• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමුගෙන යන මුතුරාජාගෙන් ලියමනක් I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආයුබෝවන්. මම මුතුරාජා. නම අහලා හුරුද? මේ දවස්වල නම් ලංකාවේ හැම තැනම මගේ නම කතාවෙනවා. හැබැයි ඉතින් ඉස්සර නම් මම එහෙම ප්‍රසිද්ධ එක්කෙනෙක් නෙවෙයි. ඔය නැදුන්ගමුවලා, ඉන්දි රාජලා වගේ කට්ටියට තමයි අපේ රටේ අය ගොඩක් සැලකුවේ.(Sri Lanka Latest News)

ඒගොල්ලන්ට ආරක්ෂාව දීලා රජවරු වගේ පෙරහැරේ අරගෙන යනකොට අපට ඉතින් දෙකක් ගහලා ලොරියක පටවගෙන අරන් එනවා. ඊට පස්සේ බිමට බස්සලා හෙණ්ඩුවෙන් හොම්බට එකක් ඇනලා පලයං පෙරහැරේ කිව්වම අපි ඔහේ යනවා. අපට ඉතින් කරඬු වඩම්වන්න එහෙම ලැබෙන්නේ නෑනේ. අපි ඔය පෙරහැරේ හිටපු අවශේෂ චරිත. අපේ කට්ටිය කතාවෙනවා අපි තමයි බං රම්ප කරපිංචා කියලා.

මොකද මස් මාළු රාජ භෝජන වගේ තමයි නැදුන්ගමුවලට, ඉන්දිරාජලාට අපේ රටේ උදවිය සැලකුවේ. ඒවායේ වරදක් නෑ. ඒක හොඳයි. මොකද වයසෙනුත් ඒගොල්ලො අපට වඩා වැඩියි. අත්දැකීම්වලිනුත් වැඩියි. පෙනුමෙන් වුණත් ඉතින් සමහර වෙලාවට ඒගොල්ලො අපට වඩා හොඳ ඇතිනේ. හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ ආසියාවේ දිගම දළ දෙකේ අයිතිකාරයා කවුද කියලා ඇහුවොත්, මොකක්ද නම? ඒ තමයි ‘මුතුරාජා’.

මම මේ වෙලාවේ හදිසියේ මේ රටේ අයට මේ විදියට ලියමනක් ලියන්න හිතුවේ ඇත්තටම හදිසියේ යන්න වෙන හින්දා. මොකද මට දැන් මේ රටේ හිටියා ඇති. මං කැමැති නෑ ආපහු මේ රටේ ඉන්න. ඇත්තටම මම මේ රටේ හුඟක් දුක් වින්දා. මට හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ අලියෙක්ට ඇතෙක්ට විතරක් නෙවෙයි බල්ලෙක්ට බළලෙක්ටවත් මේ විදියට සලකන්න එපා කියලා. මොකද ඒකට හේතුව අපි කොච්චර හොඳට අපේ දේවල් කරගෙන ඉන්න හැදුවත් අපි ඉතිං සත්තුනේ. අපට තේරෙන්නෙ නෑ. අපි අතින් වැරැදි දේවල් සිද්ධ වෙනවා. මොකද අපි සත්තු වුණාට මතක තියාගන්න අපිත් දන්නවා මනුස්ස ලෝකෙ වෙන දේවල්.

පන්සල්වල ඉන්න ලොකු හාමුදුරුවෝ ආගමික නායකයෝ දේශපාලකයෝ සර්ලා ප්‍රින්සිපල්ලා ගුරුවරු ඒගොල්ලො වැරැදි කරන්නේ නැද්ද? පත්තරයක් අරන් බැලුවොත් එහෙම මුල ඉඳන් අගට තියෙන්නෙම ලොකු මිනිස්සු කරපු වැරැදි. නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු. මේ හැමෝම අතින් මහ විශාල වැරැදි වෙනවා. හැබැයි ඒගොල්ලන්ට කවුරුත් කුළුගෙඩිවලින් ගහනවද කකුල් කැඩෙන්න? නෑ. ලංකාවේ ලොකු අපරාධ සිද්ධ වෙලා තියෙනවා. එක පාරක් අපට මතකයි ඩෝං ඩෝං ඩෝං ගාලා රට වටේම බෝම්බ පිපිරුවා.

