• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2015-2019 රනිල්ගේ කාලේ බැඳුම්කරවලින් විශාල වශයෙන් ණය ගත්තා! ගෝඨාගේ කාලේ බදු සහන දුන්නා! පොහොර තහනම් කළා! ආනයන තහනම් කළා! මෝඩ තීන්දු ගත්තා! IMF ලංකාවට එදා උදව් වුණෙත් නෑ! අද උදව් වෙන්නෙත් නෑ! විකුණනවාට අමතරව ලංකාව කිසි දෙයක් කරනවා කියලා පේන්නෙත් නෑ! ලංකාව වැටුණු හැටි ගැන ආර්ථික විද්‍යා මහාචාර්ය හොවාර්ඩ් නිකලස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! Sri Lanka Latest News

July 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
2015-2019 රනිල්ගේ කාලේ බැඳුම්කරවලින් විශාල වශයෙන් ණය ගත්තා! ගෝඨාගේ කාලේ බදු සහන දුන්නා! පොහොර තහනම් කළා! ආනයන තහනම් කළා! මෝඩ තීන්දු ගත්තා! IMF ලංකාවට එදා උදව් වුණෙත් නෑ! අද උදව් වෙන්නෙත් නෑ! විකුණනවාට අමතරව ලංකාව කිසි දෙයක් කරනවා කියලා පේන්නෙත් නෑ! ලංකාව වැටුණු හැටි ගැන ආර්ථික විද්‍යා මහාචාර්ය හොවාර්ඩ් නිකලස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රකට මහාචාර්යවරයෙකු වන හොවාර්ඩ් නිකලස් (Howard Nicholas) ඔහුගේ ‘Exploration in Marx’s Theory of Price’ නම් නවතම ග්‍රන්ථය හෙට (14) දින සවස 3.00 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් ශාලාවේ දී එළි දැක්වීමට සූදානම් වෙනවා.Sri Lanka Latest News

ඔහු ආර්ථික විද්‍යාඥයෙක් සහ සමාජ විද්‍යාඥයෙක් මෙන්ම නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් හි Erasmus විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන ජාත්‍යන්තර ආයතනයේ (International Institute of Social Studies – ISS) ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වෙනවා. ඔහු ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත අයෙකු ලෙසයි සැලකෙන්නේ.

ඔහු මෙරට පවත්නා ආර්ථික ආර්බුදය පිළිබඳව මාධ්‍ය කිහිපයකටම අදහස් දක්වා තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව දිගුකලක් තිස්සේ පැවති වෙළෙඳ හිඟයයි. වසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාව අඛණ්ඩව වෙළෙඳ හිඟයක් පවත්වාගෙන ආවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් වෙළෙඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10 ට වැඩි අගයක් ගත්තා. එසේම සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා හරහා ලැබෙන මුදල් මත ශ්‍රී ලංකාව රඳා පැවතුණා. එය ප්‍රමාණවත් නොවුණු නිසා මුදල් ණයට ගැනීමට සිදු වුණා. සියලු දෙනාම දන්නා පරිදි ලෝක ආර්ථිකය තුළ ප්‍රශ්නයක් ඇති වූ විට සංචාරක ආදායම් අඩු වෙනවා. එසේම අපනයන ආදායම් අඩු වෙනවා. මේ තුළ අපට සාමාන්‍ය වශයෙන් තියෙන ප්‍රශ්නයට වැඩි විදේශ විනිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

පසුගිය රජය කාලයේ ශ්‍රී ලංකාව විශාල වශයෙන් වාණිජ වෙළෙඳපොළින් ඉහළ අනුපාතවලට ණය ගැනීමෙන් ප්‍රශ්නය වඩාත් උග්‍ර වුණා. වර්ෂ 2015 සිට 2019 දක්වා පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ඉහළ පොලී අනුපාතවලට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් එම රජය විශාල වශයෙන් ණය ගත්තා. මේ තුළ ණය තිරසාරත්වයට ප්‍රශ්න ඇති වුණා. පසුව ශ්‍රී ලංකාවට කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවුණා. එමගින් ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. විදේශ විනිමය හිඟයකට මුහුණ දුන්නා. එහෙත් මෙය වසර 40 ක් තිස්සේම පැවති ප්‍රශ්නයයි. 1989 සිට 1994 දක්වා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ හැර වෙනත් කිසිම රජයක් මේ වෙළෙඳ පරතරය ගැන නිසි තැකීමක් කරේ නැහැ. ඒ සඳහා නිසි පිළියම් යෙදුවේ නැහැ. දැන් අප මෙතනට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් පමණක් නොවේ. වෙනත් රටවලත් වෙළෙඳ හිඟයන් පවතිනවා. එසේම වෙනත් දූෂිත රජයන් ද තිබෙනවා. අප ගෝලීය ක්‍රමයේ කොටසක් බවට පත්ව තිබෙනවා” යි තත්වය පිළිබඳව කළ විමසීමේ දී මහාචාර්ය හොවාර්ඩ් නිකලස් සඳහන් කරනවා.

