• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතර පුංචි කටුමැටි ඉස්කෝලෙන් A-9ක් අරන් ලක්ෂපතියට එන පුංචි කෙල්ල නිසංසලා I Sri Lanka Latest News

July 3, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔයා රටට දුන්නු පණිවුඩය කෝටියක් වටිනවා…

අපේ රටේ රජයේ පාසල් දහස් ගණනක් තියෙනවා. ඒ අතරින් දරුවන්ට අවශ්‍ය පහසුකම් ඉතා අවම දිළිදු පාසල් කොයි තරම් තියෙනවාද කියලා කොළඹින් ඔබ්බට ගිහින් බැලුවොත් අපට දැකගන්න පුළුවන්.(Sri Lanka Latest News)

කොළඹ දරුවන්ට හැම පහසුකමක්ම තිබිලත් අඩුම තරමේ සාමාන්‍ය පෙළ විභාගයවත් හරියට සමත් වෙන්නේ අඩු ප්‍රතිශතයක්. කතාවටත් කියන්නේ ‘කොළඹට කිරි ගමට කැකිරි’ කියලා. ඒත් දරුවන්ගේ උනන්දුව තියෙනවා නම් ගමේද නගරයේද කියලා නැහැ, කොහේ හිටියත් ඉගෙනගන්න දරුවන් ඉගෙන ගන්නවා.

පසුගියදා සමාජ මාධ්‍යයෙන් අපට අනාවරණ වුණේ කටුමැටි බිත්ති සහිත ඉතා අඩු පහසුකම්වලින් යුත් පාසල් දෙකක් පිළිබඳවයි. ඉන් එක් පාසලක් පිළිබඳ අනාවරණ කර තිබුණේ සිරස රූපවාහිනියේ ලක්ෂපති වැඩසටහනට පැමිණි නිසංසලා ගමාච්චි නමැති දැරිය විසිනුයි.

ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ක් ලබාගෙන තිබුණේ කටුමැටි ගැසූ බිත්ති සහිත දුෂ්කර පාසලක් වූ මාතර අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලයෙනි. නිසංසලා දැරියගේ ඒ අභියෝගාත්මක ජීවිතය, අනෙකුත් දුෂ්කර පාසල්වල ඉගෙනගන්නා දරුවන්ටත් ආදර්ශයක් ගෙන දෙන නිසා ඒ කතාව මෙලෙස ඔබ වෙත ගෙන එන්නට මට සිත්විය.

නිසංසලා සා/පෙළ විභාගයට මුහුණ දී තිබුණේ 2018 අවුරුද්දේ. ඇය පසුගියදා සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණ ඇගේ පාසලේ සුන්දර මතකය පිළිබඳ මෙලෙස මතකය අවදි කළා.

‘මම මේ වැඩසටහනට ආවේ මාතර පොඩි ලස්සන ගමක ඉඳලා. එහි ලස්සන පරිසරයක් තියෙනවා. ලස්සන මිනිස්සු ඉන්නවා. ගමේම අය ගෙදර අය වගේ. මම O/Level වෙනකල් ගියේ මාතර අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලයට.

ඒ පාසලට මම හරි ආසයි. මම ඒ ගමටත් හරිම ආදරෙයි. ගමේ ජීවිතය විඳිනවා. ඒක මට හරි සතුටක්. අපේ ගෙදරට යන්න තියෙන්නේ එක පැත්තකින් ඇළක්, අනෙක් පැත්තෙන් කුඹුරක් මැදින් වැටුණු පොඩි ගුරුපාරකින්. ඒත් නාගරික මිනිස්සු ජීවත්වෙන්නේ කොන්ක්‍රීට් වනාන්තරවල. අපේ පන්තිය හදලා තියෙන්නේ මැටිවලින් දඩුමුගුරුවලින් වටකරලා.

ළමයි ගෙදරින් සාරි ගේනවා පන්තිය ලස්සන කරන්න. ඒ, වහලෙන් කුඩු වැටෙනවාටයි රස්නේ අඩුවෙන්නයි. අපිට ඒ.සී. නැහැ. ඒ.සී. වෙනුවට තමයි ඒ සාරි එල්ලලා තියෙන්නේ හුළඟ එන්න. වහින දවස්වලට පන්තිය තෙමෙනවා. හැමදාම උදේට පන්තිය සෝදන්න ඕනේ.

අපි වැස්ස දවසට හරි ආසයි. මොකද එදාට උගන්වන්නේ නැති නිසා. අපේ පාසලේ තමයි ඒ 9 තුනක් සහ ඒ අටයි බී එකයි තිබුණේ. නගරාසන්න එක පාසලකවත් ඒ 9ක් තිබුණේ නැහැ. ළමයි 21ක් O/Level විභාගයට මුහුණ දුන්නා. ඒ 21 දෙනාටම උසස් පෙළ කරන්න සුදුසුකම් ලැබුණා.

