• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

TABBOWA LAKE RESORT

February 22, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
TABBOWA LAKE RESORT
Share on WhatsAppShare on Facebook

කොළඹ ඉඳන් අනුරාධපුරේ යන්න පාරවල් කිහිපයක්ම තියෙනවා. ඒත් ඒ අතරින් අනුරාධපුරේ යන්න ලේසිම හලාවත, පුත්තලම හරහා වැටිලා තියෙන පාරෙන් කියන එක තමයි ගොඩ දෙනෙක්ගේ අදහස. මේ වෙද්දී කටුනායක දක්වාම අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන්න පුළුවන්. ඒ හරහා ඒ මතය තවත් තහවුරු වෙලා තියෙනවා කිව්වොත් තමයි හරි.

“මව්රට” හොලිඬේ හරහා අපි හැමදාම කියන්නේ වෙනස් තැනක් ගැන. ඒක කියවන ඔබ දන්නවා. මේත් ඒ වගේ තැනක්. පුත්තලම් පාරෙන් ගමන ලේසි හින්දා වෙනදට අපි එක පිම්මට කොළඹ ඉඳන් අනුරාධපුරේටම යනවනේ. ඒත් වෙනස් අත්දැකීමකටත් එක්ක මේ පාර ඒ ගමන පොඞ්ඩක් වෙනස් කරන්න කැමැතිද? එහෙම කරන්න ඕන කියලා මේ සටහන කියෙව්වට පස්සේ නම් කොහොමත් හිතෙයි.

පුත්තලම පහුකරලා අනුරාධපුරය පැත්තට යද්දී මුලින්ම හම්බ වෙන වැව තමයි තබ්බෝව. එතැන ඉඳන් තමයි මුළු පරිසරයම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. පාර හරහා අලි මාරු වෙන බවට සංඥා කරපු පුවරු අඩියෙන් අඩියට දකින්න ලැබෙන්නෙත් මේ හරියෙදි තමයි. අන්න ඒ තබ්බෝව වැව ඉස්මත්තේ පිහිටි වෙනස්ම විදියේ සුන්දර නවාතැනක් ගැනයි අපි මේ කියන්නේ. ඒ තමයි TABBOWA LAKE RESORT හරියටම කියනවානම් පුත්තලමේ ඉඳන් එද්දී තබ්බෝව වැව පටන් ගන්න කෙළවරේම තමයි මේ අපූරු නවාතැන පිහිටලා තියෙන්නේ.

හිතාගන්නවත් බැරි තරමටම මිල ගණන් අඩු වීම තමයි මෙතැන තියෙන විශේෂත්වය. සාමාන්‍ය මට්ටමේ අයකුට වුණත් දරන්න පුළුවන් තරමේ ඒ මිල ගණන් හරිම සාධාරණයි. හැබැයි එහෙමයි කියලා TABBOWA LAKE RESORT ලබා දෙන සේවය නම් පොඞ්ඩක්වත් අඩුවක් නැහැ. මිල ගණන් වලට සාපේක්ෂව ඒ සේවය ඉතාමත් ඉහළයි.

තබ්බෝව වැවට මුහුණලා ඉදි කරලා තියෙන සුවපහසු කාමරවල ඉඳන් වැව දිහා බලන් ඉන්න එක වෙනමම අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි වැව දිහා බලාගෙන වැවට සමාන්තරව ඉදි කෙරුව සුවපහසු නාන තටාකයේ පිහිනන එකත් වෙන තැනකදී ලබන්න බැරි අමුතුම අත්දැකීමක්. වැව අයිනේම ඉදිවෙලා තියෙන හින්දා හිතේ හැටියට වැවේ සිරි නරඹන්න වෙනමම භූමියක් TABBOWA LAKE RESORT සතුව තියෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාව වෙනස්ම විදියට ගන්න කැමැති කෙනකුට අවශ්‍ය පහසුකම් පවා TABBOWA LAKE RESORT සතුව තියෙනවා. මේ හැම දෙයක් සඳහාම ප්‍රණීත ආහාර පාන සපයන පළපුරුදු සූපවේදීන්ගේ සේවාවත් අති විශිෂ්ටයි.

වෙන වැඩි විස්තර මොකටද? වෙලාවක් ලැබුණු ගමන්ම ගිහින් එන්න යන්න. ඉක්මන් කළොත් “මව්රට”ට ආදරය කරන ඔබට TABBOWA LAKE RESORT වෙතින් සුවිශේෂී වට්ටමක් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ හින්දා මේ ගමන යන්නත් පරක්කු වෙන්න එපා.

SendShareShare
Previous Post

2020 එජාප දිනන ලකුණ

Next Post

මහින්දගේ සිංහල ‌බෞද්ධ ගම සජිත් ‌හෙල්ලුවාද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.