මීට පෙර දැවැන්ත ලෙස පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසායක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස හය තුළ දළ වශයෙන් රුපියල් බිලියන 70ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
අලෙවිය සඳහා නව මිල ක්‍රමයක් හඳුන්වාදීමෙන් සහ නව මිලදී ගැනීමේ ක්‍රම හඳුන්වාදීමේ රජයේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට සංස්ථාව මෙලෙස ලාභයක් ලබා ගැනීමට සමත් වී ඇති බව දැනගන්නට ඇත.
“අපි මැයි අග වන විට බිලියන 60 ක ලාභයක් ලැබුවා. මෙය අපට ඓතිහාසික කාරණයක්. රාජ්‍ය ආයතනයක් මෙම අගය ගෙන ආ පළමු අවස්ථාව මෙය විය හැකියි. ජූනි මාසයේ සිට ඉපැයීම් සමඟ, පළමු මාස හය තුළ රුපියල් බිලියන 72 ක ලාභයක් ලබා තිබෙනවා” යැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
රජය තවදුරටත් සහනාධාර ලබානොදෙන බව භාණ්ඩාගාරය පසුගිය වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථවට සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දුන් අතර, පිරිවැය මත මිල නියම කරන ලෙස මෙම ආයතන දෙකටම නියෝග කළේය.










