කොළඹ ඉඳන් අනුරාධපුරේ යන්න පාරවල් කිහිපයක්ම තියෙනවා. ඒත් ඒ අතරින් අනුරාධපුරේ යන්න ලේසිම හලාවත, පුත්තලම හරහා වැටිලා තියෙන පාරෙන් කියන එක තමයි ගොඩ දෙනෙක්ගේ අදහස. මේ වෙද්දී කටුනායක දක්වාම අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන්න පුළුවන්. ඒ හරහා ඒ මතය තවත් තහවුරු වෙලා තියෙනවා කිව්වොත් තමයි හරි.
“මව්රට” හොලිඬේ හරහා අපි හැමදාම කියන්නේ වෙනස් තැනක් ගැන. ඒක කියවන ඔබ දන්නවා. මේත් ඒ වගේ තැනක්. පුත්තලම් පාරෙන් ගමන ලේසි හින්දා වෙනදට අපි එක පිම්මට කොළඹ ඉඳන් අනුරාධපුරේටම යනවනේ. ඒත් වෙනස් අත්දැකීමකටත් එක්ක මේ පාර ඒ ගමන පොඞ්ඩක් වෙනස් කරන්න කැමැතිද? එහෙම කරන්න ඕන කියලා මේ සටහන කියෙව්වට පස්සේ නම් කොහොමත් හිතෙයි.
පුත්තලම පහුකරලා අනුරාධපුරය පැත්තට යද්දී මුලින්ම හම්බ වෙන වැව තමයි තබ්බෝව. එතැන ඉඳන් තමයි මුළු පරිසරයම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. පාර හරහා අලි මාරු වෙන බවට සංඥා කරපු පුවරු අඩියෙන් අඩියට දකින්න ලැබෙන්නෙත් මේ හරියෙදි තමයි. අන්න ඒ තබ්බෝව වැව ඉස්මත්තේ පිහිටි වෙනස්ම විදියේ සුන්දර නවාතැනක් ගැනයි අපි මේ කියන්නේ. ඒ තමයි TABBOWA LAKE RESORT හරියටම කියනවානම් පුත්තලමේ ඉඳන් එද්දී තබ්බෝව වැව පටන් ගන්න කෙළවරේම තමයි මේ අපූරු නවාතැන පිහිටලා තියෙන්නේ.
හිතාගන්නවත් බැරි තරමටම මිල ගණන් අඩු වීම තමයි මෙතැන තියෙන විශේෂත්වය. සාමාන්‍ය මට්ටමේ අයකුට වුණත් දරන්න පුළුවන් තරමේ ඒ මිල ගණන් හරිම සාධාරණයි. හැබැයි එහෙමයි කියලා TABBOWA LAKE RESORT ලබා දෙන සේවය නම් පොඞ්ඩක්වත් අඩුවක් නැහැ. මිල ගණන් වලට සාපේක්ෂව ඒ සේවය ඉතාමත් ඉහළයි.
තබ්බෝව වැවට මුහුණලා ඉදි කරලා තියෙන සුවපහසු කාමරවල ඉඳන් වැව දිහා බලන් ඉන්න එක වෙනමම අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි වැව දිහා බලාගෙන වැවට සමාන්තරව ඉදි කෙරුව සුවපහසු නාන තටාකයේ පිහිනන එකත් වෙන තැනකදී ලබන්න බැරි අමුතුම අත්දැකීමක්. වැව අයිනේම ඉදිවෙලා තියෙන හින්දා හිතේ හැටියට වැවේ සිරි නරඹන්න වෙනමම භූමියක් TABBOWA LAKE RESORT සතුව තියෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාව වෙනස්ම විදියට ගන්න කැමැති කෙනකුට අවශ්‍ය පහසුකම් පවා TABBOWA LAKE RESORT සතුව තියෙනවා. මේ හැම දෙයක් සඳහාම ප්‍රණීත ආහාර පාන සපයන පළපුරුදු සූපවේදීන්ගේ සේවාවත් අති විශිෂ්ටයි.
වෙන වැඩි විස්තර මොකටද? වෙලාවක් ලැබුණු ගමන්ම ගිහින් එන්න යන්න. ඉක්මන් කළොත් “මව්රට”ට ආදරය කරන ඔබට TABBOWA LAKE RESORT වෙතින් සුවිශේෂී වට්ටමක් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ හින්දා මේ ගමන යන්නත් පරක්කු වෙන්න එපා.