මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මුදල් කමිටු රැස්වීමට සහභාගී වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
අද දින මුදල් කමිටුවේදී ප්‍රශ්න ඇසීම තහනම් කිරීමට විපක්ෂනායකවරයාට පියවර ගෙන තිබීම හේතුවෙන් ඒ මහතා එහි කටයුතු නිරීක්ෂණය කරමින් පමණක් සිටින බව දැනගන්නට ඇත.
විපක්ෂනායකවරයා මුදල් කමිටුවට පැමිණ දේශීය ණ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට තීරණය කිරීමත් සමග හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතු මුදල් කමිටුව එය තහනම් කිරීමට තීරණය කොට තිබිණ.
ඒ, මහින්දානන්ද අලුත්ගමගේ සහ නිමල් ලන්සා ගෙන ආ යෝජනාවකට ඡන්දය විමසීමෙන් අනතුරුවය.
එම ඡන්ද විමසීමේදී 10ට 6ක් ලෙස ජයගත්තේ ආණ්ඩුවය.










