• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝපා… කෝ යකෝ I Sri Lanka Latest News

July 14, 2023
in Exclusive, News
Reading Time: 14 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“විගණකාධිපතිවරයා මහජන මුදලේ ආරක්‍ෂක මුර දේවතාවා” සේම “විගණකාධිපතිවරයා මහජන මුදලේ ආරක්‍ෂක මුර බල්ලාය” යන්නද ඔහු කෙරෙහි මහජනයා අතර චිරාත් කාලයක් තිස්සේ පවත්නා ගෞරවනීය මතයයි.(Sri Lanka Latest News)

මේ වනවිට වසර දෙසිය විසිහතරක (1799 සිට) දීර්ඝ ඉතිහාසයක් ඇති දෙපාර්තමේන්තුව වෙනත් රාජ්‍ය ආයතනයකට නැති තරම් එදා සිට ලබා ඇති ගෞරවනීය මහජන ප්‍රසාදය නම් මේ වනතෙක්ම කිසිසේත්ම අබමල් රේණුවක තරම් ප්‍රමාණයක් හෝ අඩු කරගෙන නම් නැති බවද සඳහන් කළ යුත්තේමය.

මහජන දේපොළ ආරක්‍ෂා කරදීම තම ජීවිතයටත් වඩා පරමාත්මයෙන් සලකා රාජකාරිය අකුරට ඉටු කිරීමේදී දූෂිතයන්ගේ අල්ලසට නොනැමුණු හේතුව නිසා ඇසිඩ් ප්‍රහාරයකින් මුළු ජීවිතයම දෙනෙත් නොපෙනෙන තත්ත්වයෙන් (එතුමාට ගෞරවයක් වශයෙන් අන්ධයකු යන පදය මම නොකියමි) අභිමානයෙන් ගෙවූ නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල වැනි කීර්තිධර නිලධාරීන් වනාහි (එතුමාගේ නමටත් ගෞරව වේවා) දෙපාර්තමේන්තුවේ (රාජ්‍ය සේවයේ) “චූඩා මාණික්‍යයන්ය”.

ආරම්භක විගණකාධිපති සිසිල් ස්මිත්ගේ සිට වර්තමානයේ චූලා වික්‍රමරත්නයන් දක්වා වූ විගණකාධිපතිවරුන් හතළිහකට ආසන්න හැම දෙනාම ඒ වගකීම නොවරදවාම ඉටුකර ඇත්තාහ.

රුපියල් කෝටි තිස්තුන් දහස් අටසියයක දැවැන්ත මහජන මුදල් කන්දරාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වංචා කිරීම, හොරකම් කිරීම සහ කොල්ලකෑම (සුදුසු වචනය තෝරාගනිත්වා) අනාවරණය කර දුන්නේ සරත් මායාදුන්නේ විගණකාධිපතිවරයා බව තබා එවන් සිද්ධියක් ලංකා ඉතිහාසයේ සිදුවූ බවක් ද මේ වනවිට කාට කාටත් අමතකය.

එසේ කීර්තිමත් සම්භාවනීය තනතුරුධාරියකු වන විගණකාධිපතිවරයාට (දෙපාර්තමේන්තුවට) මේ වනවිට සිද්ධවී ඇත්තේ කුමක්ද යන්න ඇතැම් පිරිස්වලට කුකුසක් වී ඇති සෙයක් සමාජගතව තිබේ.

විගණාධිපතිවරයා “මුර බල්ලෙක්” Watch dog මිස කිසිදා “දඩ බල්ලෙක්” Hound නොවන්නේය.

දඩ බල්ලාගේ රාජකාරිය “දඩයම” වුවත් මුර බල්ලාගේ රාජකාරිය හොරු ආ බව මෙන්ම හොරකමක් සිද්ධ වෙන බව දේපොළ අයිතිකරුට හෝ කරුවන්ට හඬනගා කීමය.

විගණකාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය පරිදි මහජනයා වෙනුවෙන් ඒ කාර්යය ඉටුකර මහජනතාවටම (පාර්ලිමේන්තුවට) විගණන වාර්තා ඉදිරිපත් කරන්නේ එහෙයිනි.

හරියටම “ටක්” එකටම පෙන්නා දෙන හොරාගේ හෝ හොරුන්ගේ හෝ (ගම්මුන් කියන අන්දමට) “හීන්තැනින්” (බොටුවෙන්) අල්ලා ගැනීම වෙනත් පාර්ශ්වයකගේ වගකීමය. (පොලීසිය හොරුන් ඇල්ලුවත් දඬුවම් දීම අධිකරණය සතු රාජකාරියක් සේය). විගණනය සහ විගණන නිරීක්‍ෂණ ක්‍රියාත්මක කිරීම යනු ආයතන දෙකක රාජකාරිය.