ඒ වෙලාවේ අහිංසක මනුස්සයෝ මහ ගොඩක් මැරුණා. ගණන් හිලව් මම දන්නේ නෑ. මොකද මට ගණන් බෑ. ඒ මරණ සම්බන්ධයෙන් තාම වැරැදිකාරයෙක් අත්අඩංගුවට ගන්න බැරිවේචච රටක පොඩි වැරැද්දක් වුණාම කුළුගෙඩියකින් දණිස්සට ගහන එක හරිද අප්පේ? කියන්න කෙනෙක් නෑනේ අපට. පැමිණිලි කරන්න කෙනෙක් නෑ. අහිංසක සත්තු ඉන්නේ මිනිස්සුන්ගෙන් ගුටි කන්නවත්, මිනිස්සුන්ගේ පීඩනය පිටකරන්නවත් නෙවෙයි. අවාසනාවකට අපේ මේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ.

මනුස්සයෙකුට වැරැද්දක් වුණාම පොලිසියට යන්න පුළුවන්. පොලිසියට ගිහිල්ලා ඒ ප්‍රශ්නෙ තවදුරටත් විසඳගන්න තැනක් ඕනෙ නම් ඒකට තියෙනවා අධිකරණය. හැබැයි සත්තු වෙච්ච අපට යන්න පොලිසියක්වත්, උසාවියක්වත්, අපේ නඩු අහන්න අධිකරණයක්වත් කවුරුවත් තාම හදලා නෑ. ඒ නිසා අපේ හඬට කන් දෙන්න පුළුවන් කෙනෙක් නෑ.

වාසනාවකටද කොහෙද මගේ ප්‍රශ්නේ රටේ හැම තැනම කතාබහට ලක්වුණේ. එහෙම කතාබහට ලක්වුණු හින්දා අපේ රටට, ඒ කියන්නේ තායිලන්තයට මේ කතන්දරේ ආරංචි වුණා. මම කවදාවත් හිතුවේ නෑ අවුරුදු 22ක් ගියාට පස්සේ තායිලන්තයට මාව ආයෙත් මතක් වෙයි කියලා. මොකද ලංකාවේ නම් මේ වගේ තැන්වල දී හරිම නරක විදියටලු වැඩ කරන්නේ. සියඹලන්ගමුවේ මහා ඇත් රාජයා ඔයාලට මතක ඇතිනේ.

එයාව පාරේ එක්කගෙන එන්න ගිහිල්ලා ලොරියකින් වැටිලා තමයි එයාගෙ ජීවිතේ නැතිවුණේ. සියඹලන්ගමුව කියලා කියන්නේ හරි හොඳ ඇතෙක්. එයා හරි සද්දන්තයි. මුළු රටම කතාවෙච්ච කෙනෙක්නේ. ගම්වල මිනිස්සු හරි ආදරෙයි සියඹලන්ගමුවට. මමත් ඒ පැත්තේ පෙරහැරවලට යන එනකොට සියඹලන්ගමුව දැකලා තියෙනවා. ඇත්තු ඇතින්නියො සියඹලන්ගමුව ගැන හරියට කතා වෙනවා.

හැබැයි එහෙම හිටපු සියඹලන්ගමුවගේ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන යන පින්තූරයක් අපි දැක්කා. සියඹලන්ගමුව මැරිලා තිබුණේ බය හිතිලා. වේදනාවෙන් මැරිච්ච ඇතාගේ බෙල්ල කපාගෙන කොළඹ ගේන්න හැදුවේ මොකද කියලා මිනිස්සු දන්නෙ නැති වුණාට අපි නම් දන්නවා. මොකද මේ රටේ හිටපු සමහර දේශපාලකයන්ට එහෙම පිස්සුවක් තියෙනවා ඇත්තුන්ගෙ දළ එකතු කරන්න. අයියෝ මේකෙ තියෙන ජරාව. ඔයාලා දන්නෙ නෑනේ. සාමාන්‍යයෙන් අපිව නාවනකොට වුණත් අපේ දළ හෝදන්න කවුරුවත් එන්නෙ නෑ. අපි ඉතින් මේකෙන් අරවට අනිනවා, මේවට අනිනවා. ඒවයෙ වදිනවා, මේවයෙ වදිනවා. මේක හරි ජරාව. සමහර වෙලාවට අපිටත් ඉවසන්න බෑ ගඳ. මොන එකකට මේ දළේ බදාගන්න හදනවද කියලා අපි දන්නේ නෑ.

