තලවතුගොඩ සහ බදුරලිය යන ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී තිබේ.Sri Lanka Latest News
මින් තලවතුගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා මේ වන විට මරණයට පත්ව ඇති බව පැවසේ.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර තිබේ.
පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන අරඹා තිබේ.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ, බදුරලිය ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමේ සිදුවීමක් සිදුව තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.