(බලතල බෙදීමේ සිද්ධාන්තය අනුව නීති පනවන ව්‍යවස්ථාදායකයෙන් අධිකරණ බලය වෙන්කර ඇත්තා සේය. (Separation of power)

විගණකාධිපතිවරයාට විගණනය කිරීම සඳහා මේ වනවිට ඇති ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යාව රාජ්‍ය ආයතන (අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු) සහ අර්ධ රාජ්‍ය ආයතන (අධිකාරි (වරාය) සංස්ථා (දැව) සහ මණ්ඩල (ම.ග.ම) එක්දහස් පන්සියයකට වැඩි මිසක් අඩු නැත. (මේ හැරෙන්නට ව්‍යාපෘතිද තිබේ)

විගණකාධිපතිවරයා සිය සීමිත කාර්ය මණ්ඩලයද, සීමිත සම්පත් ටිකද යොදා කාලානුරූපව සිය මෙහෙවර ඉටුකරමින් විගණන වාර්තා මහජනයාට (පාර්ලිමේන්තුවට) රාජ්‍ය ගිණුම් කාරකසභාවට (කෝපා) (Comitee of Public Account) සහ රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට (කෝප්) (Comitee of Public Enterprices) ඉදිරිපත් කරයි.

ඔය ආයතන දෙකේදී විගණන වාර්තා ගැන සාකච්ඡා කර ගැනෙන තීන්දු ක්‍රියාත්මක කරවනු ලැබීම සඳහා මු.රෙ. (මුදල් රෙගුලාසි) 119 පරිදි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට (අමාත්‍යාංශ ලේකම්) සහ 128 පරිදි ගණන් දීමේ නිලධාරියාට (දෙපාර්තමේන්තු ප්‍රධානියාට) වගකීම් පවරනු ලැබ තිබේ.

අපේ මරික්කාර් මන්ත්‍රීතුමා කටේ දිවේ නොගෑවෙන්න කියන අන්දමට අපි “කෙළවා”ගෙන ඇත්තේ ද ඕං ඔතැන සිටය.

රටම පොට වරද්දාගෙන ඇති තැන ඔන්න ඔතැනය. ගතවූ කාලපරිච්ඡේදය පුරාම අපට (මහජනයාට) සිදුවූයේ හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමට නොවේ. “හොරාගෙන්ම පේන ඇසීමටය”. ඒ නිසා කළ යුතුව ඇත්තේ පවත්නා ක්‍රම පද්ධතිය (සිස්ටම්) සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කිරීම මිස වෙනත් විකල්පයක් නැති තරම්ය.

මහජනතාව සහ අරගලේ කොල්ලන් (පුංචි මහත්වරු) සහසුද්දෙන්ම දැනගත යුත්තේත් ඔන්න ඔතැන සිට පවතින (ආදිවාසී නායකතුමා කියන අන්දමට) “කාරණා පොජ්ජය”.

අතීතයේ දී ආණ්ඩුමාරු (වෙනස්) වුවත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙනස් නොවන සේම දේශපාලනඥායන්ට වෙනස් කළ නොහැකි යුගයක් ද තිබුණේය. අමාත්‍යාංශ ලේකම්වරුන් “ස්ථිර ලේකම්වරුන්” වශයෙන් හඳුන්වනු ලැබුවේ ඒ යුගයේය. ඒ නිසා ඒ ලේකම්වරු නීතිය යුක්තිය සාධාරණත්වය අනුව තරාතිරම නොබලා අපක්‍ෂපාතීව අභීතව රාජකාරි කළහ.

එහෙත් දැැන් එවැනි තත්ත්වයක් නැත. (බූවල්ලා සියලු අඬු විහිදා සියල්ල ග්‍රහණය කරගන්නා සේ දේශපාලකයන් ද සබ්බසකල මනාවම ඔඩොක්කුවේ දමාගෙන ඇත) අමාත්‍යාංශ ලේකම් තනතුරු ලැබෙන්නේ දේශපාලනඥයාට අල්ලපු පන්දමේ හැටියටය. එසේත් නැතහොත් ඇමැති පුටුවේ පස්ස තියාගන්න උන්නැහේ සමග ඇති නෑදෑකම හෝ හිතවත්කම හෝ අනුවය.

