබෙනවා. එය කළමනාකරණය කර ගැනීම අප සතුයි. වෙනත් ප්‍රතිපාදන අපිට කැප නෑ  කියන පණිවිඩය ලබා දෙන්නයි උවමනා වූයේ.

මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාසල් ගීය හෝමාගම කළාප අධ්‍යාපන කාර්යාලයේ ගීතය ආදිය රචනා කර ඇත්තේද කසුන් ගුණරත්න මහතා විසිනි.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වූ විදුහල්පතිවරයෙක් ලමුන් සමග ක්‍රිකට් ක්‍රීඩා කරන වීඩියෝ වේ සිටියේද මෙම විදුහල්පතිවරයා වේ.

newscenter

SendShareShare
Previous Post

මෝදිගේ ඇමෙරිකානු සංචාරයේ ප්‍රතිඵල!

Next Post

රනිලුයි-මෝදියි එක මේසෙ ඉඳගෙන කතා කළේ මොනවාද? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.