මේ පාසලේ ගුරුවරුත් මාර විදියට මහන්සි වුණා. එයාලා උදේ උගන්නලා හවසත් අපිට නොමිලේම ඉගැන්නුවා. මම උසස් පෙළට නගරේ ඉස්කෝලෙට ගියත් මම තාමත් ආදරේ ගමටයි…’ මේ දැරිය ලක්ෂපති වැඩසටහනේදී ඒ අත්දැකීම පිළිබඳ ප්‍රකාශ කළේ ඉතා නිහතමානී සතුටකින්. ඇය කවදාවත් ඒ ජීවිතය පරිසරය දුෂ්කරයි කියලා හිතුවේ නැහැ. ඇය ඒ ජීවිතය දැක්කේ සතුටෙන්.

නිසංසලා දැරිය නාරන්දෙණිය ජාතික පාසලේ උසස් පෙළ විභාගයට 2022 වර්ෂයේ පෙනීසිට විශිෂ්ට සාමාර්ථ 3ක් ලබාගත් අතර, ඇය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ Bio System Technology ජෛව තාක්ෂණවේදය විෂය හදාරමින් සිටින්නීය.

සමහර දරුවන්ට සැප සම්පත් තිබිලත් ඉගෙන ගන්නේ නැහැ. විවිධ විෂමාචාර ක්‍රියාවන්ට ගොදුරු වෙන බව අද සමාජයේ විවිධ පුවත් තුළින් දැකගන්න ලැබෙනවා. මවුපියන්ගේ මග පෙන්වීම ආදර්ශය ගිලිහුණු විට දරුවන්ගේ මුළු අනාගතයම අඳුරු වෙනවා. නගරයේ ඉගෙන ගත්තත් ගමේ ඉගෙන ගත්තත් ගුරුවරුන්ගේ සහ මවුපියන්ගේ අවධානය දරුවන් කෙරෙහි යොමුවෙනවා නම් දරුවන් යහමඟට යොමු වන බව අපට වැටහෙනවා.

ඇත්තෙන්ම මෙවැනි කැපවීමෙන් කටයුතු කරන ගුරුවරුන් ලැබූ මේ දරුවන් හරිම වාසනාවන්තයි. මෙවන් දරුවන් ලද ගුරුවරුන්ද භාග්‍යවන්තයි. ඒ දරුවන් පරිසරයට ගහටකොළට සතා සිවුපාවාට මිනිස්සුන්ට ආදරේ කරනවා.

අද බොහෝ දරුවන් මානසික ආතතිය නිසා ජීවිතය විනාශ කරගන්නේ ඔවුන් පරිසරය ගහකොළට ආදරයක් නොකරන යන්ත්‍ර බවට පත්ව ඇති නිසායි. නාගරික පරිසරයේ හැදෙන වැඩෙන බොහෝ දරුවන්ව ඔවුන්ගේ මවුපියන් දවස උදාවෙද්දීම ටියුෂන්වලට යොමුකරනවා.

දරුවන්ට සෙල්ලම් කරන්න, පරිසරය විඳින්න වෙලාවක් නැහැ. අපිට දැකගන්න ලැබෙන්නේ ඒ පුංචි දරුවන්ගේ හිත් යන්ත්‍ර මෙන් ක්‍රියා කරන්නට හුරුවී ඇති ස්වභාවයක්.

මෙවැනිම තවත් පාසලක් පිළිබඳ අපට තොරතුරු වාර්තා වුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර කලාපයක් වන මහසෙන්පුර ප්‍රදේශයෙන්. එහි පිහිටි පරණ මැදවච්චිය විද්‍යාලයේ බොහෝ ගොඩනැගිලිද සකසා තිබෙන්නේ මැටි සහ දඬුමුගුරුවලින්.

ඒ දරුවන්ව පහසුකම් වැඩි නගරයේ පාසල්වලට යැවීමට තරම් මවුපියන්ට වත්කමක් නැහැ. ප්‍රවාහන පහසුකම් සලසා ගන්න ගමේ බස් රථ සේවාවක් නැහැ. මිනිස්සු කිලෝමීටර ගණන් දුර ගමන් කරන්නේ පා ගමනින්. වෙළෙඳ සලක් නැහැ. පානීය ජලය සොයාගන්නත් බොහෝ දුරක් යායුතුයි.

මේ දුෂ්කරතා නිසාමයි ප්‍රදේශයේ මවුපියන් එකතුවෙලා මැටියෙන් ශාලාවක් හදලා තමන්ගේ දරුවන්ට අකුරු කරන්න තැනක් හදලා දීලා තියෙන්නේ. මේ දුෂ්කර පාසල පිළිබඳ විදුහලේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිඳු හර්ෂණ අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

‘මම කලින් ඉගෙනගත්තේ රුවන්පුර විදුහලේ. අපි ඉන්න ගමේ ඉඳලා රුවන්පුර ගමට ගොඩක් දුරයි. ප්‍රවාහන පහසුකම් හරි අඩුයි. අපේ අම්මලාට තාත්තලාට වියදම් කරන්න සල්ලි නැහැ. ඉතින් අපි දැන් ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පතිනිය මවුපියන් ගුරුවරුන් සමග එකතුවෙලා අපට ඉගෙනුම ලබන්න ශාලාවක් හදලා දුන්නා. අපට උගන්වන ගුරුවරු ස්වේච්ඡා ගුරුවරු. අපට ඉගෙනගන්න පොත්පත් පෑන් පැන්සල් නැහැ. පුළුවන් නම් අපි වෙනුවෙන් උදව්වක් කරන්න කියලා ඉල්ලා සිටිනවා….’