ඒ නිසා ඇතැම් ලේකම් උන්නැහේලා තනතුර රැකගැනීමට රෙදි හෝදනවා පමණක් නොව පස්සත් ලෙවකති.

ලොක්කාගේ අනුශාසනා පරිදි හපුහින්න උන්නැහේ ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් භාරගන්න එපා යැයි ලියුමක් ගැහීමම ගොට්ට ඇල්ලීමට හොඳම උදාහරණයකි.

සිල් රෙදි බෙදන්ඩ ලක්‍ෂ අනූවක් ඕනෑ යැයි කියන විට ස…අ..අ..ර්.. ලක්‍ෂ පනහක් ඇත්ද ස.අ..අර් යැයි අසන්නන් එවැන්නෝය. ඡන්ද කාලෙට උදලු, ඔරලෝසු, පුටුද බෙදති. තවත් නොයෙක් නොයෙක් ජාතිද බෙදති. තමන්ගෙ අතිංමිටිං යනවයැ. ඒ නිසා රාජ්‍ය ආයතනවල තිබිය යුතු පරිපාලනයේ පාලන කෑල්ල හැලී මුල් කෑල්ල විතරක් ඉතුරු වී ඇත්තේ මේ වගේ අමන වහන්සේලා නිසාය.

අමාත්‍යාංශයකට පත්වෙන දේශපාලන බලවතාට අවශ්‍ය අන්දමට විශ්‍රාම ගිය එමෙන්ම පරිපාලන සේවයෙන් පිටස්තරයන් පත්කර ගැනීමෙන් රාජ්‍ය සේවයේ නිලධාරීන් දුර්මුඛ කර අපේක්‍ෂ භංගත්වයට දමා රටේ සමස්ත පරිපාලනය අංශභාග කිරීම ගැන දේශපාලන අධිකාරියට වගේ වගක් නැත.

ගැත්තෝ (ගැත්තෝ වෙනුවට ඕනෑ පදයක් දමාගැනීමට අයිතියක් කියවන්නාට තිබේ) ධුර කාලය තුළ කරන්න ඇති දහපදුරා වැඩ කර රට බංකලොත් කරති.

පරිපාලන සේවයේ දීර්ඝකාලයක් තිස්සේ දරදිය ඇද්ද නිලධාරීන්ට හිමි තනතුරුවලට පැරිෂුට්කාරයන් පත්කිරීමෙන් සිදුවී ඇත්තේ නිලධාරීන් පිරිසකට බලවත් අසාධාරණයකි. ලැබිය යුතු අයිතිවාසිකම් හිමි පිරිසකට ඒ අයිතිය නොලැබී යාමය.

හැබැයි ඇමැති උන්නැහේලා ගෙදර යන විට මුන්නැහේලා ද Automatically විසික් වෙති. උන්හිටි තැන් අහිමි වෙති. ඉස්සර ඒ අය ගියේ රාජ්‍ය පරිපාලනයේ තිබූ “ සයිබීරියාවටය”.

ඉතින් අවුරුද්දක් දෙකක් ගතවන කල ඔය අන්දමේ අමාත්‍යාංශවල මුදල් අවභාවිතය ගැන විගණකාධිපතිවරයා විගණන විමසුම් දමා විගණන වාර්තා පාර්ලිමේන්තුවට (කෝපා එකට හෝ කෝප් එකට) සුපුරුදු අන්දමට ඉදිරිපත් කරයි.

එතැන ඇතැම් සාමාජිකයෝ ලෙස ඒ ආණ්ඩුවේම මහජන නියෝජිතයෝද සිටිත්. කිසියම් අමාත්‍යාංශයක විගණන වාර්තා එහිදී සාකච්ඡා කරන කල්හි ඒ සඳහා එන්නෝ මුදල් වෙන්කළ එසේම වැය කළ අමාත්‍යංශයේම ලේකම්තුමාලාමය. ඒ වන විටත් ඒ අමාත්‍යාංශවලට අරක්ගෙන සිටින්නෝ ද අර ඇමැති උන්නැහේලාමය.

ඉතිං සාකච්ඡාවට පැමිණි මහන්සියට සාමූහිකව සියල්ලෝම “කූසුල් ඩි්‍රන්කුවක්“ ද පානය කරති (කුසුල් ඩි්‍රන්ක් යන පදයේ නිරුක්තිය සිදත් සඟරාවේ දක්වා ඇත්තේ “කූසුල් වූයේත් එම ඩි්‍රන්ක් වූයේත් එම” වශයෙනි) අනතුරුව සභාතොමෝ සතුටින් විසිර යති.

