රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.Sri Lanka Latest News
එහිදී එම සමාගමේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.
ඒ, එම ආයතනයේ ගැටලුකාරී ගනුදෙනු කිහිපයක් පිළිබඳව විමසීමක් සිදුකළ අවස්ථාවේදීය.
එහිදී සේවකයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍ය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටස් ගෙන්වීමෙන් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවය.
මෙහිදී අමාත්‍යවරයා එම නිලධාරියාට බැන වදින ආකාරයක් දැකගන්නට ලැබිණ.
අදාළ වංචාව සිදුකර ඇතැයි පැවසෙන විධායක නිලධාරිවරයෙකුට සේවකයින් අමාත්‍යවරයා ඉදිරියේදීම පහරදීමට උත්සාහ කළ අතර එය ව්‍යර්ථ වූයේ පොලීසියේ මැදිහත්වීමෙනි.










