• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

2020 එජාප දිනන ලකුණ

February 21, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
2020 එජාප දිනන ලකුණ
Share on WhatsAppShare on Facebook

අලියද, හංසයද, හදවතද පසුගිය කාලයේ නිතර නිතර අසන්න ලැබුණු වචන අතර ඔය වචන තුනත් නොඅඩුවම ඇහුණා. ඒ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමඟි ජනබලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ඉහත සඳහන් ලකුණු අතරින් කුමන ලකුණ යටතේද යන කතිකාවත් සමඟයි. ඇතැම් අවස්ථාවන්හි රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය අලියා ලකුණ ගැන කියද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය හදවත ලකුණ ගැන වැඩි බරක් තබා කතා කරනු දක්නට ලැබුණේය. කෙසේ නමුත් එම දෙපාර්ශ්වය අතර මධ්‍යස්ථ පිරිසක් හංසයා ලකුණ ගැන වැඩිපුර අවධානය යොමු කළ බවක් දක්නට ලැබිණි. තත්ත්වය එසේ වුවද මේ වන විට සමඟි ජනබලවේගය සිය ලකුණ ලෙස හංසයා ලකුණ තෝරාගෙන ඇති බවටත් වාර්තා වෙයි. ඇත්තට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානයට වඩාත්ම ගැළපෙන්නේ අලියාද, හංසයාද, හදවතද යන්න පක්‍ෂ විපක්‍ෂ කා අතරත් යම් කුකුසක් ඇතිව තිබෙනවාට සැකයක් නැහැ. එනිසාම අපි මේ සම්බන්ධව ලංකාවේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළෙමු. ඒ අනුව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි මහතාත්, සංජීව කුළුපනබණ්ඩාර මහතාත් කළ ජ්‍යොතිෂ විග්‍රහයයි මේ.
එක්සත් ජාතික පක්‍ෂය සන්ධාන ගතවීමේදී මැතිවරණ ජයග්‍රහණය සඳහා වඩාත්ම සුදුසු ලකුණ අලියාද, එහෙමත් නැත්නම් හංසයාද, හදවතද යන්න පසුගිය දිනවල සාකච්ඡා වෙමින් පැවතුණු අතර, පසුව හංසයා ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර ඇත.
මැතිවරණයකට ඉදිරිපත් වන දේශපාලන පක්‍ෂයකට, සන්ධානයකට සලකුණක් අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් එම සලකුණ මඟින් කිසියම් පක්‍ෂයක්, සන්ධානයක් අනෙකුත් පක්‍ෂවලින් වෙන්කර හඳුනා ගැනීමටය. යම්කිසි පුද්ගලයකුට වෙළෙඳ ව්‍යාපාරයකට මෙන්ම දේශපාලන පක්‍ෂයකටද නම් තැබීමේදී ජ්‍යොතිෂය මූලික කරගෙන එය කර ඇති බවට සාක්‍ෂි බහුලය. පෙර කළ නම් තැබීම උත්සවාකාරයෙන් සිදුකළ බවටද සාක්‍ෂි ඇත.
කිසියම් ව්‍යාපාරයකට, දේශපාලන පක්‍ෂයකට නමක් තැබීමේදී සලකුණක් තෝරා ගැනීමේදී එම ව්‍යාපාරයේ හෝ පක්‍ෂයේ පැවැත්ම, ප්‍රසිද්ධිය හා දියුණුවට යහපත් ලෙස බලපාන අයුරින් නම් තැබීම සලකුණ තෝරා ගැනීම සිදුකරනු ලැබේ.
මෙහිදී ජ්‍යොතිෂ විiාව පිළිගන්නා මූලිකවම සිද්ධාන්තය වන්නේ කිසියම් නමක් නිතර නිතර ශබ්ද කිරීමේදී එම නම යහපත් ලෙස යෙදී ඇති විට ශබ්ද කරන සෑම වාරයක් පාසාම පිටවන ශබ්ද තරංගවලට අදාළව වීම ව්‍යාපාරයට යහපත් වන ලෙස විශ්වයේ ශක්තිය බලවත් කිරීමයි.
මෙලෙසම කිසියම් නමක් ශබ්ද කිරීමේදී පිටවන ශබ්ද තරංග එම ව්‍යාපාරයට, දේශපාලන පක්‍ෂයට අහිතකර ලෙස යෙදී තිබුණහොත්, අදාළ ව්‍යාපාරයේ දේශපාලන පක්‍ෂයේ පරිහානිය, අප්‍රසිද්ධිය හා විනාශය ළඟා වනු ඇත. එලෙසම කිසියම් නමක හෝ සලකුණක අර්ථයක්ද තිබිය යුතුය.
එක්සත් ජාතික පක්‍ෂයේ සලකුණ අලියා ගැන සැලකීමේදී එය නිදහස් ශ්‍රී ලංකාව තුළ පැවතුණ ප්‍රබලතම දේශපාලන පක්‍ෂ සලකුණක් ලෙස සැලකිය හැකිය. අලියා ලකුණින් තරග වැදී ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැනි ප්‍රබල නායකයන් මෙරටට බිහි වූයේ එම සලකුණෙහි තිබෙන ප්‍රබලතාවය නිසාය.
නමුත් 2020 පැවැත්වීමට යන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් ඉදිරිපත් නොවන්නේ අලුතින් බිහිවන සන්ධානයේ ප්‍රබලයන්ගේ අදහස්වලට අනුවය.
සන්ධාන ගතවීමෙන් පසුව ඉදිරිපත්වන මැතිවරණය සඳහා හදවත සලකුණ ගැන අදහසක්ද ඉදිරිපත් කර තිබුණද, එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකුගේම ජන්ම පත්‍ර සමඟ හදවත සලකුණ සීහෙන්නේ නොමැති බව ජ්‍යොතිෂ විiාත්මකව සලකා බැලීමේදී පෙනෙන කරුණකි.
හංසයා සලකුණ සමඟ දැනට එක්සත් ජාතික පක්‍ෂයේ ඉහළ නිලතල දරන අය කිහිප දෙනකුගේම ජන්ම පත්‍ර හොඳින් සීහෙන බවක් පෙනෙන බැවින් මෙම අලියා, හදවත, හංසයා යන සලකුණු තුනෙන් වඩාත්ම උචිත සලකුණ හැටියට හංසයා තෝරා ගෙන තිබීම වඩාත්ම බුද්ධිමත් බව ප්‍රකාශ කළ හැකිය.