සාකච්ඡාවේදී ගැනෙන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ වන්නේ (මු.රෙ.119 සහ 128) අදාළ අමාත්‍යාංශයේ ලේකම් උන්නැහේටමය. අපරාදෙ කියන්න බැරිය. උන්නාන්සේලා ඒ නිර්දේශ අපූරුවට අකුරටම ක්‍රියාත්මක කරති.)

කෝපාවෙන් සහ කෝප් එකෙන් ගැනෙන තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක වූවේද යන්න පසුවිපරම් කිරීමේ කාර්යය භාණ්ඩාගාරය සතුය.

මතුවන කිසියම් කරුණක් අරබයා චක්‍රලේඛ සහ උපදෙස් මාලා නිකුත් කිරීම ද භාණ්ඩාගාරය සතු වගකීමය. ඒවා “භාණ්ඩාගාර සටහන්” නමින් හැඳින්වේ.

මේ ලියුම්කරු කෙරෙහි සමාවුව මානැවි. මේ වනවිට ඒ කාර්යය ඉටුවේදැයි යන්න පවා සැක සහිත බව රාජ්‍ය සේවකයෝම කියති. හේතුව දන්නවාද? ඒ වන විටත් ඉන්නේ බොහෝ දුරට ඒ මුදල් ඇමැතිවරයාම බැවිනි.

ගත වූ වසර පනහක හැටක කාලයේ සිද්ධ වූයේ ඔන්න ඔය කියන සන්තෑසියමය. ඕක වෙනස් නොකළහොත් මතු මත්තේ සිද්ධවෙන්නේද ඔය ටිකමය.

“යකඩෝ..ඕ..ඕ..ඕ ඉතිං මේ රට මහජනයාගේ යැයි කියන්නේ මොන යකාද? මොන කොකාද?
“අනිත් පදේ හිතාගනිත්වා. එනකු තෙරිය ඉල්ලෙ. නල්ලමලේ තාං”

අධිභාර පැනවීම යනුවෙන් ක්‍රමයක්ද විගණනයේ තිබේ. එමගින් කෙරෙන්නේ කිසියම් මුදල් අවභාවිතයකට මුල්වූ නිලධාරියතු හෝ නිලධාරීහු පිරිසක් හෝ විගණන පරීක්‍ෂණයෙන් නිරීක්‍ෂණය වී සිටිත් නම් (විගණන යෙදුම අනුව) අදාළ අවභාවිතාව කෙරී ඇති (මහජනයාගේ වචනය ගසාකෑ) මුදල් ප්‍රමාණය ඔහුගෙන් හෝ ඔවුන්ගෙන් අයකර ගැනීමට විගණකාධිපතිවරයාට ඇති බලයයි.

මේ බලය දැනට විගණකාධිපතිවරයාට ඇත්තේ විශ්වවිද්‍යාල නගරසභා සහ මහනගර සභා වැනි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් පමණි.

මේ රටේ කෙරෙන මහජන මුදල් ගසාකෑම සහ වංචා කිරීම නැනිකර දැමීමට නම් විගණකාධිපතිවරයාට අධිභාර පැනවීමේ බලය පැවරිය යුතුය යන්න ජාත්‍යන්තර විගණන සිද්ධාන්තයයි.

අපට ණය පහසුකම් සැපයීමේදී ලෝක බැංකුව සිරි ලංකාවේ රජයට උපදෙස් දුන්නේ ද විගණකාධිපතිවරයාට අධිභාර බලය දිය යුතුය යනුවෙනි. ඒ එකවරක් නොව කීප වරක්ම අවධාරණය කෙළේය.

ණය පහසුකම් සැපයීම නවත්වන බවට වරක් අනතුරු අඟවා එතෙක් ණය වාරික මුදාහැරීමද ප්‍රමාද කෙළේය.

