එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොඩි මිනිසාට බදු ගසා පෝසතුන්ට බදු සහන දුන්නා සේ වත්මන් ආණ්ඩුවත් පොඩි ජනතාවගේ අරමුදල්වලට අත තබා පෝසතුන්ට සහන දීමට කටයුතු කරන බව හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
වර්තමානය වන විට ණය ප්‍රතිව්‍යුගත කරණය පිළිබඳ ජනතාව අතර ප්‍රශ්නයක් ඇතිවෙලා. එය කරන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්න පැන නැගිලා. මේ ආණ්ඩුව තමයි රට විනාශ කළේ. ජනතාවගේ ආදායම් තත්ත්වයන් නැති කල මේ ආණ්ඩුවට කිසිසේත්ම බලයේ ඉන්න වටිනාකමක් නැහැ.
මේ ආණ්ඩුව තමයි දැන් විදේශ ණය ප්‍රතිව්‍යුගත කරන්නේ ඒ සමානවම දේශීය ණය ප්‍රතිව්‍යුගත කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් මත කියලා වැඩසටහන ක්‍රියාත්මක කරන්න හදනවා හැබැයි අපට දැන් තේරෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දීපු එකක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ආණ්ඩුව උපදෙස් දීලා තියෙනවා අපි දේශීය ණය ප්‍රතිව්‍යුගත කරනවා කියලා මේක කරන්න යන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොහොට්ටුවේ ආණ්ඩුව පිහිටවපු වෙලාවේ බදු අඩු කරලා රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ වෙනුවට තමුන්ගේ වටේ ඉන්න සල්ලි කාර හෙන්චයියන් ආරක්ෂා කරන්න ඒ අයට බදු සහනයක් දුන්නා ඒ බදු සහනය සාක්කුවේ දාගෙන ජනතාවට සහනයක් ලබා දෙන්න කටයුතු කළේ නැහැ ඒ මිනිස්සු එක පැත්තකින් වාසිය ලබනවා නමුත් රටේ අහිංසක ජනතාවත් එක්ක රටම විනාශ කරල අද ඒකෙ දෙවැනි අදියර ක්‍රියාත්මක වෙනවා පැහැදිලිව දුප්පත් අහිංසක මිනිසුන්ගේ කම්කරුවාගේ අර්ථසාධක අරමුදලට අත තියෙන ගමන් රටේ බැංකු පද්ධතියටත් පෞද්ගලික ආයතන ටිකට ප්‍රශ්න ඇති කරලා. හැබැයි එක කණ්ඩායමකට ප්‍රශ්න ඇති කරලා නැහැ ඉරක් ගහලා නැති බැරි මිනිස්සු සහ ඇති හැකි අය කියලා එහිදී ඇති හැකි අය අවශ්‍යයි ඉදිරි ඡන්ද ව්‍යාපාරයට ඒ අයව සම්පූර්ණම නිදහස් කරලා අත තියලා තියෙන්නෙ අර්ථසාධක අරමුදලට එහි ප්‍රශ්න රාශියක් මේ වෙනකොට ඇති වෙලා.










