• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

හරීන්ට ගාමිණී වෙන්න බැරිවුණේ ඇයි?

August 22, 2019
in Sports
Reading Time: 1 min read
A A
හරීන්ට ගාමිණී වෙන්න බැරිවුණේ ඇයි?
Share on WhatsAppShare on Facebook



යහපාලන රජයේ ක්‍රීඩා ඇමැති ධුරය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව හරීන් ප්‍රනාන්දු මහතා මුල් වරට ප්‍රකාශ කළේ මීට වසර දෙකකට පමණ පෙර බදුල්ලේ පැවැති ක්‍රීඩා උත්සවයකදීය. නමුත් ක්‍රීඩා ඇමැති ධුරය හරීන් ප්‍රනාන්දු මහතාට හිමිවන්නේ යහපාලන රජය ආරම්භ වී වසර 03කුත් ඉක්ම යෑමෙන් පසුවය. හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැති ධුරය භාරගත්තේ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ අභාග්‍යසම්පන්නම කාල වකවානුවේදී යැයි කිවහොත් එහි වරදක් නැත. නමුත් වසර ගණනක් බලාසිටි ක්‍රීඩා ඇමැති ධුරය භාරගැනීමෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩාවට දැනෙන යමක් කරනු ඇතැයි යන්න සෑම දෙනාගේම බලාපොරොත්තුව විය. සුවහසක් ජනතාව තුළ එවැනි අහිංසක බලාපොරොත්තුවක් ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩකයකු වීමය.

ක්‍රීඩා 64ක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වී තිබුණද, මෙරට ජනතාව ආදරය කරන ආගමක් බඳු ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවය. අනෙක් ක්‍රීඩා කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙද්දී එය කෙළින්ම දැනෙන්නේ ජනතාවගේ හදවතටය. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමට ඉඩ නොදෙමින් එය ආරක්ෂා කරගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා වෙත විශාල වගකීමක් ඇත. හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැති ධුරය භාරගනු ලැබූ අවස්ථාවේ සෑම දෙනාගේම විශ්වාසය වූයේ ඔහු වැටී ඇති ආගාධයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගනු ඇති බවය. කොටින්ම හරීන් ප්‍රනාන්දු මහතා හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ චරිතයට පණ පොවනු ඇති බව සෑම දෙනාගේම බලාපොරොත්තුව විය. ක්‍රීඩා ඇමැති ධුරය භාරගත් දිනයේ සිටම හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටීමට “දැන් ඉරිදා මව්රට” පුවත්පත හරහා අප කටයුතු කළේද ඒ විශ්වාසය නිසාය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බිලිගත් සූදු මාෆියාවට කිසි විටෙකත් හරීන් ප්‍රනාන්දු නමැති ජව සම්පන්න ක්‍රීඩකයා නම්මවාගත හැකි නොවෙතැයි යන දැඩි විශ්වාසය අප සතුව විය.
නමුත් ඒ බලාපොරොත්තු සුන් කරමින් මෙරට ජනතාවගේ හදවත බඳු ක්‍රිකට් ක්‍රීඩාව තව දුරටත් විනාශ කිරීමට ඉඩදී ක්‍රීඩා ඇමැතිවරයා බලා සිටීම තව දුරටත් අනුමත කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත. ඒ පිළිබඳ විමසූ සෑම අවස්ථාවකම ඇමැතිවරයා ප්‍රකාශ කළේ වෝහාරික විගණන වාර්තාව ලැබෙන තෙක් තමන්ට කිසිවක් කළ නොහැකි බවය. එම වාර්තාව ලැබුණු සැණින් තමන් ඊට අවශ්‍ය නිසි පියවර ගන්නා බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දැන් වාර්තාව ලැබී ඇත. නමුත් දූෂිත පරිපාලනයට එරෙහි කිසිදු පියවරක් ගැනීමට ඇමැතිවරයා කටයුතු කර නැත. පියවර ගන්නා බවක්ද පෙනෙන්නට නැත. වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා මුලින් ප්‍රකාශ කළත්, බොහෝ දෙනාගේ විරෝධය හමුවේ එය හකුළා ගැනීමට ඇමැතිවරයා තීරණය කර ඇත.
වෝහාරික විගණන වාර්තාව ලැබුණු විගස ඇමැතිවරයා කළ යුතුව තිබුණේ වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බව බොහෝ දෙනාගේ අදහස විය. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එහි අඩංගු තොරතුරු ජනතාවට දැනගැනීමේ අවස්ථාවද උදාවනු ඇත. නමුත් එය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා කටයුතු කර නැත. අඩුම තරමේ එය අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටවත් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කටයුතු කර නැත. ගාමිණී දිසානායක චරිතයට පණ පොවනු ඇතැයි බලාපොරොත්තු තැබූ හරීන් ප්‍රනාන්දු මහතා මේ ආකාරයෙන් කටයුතු කරන්නේ මන්දැයි යන්න දැන් හැම දෙනාටම ගැටලුවක් වී ඇත. සැබැවින්ම හරීන් ප්‍රනාන්දු මහතා මේ ආකාරයෙන් කටයුතු කරතැයි යන්න පිළිගැනීමද බොහෝ දෙනකුට අපහසු වී ඇත.

හරීන් ප්‍රනාන්දු මහතා සමඟ කිසිදු දේශපාලනික හෝ පෞද්ගලික තරහක් අපට නැත. නමුත් මෙතරම් බලාපොරොත්තු තැබූ ඇමැතිවරයකු මේ ආකාරයෙන් ක්‍රියා කරන විට ඉන් නැඟෙන වේදනාව අපේ හිත්වලටද දැනෙමින් ඇත. වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිලිගත් සූදු මාෆියාවට හසු වූ සහ එයට හසු නොවූ මෙරට ක්‍රීඩා ඇමැතිවරුන් පිළිබඳ තොරතුරු අප මීට පෙර පැහැදිලිව ඉදිරිපත් කර ඇත. රටේ සමස්ථ ජනතාව සේම අපද බලාපොරොත්තු වූයේ හරීන් ප්‍රනාන්දු මහතාගේ නමද සූදු මාෆියාවට හසු නොවූ ක්‍රීඩා ඇමැතිවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත් ඇති වනු ඇතැයි කියාය. නමුත් එය එසේම වේදැයි යන්න දැන් සැක සහිතය. ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉල්ලීමක් අනුව බදුල්ලේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර ඇති බවද වාර්තා වූයේ මේ අතරතුරේය. ක්‍රීඩා ඇමැතිවරයකු ලෙස තමාගේ නම ඇතුළත් විය යුත්තේ ඉහත ලැයිස්තුවෙන් කුමකටද යන්න තීරණය කළ යුත්තේ හරීන් ප්‍රනාන්දු මහතාමය. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව බේරාගෙන එය ජනතාවගේ ක්‍රීඩාවක් බවට පත්කිරීමේ අවස්ථාව තවමත් ඇමැතිවරයාට ඇත. ඒ හරහා ගාමිණී දිසානායක මැතිඳුන්ට පසු මෙරට බිහිවූ දක්ෂතම ක්‍රීඩා ඇමැතිවරයා බවට පත්වීමේ අවස්ථාවද ප්‍රනාන්දු මහතාට තවමත් ඇත. නමුත් ඒ සඳහා තවත් වැඩි කාලයක් නැත. හැමදාම කියන පරිදි අදත් කීමට ඇත්තේ එකම දෙයමය. “ඇමැතිතුමනි, තීරණය ඔබ අතේය.”



SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කල් ඉල්ලයි

Next Post

පළමු දිනයට වර්ෂාවෙන් බාධා

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.