පාකිස්ථානයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 03ක ණය සහනය ලබාගැනීමේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ සහයෝගයට පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ස්තුතිය පළකර ඇත.Sri Lanka Latest News
පසුගියදා පැවති දුරකථන සංවාදයකදී අගමැතිවරයා පකිස්ථානයේ මිතුරෙක් සහ සුභපතන්නෙක් ලෙස ශ්‍රී ලංකාව ඉටුකළ කාර්යභාරය පිළිගෙන තිබේ.
කලාපීය සාමය සහ සෞභාග්‍යය සඳහා ශ්‍රී ලංකාවේ කාර්යභාරය ද ඔහු අගය කර ඇත.
පාකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික දුෂ්කරතා සුළි කුණාටුවෙන් ඉක්මනින්ම ගොඩඒමට හැකිවනු ඇතැයි අගමැතිවරයා විශ්වාසය පළ කර තිබේ.
පාකිස්ථානය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් බවත්, මිතුරන්ට උපකාර කිරීම මිත්‍රත්වය බවත්, එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියෙවා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී, ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පකිස්ථානයට උපකාර කළ යුතු බවයි.
ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් තම රට මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී සඳහන් කර ඇති අතර, පාකිස්ථානය මෙම තත්ත්වයෙන් ගලවා ගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කර ඇත.
සැලකිවයුතු ප්‍රමාදයකින් අනතුරුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට ණය සහනයක් ලබාදීමට පසුගියදා එකඟතාව පළකළේය.










