දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදලට ආණ්ඩුව අත තබා ඇති බැවින් ඊට කිසිසේත්ම එකග විය නොහැකි බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News
අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පරක්කු වෙලා යන වෙලාවේ කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියලයි කිව්වේ.
දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න පාර්ලිමේන්තුවට දාලා තිබෙනවා.
සෙනසුරාදා ඉරිදා පාර්ලිමේන්තු කැදවලා.
මේකේ අරමුණ පක්ෂ ඇතුලේ තියන ප්‍රශ්න විසදාගැනීමයි.
සේවක අර්ථසාධක අරමුදලට අත තියපු බවක් පේනවා.
අර්ථසාධක අරමුදලට අත තියන එකට අපි විරුද්ධයි.මේ හරහා සේවකයින් ගැටලුවට පත් වෙනවා.මේකට අපිට එකග වෙන්න බෑ.
කොටස් වෙලද පොලට අත තියලා තිබෙන නිසා අපිට මේකට සහය දෙන්න බෑ.
පසුගිය කාලයේ බොන්ඩ් ඉහල ගිය නිසා මේ රටේ ධන කුවේරයන් ආයෝජනය කර තිබෙනවා.ඒ අයගේ ආදායම අඩු වෙන්නේ නෑ.
අර්ථසාධක අරමුදල කියන්නේ සංරක්ෂණ අරමුදලක්.අවශ්‍යතාවය තිබුනා නම් මේකට අත නොතියා මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න තිබුනා.
සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට අපි එකග නෑ.
මහ බැංකු අධිපති ඊයේ කල ඉදිරිපත් කිරීමට අනුව පොලිය අඩු කර තිබෙනවා.
ආයෝජන කරන සේවකයාට 9% ක් ලැබෙන්නේ නෑ.ඒක තව දුරටත් අඩු වෙනවා.
මේ රටේ ධනකුවේරයන් දාපු බොන්ඩ් වලට පොලිය අඩු කරලා නෑ.
මහබැංකු අධිපතිට ඕනෑ නම් මේ රට කඩන් වැටුනොත් ඕස්ට්‍රේලියාවට යාවි.ඒත් මේ රටේ සාමාන්‍ය ජනතාවට එහෙම බැහැ.
මේක පැහැදිලිව IMF යෝජනාවක් නෙවෙයි.මේක අපි පැනලා දීපු එකක්.
මේ හදන්නේ දේශපාලන අර්බුදයක් ඇති කරන්නයි.
අස්වැසුම හරහා පොහොට්ටුවේ කාඩර් එකට සමෘද්ධිය ලබාදීලා තිබෙනවා.
නුසුදුස්සන්ට මේක ලබා දීමට අපි විරුද්ධයි.සුදුස්සන්ට මේක ලබා දිය යුතුයි.
හැමදාම නිකන් කන්න දෙන්න බෑ.
හැමදේම චන්දෙකින්ම විසදන්න ඕන කියලා අපි කියන්නේ නෑ.මහජන පීඩනය එල්ල කර හෝ උසාවි ගිහින් කරන්න පුලුවන් දේවල් ඕනෑ තරම් තිබෙනවා.