එදා සිටියේද වර්තමානයේ මහජනයාට කොකාපෙන්නා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා යැයි කියන අයියලාමය. ඕනෑ නම් එකෙකු දෙන්නෙක් පරලොව ගොස් සිටිති. ඒ නිසා අද මහජනයා අන්දවන ඇන්දවිල්ලෙන්ම එදාද ලෝක බැංකුවත් අන්දවා අපේ බඩු ණය ටික ගෙන ගසාකෑවෝය.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ නොලද කුරුණෑගල, පුත්තලම, මොනරාගල, හම්බන්තොට, මාතර, බදුල්ල, කළුතර ආදී දිස්ත්‍රික්කවලට ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන Inter Greated Rural Development Project ව්‍යාපෘතිය නමින් ලෝක බැංකුව සහ නෙදර්ලන්තයෙන් (නොරාඩ්) ණය ආධාර යටතේ 1980 දශකයේ ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක් ලැබුණේය.

අන්තිමේදී පිස්සු හැදුණේ ණයගැති අපට නොවේ.ණය හිමිකරුවන්ටය. හේතුව මේ සල්ලි ගසාකෑවේ කවර අන්දමකින්දැයි හිතාගැනීමට කල්පනා කිරීමෙනි.

දීර්ඝ කාලයක් තිස්සේ විගණාකාධිපතිවරයා රජයෙන් ඉල්ලා සිටියේ මහජන මුදල් මේ අන්දමින් අවභාවිත කිරීම වළක්වා ගැනීම සඳහා අධිභාර පැනවීමේ බලය විශ්වවිද්‍යාල සහ පළාත් පාලන ආයතනවලට සේම රජයේ සෙසු ආයතනවලටද ලබාදෙන සේ ඉල්ලා නොවේ. ආයාචනා කිරීමෙනි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවට නව විගණන පනතක් සම්මත කළ පසුගිය සමයේ ඔය ඉල්ලීම දැඩිලෙස අවධාරණයකර පනත අනුමැතිය සඳහා ඉදිරිපත් කෙළේය.

එහෙත් ඒ පනත අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත වීම ප්‍රමාද වූවේය. මේ නිසා මේ රටේ බුද්ධිමතුන් පෙරටු කොටගත් විද්වත්හු ඒ පනත සම්මත කරවා ගැනීම සඳහා දැවැන්ත ව්‍යාපාරයක් මාධ්‍ය මගින් ගෙන ගියහ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග ද ඔවුහු මහමගටද බැස්සෝය.

ඒ සමයේ මුදල් ඇමැතිවරයා රවි කරුණානායකයාය.

ඇමැතිවරුන් (දේශපාලනඥයන්) මහජන මුදල් අරපරිස්සමින් කටයුතු කරන ආකාරය ගැන මේ රටේ මහජනයාට පහදා දීමට අටුවා ටීකා ගැටපද වැඩිය අවශ්‍ය නැතැයි සිතමි. කැබිනට් මණ්ඩල ඇමැතිවරුන් වටේ සිටින්නේ දේශපාලනඥන්ගේ අඩව්වට නොවරදවාම අඩිය තියන්නට හුරුපුරුදුකම් නොඅඩුව ඇති ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෙවත් නිලධාරීන් බවද කියනු වටී.

ඒ නිසා ඒ අධිභාර බලය තනි පුද්ගලයකුට පැවරුවහොත් ඒකාධිපතියකු වන බව බලවතුන් ලෝකෙටම ප්‍රකාශකර භයානක බිල්ලෙකු මවාපා වැඩේ නොකෙරෙන්නටම කෙළවා දමනු ලැබුවේය. එහෙත් ඒ වෙනුවට මොකක්ද “විච්චූරණයක්” ඉදිරිපත් කර ඇති බව ද පැවසේ.

මෙසේ කිරීමට ප්‍රධාන හේතුව තමන්ගේ බෙල්ල තමන් විසින්ම කපාගනු ලැබීමේ වරෙන්තුවට අස්සන් කිරීමට කොයි මෝඩයා වුවත් අකැමැති හෙයිනි. අපේ රටේ පමණක් නොව කවර රටක වුවද මහජන මුදල් දේපොළ ගසාකෑම වළැක්වීමට නම් කළ යුතු ප්‍රධාන කාර්යය නීතිය අපක්‍ෂපාතීව අකුරටම ක්‍රියාත්මක කිරීමය.

නීතිය සීමා විය යුත්තේ අධිකරණයට, පොලිසියට පමණක් නොවේ.

මහමග යන්නකු දකුණෙන් යාමද නීතියකි. අපේ හිටපු ජනාධිපති ගෝටයියා (අය්යාද, ගොයියාද වෙන එකක්ද ඕනෑ එකක් හිතාගනිත්වා) මෙන් ව්‍යාපාරිකයන්ට බදු සහන දුන්නාසේ ද සුදුලූනු, පොල්තෙල්, සීනි ආනයනය කරන්නට නීතියම ක්‍රියාත්මක කර ඉඩ සලසා දුන්නා සේ නම් නොවිය යුතුය.