මෙම පාසලේ විදුහල්පතිනිය පාසලේ පවතින අඩුපාඩු සහ දුෂ්කරතා පිළිබඳ පූජ්‍ය බලපිටියේ රතනානන්ද ස්වාමින්වහන්සේ වෙතද ලිපියක් යොමුකර තිබුණා. එහි සඳහන්ව තිබුණේ, පරණ මැදවච්චිය විද්‍යාලය 1949.05.04 වැනිදා ආරම්භය කළ බවත්, සාමාන්‍ය පෙළ දක්වා පැවැති පන්ති, එවක ක්‍රියාත්මක වූ යුද වාතාවරණය හේතුවෙන් පස්වැනි ශ්‍රේණිය දක්වා සීමාකළ බවත්ය.

ගම්වාසීන් ගෙවල් දොරවල් හැර යෑමත්, පිට පළාත්වලින් ගුරුවරුන් මේ පාසලට පැමිණීමට දැක්වූ අකැමැත්තත් නිසා පාසල පරිහානියට පත්වූ බවද විදුහල්පතිනියගේ ලිපියෙහි සඳහන් විය. එසේම මේ වන විට යුද්ධය අවසන්ව තිබීම හේතුවෙන් සාමකාමී වටපිටාවක් පවතින බැවින් පහ වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති ආරම්භ කළ හැකි බවත්, පවතින ගුරු හිඟයට සහ පහසුකම් හිඟයට පිළියම් යොදන ලෙසත් විදුහල්පතිනියගේ ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් කොයි තරම් ඉන්නවද? දේශපාලනඥයන් කොයි තරම් ඉන්නවද? පාර්ලිමේන්තුව ඇතුළේ පුහු තර්ක විතර්කවල දවස් ගණන් ඔවුන් පැටලෙමින් ඉන්න ආකාරය අපි නිතරම දකිනවා. නමුත් මෙවැනි දුෂ්කර පාසලක් වෙනුවෙන් අවංකව යමක් කරන්න ඔවුන්ට උවමනාවක් නැත්තේ ඇයි? ඔවුන්ට මේවා නොපෙනෙන්නේ ඇයි?

මේ පුංචි එවුන්ගේ ඇස් පාදන්න හැකි හැමෝම උපකාර කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ දරුවනුත් ආසයි හෙට දවසේ යහපත් පුරවැසියන් විදියට මේ ගමෙන් එළියට එන්න. ඔවුන්ට හරි හැටි පුටුවක්වත් මේසයක්වත් නැහැ. මේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡා ගුරුවරුන් හතරදෙනෙකු කිලෝමිටර 30ක දුරක් ගෙවාගෙන පාසලට පැමිණෙන්නේ දහසක් අපහසුතා මැදයි.

මුදලට යටවෙන සමාජයක් තුළ කිසිදු දීමනාවක් නොලැබ දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට ඔවුන් උත්සාහ දරනවා. දරුවන් 80ක් අධ්‍යාපනය ලබන මේ පාසලට ඔබේ උදව් ඇවැසි මොහොතක් බව සිතා උපකාර කිරීමට කැමැති නම් (පරණ මැදවච්චිය විද්‍යාලය, මැදවච්චිය, මහසෙන්පුර යන ලිපිනයෙන් විමසීමක් කරන ලෙස ‘මව්රට’ පාඨක ඔබෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.

ජීවිතය විඳින්න දරුවන්ට උගන්වන්න. ජීවිතය කියන්නේ සල්ලිම නෙවෙයි. අභියෝග ඉදිරියේ ජීවිතය ජයගන්න දරුවන්ට උගන්වන්න. දරුවන්ට සමාජය ඉදිරියේ පරාජිතයකු ලෙස පෙනී සිටින්න හුරුකරන්න එපා. වැටෙන හැම අවස්ථාවකම නැගිටින්න ඔවුන්ට උගන්වන්න. දුක සැප දෙකටම දරුවන් හුරු කරන්න.

එසේම මවුපියන්ගේ ආදර්ශය දරුවන්ට යහපත් ජීවිතයක් උදාකරන බව මවුපියන් හිතට ගැනීම වැදගත්ය. හෙට දිනයේ යහපත් දරු පරපුරක් සමාජයට රටට බිහිකිරීම සඳහා මවුපියන්ටද සුවිශාල කාර්යභාරයක් පැවරී ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

යාපනයේ පුංචි කෙල්ල ‘කිල්මිෂා’ තමිල්නාඩුවම හොල්ලයි! විනිසුරුවරුත් හොල්මන් වෙයි! වේදිකාවටම ඇවිත් සුබ පතයි! කොහොමද කටහඬ! VIDEO I Sri Lanka Latest News

Next Post

නාමල් පොහොට්ටුවත් එක්ක ගාල්ලේ සහ හිනිදුම! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.