“ලංකාවට විශාල අයවැය හිඟයන්ට ද මුහුණ දීමට සිදුව තිබෙනවා. 2020 දී IMF එක සියලු රටවලට කිව්වා අයවැය හිඟයන් පවත්වාගෙන යන්න කියල. එය හොඳ දෙයක් ඔබලා එය කළ යුතුයි කියල IMF එක කිව්වා. ඒත් පසුව ඔවුන් එම රටලට කියනව ඔබලා අයවැය හිඟයකට මුහුණ දී සිටිනවා එය තමයි ප්‍රශ්නය කියලා. මෙතන IMF එක පැහැදිලිව ගේම් එකක් ප්ලේ කරනවා.

පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ විශාල බදු කප්පාදුව නිවැරදි තීරණයක් නොවේ. එය මෝඩ තීරණයක්. ඒ සඳහා කවුරු රජයට උපදෙස් දුන්නා ද මම දන්නේ නෑ. එසේම ඒ කාලයේ පොලී අනුපාත ඉතා පහළ අගයකට අඩු කරා. එයත් බුද්ධිමත් තීරණයක් නෙවෙයි. එසේම පොහොර ආනයනය තනනම් කරා. එයත් කිසිම ප්‍රතිඵලයක් අත්කර නොගත් තීරණයක්. තවත් සාධක රැසක් මේ අර්බුදයට දායක වුණා. විනිමය අනුපාතය ස්ථාවර අගයක තියා ගත්තා. ඇතැම් ආනයන තහනම් කරා. එම රජය බලය ගත් අවස්ථාවේ සිටම විදේශ විනිමය ලැබීම් පිරිහීමට පටන් ගත්තා. ඒ හරහා ඔවුන් උගුලකට හසු වුණා. ඔවුන් විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීමට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

අතීතයේ ගත්තත් IMF ප්‍රතිපත්ති ඇත්තටම ශ්‍රී ලංකාවට දිගුකාලීනව උදව් වී නැහැ. මෙවරත් එය එසේ වන්නේ නැහැ. එය අනිත් රටවලටත් එසේ වී නැහැ. ප්‍රශ්නය වන්නේ IMF එකට කියන දේට වඩා ශ්‍රී ලංකාව අනාගතය වෙනුවෙන් මොනවා කරන්නේ ද යන්නයි. රජයට අයත් ව්‍යාපාර පුද්ගලීකරණය කරනවාට අමතරව මේ රජය කිසිම දෙයක් කරන බවක් මට පේන්නේ නැහැ. මෙය ලෝකයේ කිසිම රටක ආර්ථික වර්ධනයට උදව්වක් වී නැහැ.

ඒ වගේම IMF එක කියනව රාජ්‍ය පරිපාලනය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි කියල. එහි ඇත්තක් තියෙනවා. එහෙත් එය ලංකාවේ වර්ධන ක්‍රියාවලියට සහයක් ලබා දෙනවා කියලා මම හිතන්නේ නැහැ. අපනයන පාදක කරගත් කාර්මීකරණයකට මේ රට ගමන් කළ යුතුයි. මම මෙය වසර 35 ක පමණ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන දෙයක්. අපනයන පාදක කරගත් නිෂ්පාදන කර්මාන්ත වේගවත් ලෙස ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවට අවශ්‍යයි. එහෙත් එහෙම සලකුණක් අපට පේන්න නැහැ. අපනයන පාදක කරගත් නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කරන බව හැම රජයක්ම කිව්වත් අපට එහෙම දෙයක් පේන්න නැහැ” යි ශ්‍රී ලංකාව පිළිබඳව සිය අදහස් දක්වමින් මහාචාර්ය හොවාර්ඩ් නිකලස් පවසනවා.

SendShareShare
Previous Post

ඩිජිටල් බද්දක් දාන්න අපි කිව්වෙත් නෑ! කාලරාමු එකඟතාවකට නිර්දේශ ඉදිරිපත් කළෙත් නෑ! IMF එකෙන් ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්! Sri Lanka Latest News

Next Post

ඔක්කොටම වඩා භයානකයි මේක! රට තුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ඇති වෙලා! විපක්ෂනායක පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් ප්‍රකාශයක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.