සුනාමි හෙල්පිං සල්ලි ගසාකෑ එකා කුදළා හිරේ විලංගුවේ නොදැම්මාට මගේ ඔළුවට එක එක මිස එකවරටම හෙණ හතම එවන්න එපා දෙයියනේ යැයි කියමින් කාට හෝ දුක්වී නාහෙන් අඬන්නට අවස්ථාවද සලසා නොදිය යුතුය යන්න ද මහජන ඉල්ලීමයි.

තම හිතවතුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු කෝටි ප්‍රකෝටි ගණනින් නොගෙවා සිටිනු බලා සිටීමටද ඉඩ නොදිය යුතුය. ඔය සියල්ල විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට පෙන්නා දෙන ලද (වාර්තා කළ) කරුණුය. විගණන නිරීක්‍ෂණ ක්‍රියාත්මක කරන්නට පැවරුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්ටය. එහෙත් එසේ කෙරුණු බවක් හෝ මහා භාණ්ඩාගාරයෙන් පසු විපරමක් කෙරුණු බවක් ගැන හාවක් හූවක්ද අසන්නටවත් නැත. විගණකාධිපතිවරයා තම රාජකාරිය කෙළේය. එහෙත් ඊට පසු කරුණු එසේමය.

ඒ නිසා අපි කුමක් කරමුද? අපේ පළමු වැන්නේ හෝ දෙකේ හෝ පොතක තිබුණේ අපි නටමු, ගයමු, උඩපනිමු, ගීකියමු යන්නය. ඉතිං අපි එහෙමවත් කරමු.

මහජනතාව ඉතා සතුටින්ම සිටින ලෝකයේ හොඳම රට ෆින්ලන්තය බව සංඛ්‍යාලේඛනවලින් කියයි. එසේ වීමට හේතුව නීතිය අකුරටම පිළිපැදීමය. එරට මහජනයා තම දේශපාලන නායකත්වයට සලකන්නේ දේවත්වයෙන්ලු.

මහජන මුදල් කාරකසභා නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් හොරාගෙ අම්මගෙන් පේන ඇසීමේ ක්‍රමය වළලා දමා නව ක්‍රමයක් රෝපණය කළ යුතුමය. ඒකට මේ උන්නැහේලා කිසි දිනෙක ඉඩ නොදෙන බවද සක්සුදක් සේ පැහැදිලිය.

මහජන මුදල් ගසාකා ඇති අන්දම පිළිබඳ මහජනයා දැනුවත් කිරීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික හඳුන්නෙත්ති මහත්තයා (ඔහුට ස්තුති වේවා) සභාපති ධුරය දැරූ සමයේ විශාල මෙහෙයක් කළ බවද කිව යුතුය. සමසමාජකාරයකු වූ ඩිව් ගූණසේකර මත්තයාද තම ශක්ති ප්‍රමාණය අනුව බර ඇද්දේය.

ඒ කරුණුවලින් නොකියා කියැවෙන කරුණ නම් ඔය කාරකසභා දෙකේ සභාපතිත්වය අනිවාර්යයෙන්ම විපක්‍ෂයේ කොන්ද ඇති කෙනකුට දීමෙන් මහජනයාට යහපතක් සිදුවන බවය. ජාත්‍යන්තර විගණන සිද්ධාන්තය ද එසේමය.

මොකක්fදා් එකක් කරන්න බැරි බවක් අපේ බන්දුල ගොයියා කීවේ “සයියගෙ පුතා වයියා ආවත් කරන්න බැරි බවය”. අපට කිව යුතුව ඇත්තේ සයියගෙ පුතා වයියා නොව, උගෙ මහ එකා වන අහවල් එකා ආවත් මේ යන ක්‍රමයෙන් නම් ගසාකෑම නවත්වන්න බැරි බවය.

මේ දේශපාලන කරණම්වල හැටි ස්වභාවයයි. අපට අසන්නට ගම්මු අසන ප්‍රශ්නයක් තිබේ.
ඇත්තටම මුන්ට පායන්නෙත් අපට පායන ඉරහඳ දෙකමද?

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඔක්කොටම වඩා භයානකයි මේක! රට තුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ඇති වෙලා! විපක්ෂනායක පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් ප්‍රකාශයක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.