• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්ලේ චන්දිම සජබයට එක්වෙයි! පළමු රැස්වීමේදීම නොසිතූ අකරතැබ්බයක්! Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගාල්ලේ චන්දිම සජබයට එක්වෙයි! පළමු රැස්වීමේදීම නොසිතූ අකරතැබ්බයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ කලක් වාමාංශික දේශපාලනයේ මෙන්ම ශ්‍රීලනිප දේශපාලනයේ ප්‍රබලයකුව සිට පොහොට්ටුවේද බල කණුවක් වූ නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ පූර්ණ සාමාජිකත්වය ලබාගත්තේය. එපමණක් නොව, ඔහු සජබ හබරාදූව ආසන සංවිධායකවරයා ලෙසද සජිත්ගෙන් පත්වීම ලබාගත්තේය. චන්දිම යනු දකුණේ දේශපාලනය සමග දැවැන්ත සම්බන්ධතාවක් තිබූ දොඩංගොඩ පවුලේ ඥාති පුත්‍රයෙකි. දොඩංගොඩ පවුලේ ප්‍රබලයා ලෙස සැලකෙන්නේ අමරසිරි දොඩංගොඩය. ඔහු 17 වසරක් පැවැති එජාප ආණ්ඩුව පෙරළා දැමීම සඳහා දකුණේ මහජන බලය ගොඩනැංවූ දකුණේ හිටපු මහ ඇමැතිවරයාය. පසුව ශ්‍රීලනිප ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් පවා දැරූවකු ලෙස අමරසිරි දොඩංගොඩ සැලකේ. චන්දිම වීරක්කොඩි යනු මේ කියන අමරසිරි දොඩංගොඩගේ ඥාති පුත්‍රයෙකි. එමෙන්ම චන්දිම නීතිඥවරයෙකි. චන්දිම සිය දේශපාලනය මුලින්ම ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සමග පොහොට්ටුවට එක්වූ චන්දිම, ඉල්ලූ සෑම මැතිවරණයකින්ම ඉහළින්ම ජයග්‍රහණය කළේය. පසුව කැබිනට් අමාත්‍ය ධුරයක්ද දැරුවේය.Sri Lanka Latest News

නමුත් පොහොට්ටුව සමග දේශපාලනය කළ කාලසීමාවේදී පොහොට්ටුව ඇතුළේ පැවැති පවුල් දේශපාලනය, දූෂණයට දොර හැර තිබීම, නාස්තිය, එහි ආර්ථික ප්‍රතිපත්ති චන්දිම ඉවසුවේ නැත. මේ නිසාම පොහොට්ටුවෙන් කවුරුත් එළියට බසින්නට ප්‍රථම චන්දිම පොහොට්ටුවෙන් එළියට බැස ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළේය. චන්දිමත් සමග ඒ අවස්ථාවේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස එළියට බැස්සද, අද වන විට ඔවුන් නැවතත් පොහොට්ටුව සමග සම්බන්ධ වී කටයුතු කරන ආකාරයක් දැකගන්නට තිබේ. තවත් සමහරු ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය. නමුත් චන්දිම විපක්ෂයත් සමග ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව, ආර්ථිකයට කළ විනාශයට එරෙහිව නිරන්තරව හඬ නැගුවේය.

පසුකාලීනව චන්දිම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඉතා සමීපව කටයුතු කිරීමට පියවර ගෙන තිබිණි. සජබය සමග ආණ්ඩු විරෝධී කටයුතුවලට සක්‍රීය දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. පසුගිය සතියේදී චන්දිම නිල වශයෙන් සජබය සමග එක්ව හබරාදූව ආසන සංවිධායකවරයා වශයෙන් වැඩ භාරගත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය.

හිතපු නැති සෙනගක්!

ඒ අනුව, පසුගිය සතියේදී ඒ නිමිත්තෙන් සිය හබරාදූව නිවෙස පක්ෂ කාර්යාලයක් බවට පත් කොට ඉතා චාම් උත්සවයක් සංවිධාන කිරීමට චන්දිම පියවර ගත්තේය. ඒ සඳහා ගාල්ල සජබ ප්‍රබලයා වන ගයන්ත කරුණාතිලකටත්, සජබ ආසන සංවිධායකවරුන්ටත් ආරාධනා කිරීමට චන්දිම පියවර ගත්තේය. මීට අමතරව තමන්ගේ ළඟම පාක්ෂිකයන් කිහිප දෙනකුට ආරාධනා කිරීමටද චන්දිම කටයුතු කළේය. නමුත් උත්සවය ආරම්භ කිරීමට සූදානම් වන මොහොතේදී චන්දිම මුහුණ දුන්නේ කිසිසේත්ම නොසිතූ අකරතැබ්බයකටය. ඉතා සුළු පිරිසකට පමණක් මෙම අවස්ථාවට සහභාගි වන ලෙස චන්දිම ආරාධනා කර තිබුණද, උත්සවය ආරම්භ කරන විට ඉතා විශාල පිරිසක් චන්දිමගේ නිවෙසට පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අතර පැරැණි වාමාංශිකයන් මෙන්ම ශ්‍රීලනිප පාක්ෂිකයන්ද, පොහොට්ටුවේ නියෝජිතයන්ද, එජාප පාක්ෂිකයන්ද, සජබ පාක්ෂිකයන්ද සිටින ආකාරයක් චන්දිමට දැකගත හැකි විය. පිරිස වැඩිවීම හේතුවෙන් කරන කතාව සියලු දෙනාටම නොඇසෙන නිසා අවසානයේදී චන්දිම කළේ ඒ අසල විදුලි උපකරණ කුලියට දෙන ආයතනයකට ගොස් රැස්වීමක් සඳහා අවශ්‍ය කුඩා ප්‍රමාණයේ ශබ්ද විකාශන යන්ත්‍ර පවා කුලියට ගෙන රැස්වීම සාර්ථකව පැවැත්වීමය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ඇයි රනිල් කුරානය ඇදලා ගත්තේ I Sri Lanka Latest News

Next Post

‘තනිකරලා ගහන්න!’ ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රී පාර්ලිමේන්තු කැන්ටිමේදී විපක්ෂ මන්ත්‍රීට දුන් රහස් පණිවුඩය! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.