මෙවර මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු දේශපාලන සන්ධානයක් තරග වැදීමට නියමිතය. එය ‘සමඟි ජනබලවේගය’ ලෙස නම් කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නමෙහි මුලට යෙදී ඇති ‘ස’ අක්‍ෂරය අයත් වන්නේ සියාවස නැකැතේ දෙවැනි පාදයටයි. ‘සමඟි ජනබලවේගය’ නාමයෙහි මුල් අක්‍ෂරයද සියාවස නැකැතේ දෙවැනි පාදයට අයත් ‘ස’ යන්නයි. මුලට දේව ගණයද, නැවැත දේව ගණයද, අවසානයට සූර්ය ගණයද යෙදී ඇති බැවින් සමඟි ජනබලවේගය යනු ඉතාමත් සුබදායක නාමයකි. රාහුට අයත් කාර්යය වන්නේ පැතිරවීම හෙවත් ව්‍යාප්ත කිරීමයි. මේ අනුව ‘සමඟි ජනබලවේගය’ ඉතාමත් වේගයෙන් ජනතාව අතර ව්‍යාප්ත වනු ඇත.
සමඟි ජනබලවේගය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුත්තේ හදවත ලකුණ යටතේ බවට මුලදී ප්‍රකාශයට පත්වුණු නමුත් ඇතැම් දෙනාගේ මතය වූයේ අලියා ලකුණින් තරග කළ යුතු බවයි. අවසානයේ සියලු දෙනා හංසයා ලකුණට එකඟ වූ බවද කියැවෙයි.
අලියා ලකුණ එක්සත් ජාතික පක්‍ෂයට අයත් නිල ලකුණ වන අතර, වසර හැත්තෑවකට අධික කාලයක් පුරා ජනතාව අතර මුල්බැසගත් ලකුණකි. අලියා ලකුණ ජයග්‍රාහී ලකුණකි. එසේ වුවද පක්‍ෂ නාම මෙන්ම පක්‍ෂ ලකුණුද සෑම නායකයකුටම එක ලෙස ගැළපෙන්නේ නැත. ඇතැම් දේශපාලන පක්‍ෂ මෙන්ම ඒවාට අයත් ලකුණුද කාලයත් සමඟ ජනතාවගෙන් දුරස් වන අවස්ථාද වෙයි. එක්සත් ජාතික පක්‍ෂය නාමය මෙන්ම අලියා ලකුණද සජිත් ප්‍රේමදාස මහතාට විශිෂ්ට ආකාරයෙන් ගැළපෙන බවක් නොපෙනේ.
හදවත ලකුණ අක්‍ෂර විiාව අනුව සුබදායක ලකුණක් වන නමුත් එය ලකුණක් ලෙස භාවිත කිරීමේදී ශක්තිමත් බවක් හෝ ත්‍රිමාන ස්වරූපයක් ගන්නා බවක් නොපෙනේ.
හංසයා ලකුණ ජයග්‍රාහී ලකුණක් වන අතර, අක්‍ෂර විiාත්මකවද සුබදායක ලකුණකි. ‘ස’ අක්‍ෂරය අයත් වන්නේ ගුරු හිමි පුනාවස නැකැතේ තෙවැනි පාදයටයි. හංසයා යන්න අයත් වන්නේ චන්ද්‍ර ගණයටයි. එහි ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ යසසයි. පුනාවස නැකැත සියාවස නැකැතට සම්පත් කාණ්ඩයේ නැකැතකි. ඒ අනුව සමඟි ජනබලවේගය යන නාමයටද හංසයා ලකුණ ඉතාමත් යහපත්ය. ජයග්‍රහණය ඉලක්ක කරගෙන මැතිවරණයට තරග කිරීමේදී සුබදායක බලපෑමක් එමඟින් උදා වෙයි.
සමඟි ජනබලවේගය නාමයට අලියා ලකුණු කිසිම අයුරකින් නොගැළපේ. ‘අ’ අක්‍ෂරය රවි හිමි කැති නැකැතට අයත් අක්‍ෂරයක් වන අතර, කැති නැකැත සියාවස නැකැතට ඉතාමත් අසුබ නැකැතකි.
මේ අනුව දැනට එකඟත්වයට පත්ව තිබෙන හංසයා ලකුණ සමඟි ජනබලවේගයට ජයග්‍රාහී ලකුණක් බව කිව යුතුය.
කෙසේ වෙතත් ඉදිරි කාලය තුළ මෙම ලකුණ නැවැත වරක් වෙනස් වීමටද ඉඩ තිබේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ගම්පහ යකඩ ගැහැනියගේ අර්බුදයට මුල වූ ක්‍රීඩාපිටිය ‌හොයාගෙන ‘මව්රට’ යයි

Next Post

TABBOWA LAKE RESORT

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.