කොහොම හරි ඉතින් මිනිස්සුන්ට පිස්සුනේ. අපි ඕවා කතාවෙන්නේ ඔහොම. මේක අස්සේ කොහෙද ගජමුතු? ගජමුතු තියෙනවා නම් අපි කොච්චර වටින්න ඕනෙද? මේකෙ ඇති ගජමුතුවක් නෑ. ඒ විතරක් නෙවෙයි සමහරු දඟලනවා අලි කෙඳි ගලව ගන්න. අලි කෙඳිවල තියෙන වටිනාකමක්නම් අපි දන්නේ නෑ. නැට්ටේ හැමදාම බෙටි දාද්දී ඒවනම් වදිනවා. ඒ නිසා අලි බෙටි සහිත කෙඳි තමයි ඔය එකතු කරන්නේ. ඕවා ඉතින් අලියෙක් ඇතෙක්ම වෙන්න ඕනේ කාටහරි කියලා දෙන්න.

කොහොම නමුත් මම තායිලන්ත රජයට හරිම ස්තුතිවන්ත වෙනවා. ඒකට හේතුව මාව ඒ රටට ගෙන්න ගන්න කෝටි ගානක් සල්ලි වියදම් කරලා. සාමාන්‍යයෙන් ඇතෙක් වෙනුවෙන් මිනිස්සු මෙච්චර මහන්සි වුණු පළමු වතාව වෙන්න ඇති කියලා මම හිතනවා. මම ඉතින් ඕවා වැඩිය දන්නේ නෑ. කොහොම වුණත් ලංකාවේ මිනිස්සුන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ලංකාවෙදී මගේ කකුල් කැඩුවා. මගේ දණිස්වලට කුළුගෙඩිවලින් ගැහුවා. මට හරියට වධ දුන්නා. මාව බැඳලා දාලා තිබ්බා. මට කොච්චර බැරි වුණත් කොච්චර වෙහෙස වුණත් මාව පෙරහැරවලට එක්කගෙන ගියා.

මට මඳකිපුණු කාලෙට ඇතින්නියක් හොයාගෙන යන්න හිතුණට කවදාවත් මට ඒකට ඉඩ දුන්නේ නෑ. මාව කොටුකරලා හිරකරලා තියාගෙන හිටියා. මට ඇහුණා පන්සලේ උඩ මළුවෙන්, සත්තුන්ට කරදර කරන්න එපා, සත්තුන්ව කූඩු කරන්න එපා, සත්තුන්ගේ නිදහස ආරක්ෂා කරන්න කියලා බණ කියනවා. මට ඒ වෙලාවේ හිනා ගියා. ඇයි? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන කතාව මතක් වෙලා. පන්සල්වල පන්සිල් පද කියන්නේ සත්තු වෙච්ච අපිට දස වධ දීලා.

අපි කරඬුව අරන් යන එක ගැන විවිධ තර්ක විතර්ක තියෙනවා. මම ඒකට මොනවත් කියන්න යන්නේ නෑ. හැබැයි කල්පනා කරලා බලන්නකෝ මනුස්සයෙක්ගේ ඔළුව උඩින් බරක් තියලා, ඇඟ පුරාම ලයිට් එල්ලලා කවුරු හරි කෙනෙක් කියන විදියට කියන පාරේ යන්න කිව්වොත් ඒක ඔයා කරන්නේ සතුටින්ද? එහෙම සතුටින් කරනවා නම් පිස්සු. අපි දන්නෙ නෑ ඕවා. කොහොම නමුත් නැදුන්ගමුව නුවර යන්නේ කිලෝමීටර් ගානක් පයින් ගාටලා ගාටලා කියලා ආරංචියි. එහෙම පයින් ගාටන එක නැදුන්ගමුවගේ ඉල්ලීමක්ද? නැදුන්ගමුව කිව්වද මාව එහෙම එක්කගෙන යන්න කියලා.

මම දන්නේ නෑ ඉතිං. කොහොම හරි එහෙම කිව්වා නම් ඒක නැදුන්ගමුව කරන හරි වීරකමක්. හැබැයි මම හිතන්නේ නැදුන්ගමුවත් ඕවා කරන්න ඇත්තේ එච්චර හිතේ මනාපෙකින් නෙවෙයි. මොකද ඒ වගේ සද්දන්තයෙක් ඉන්න ඕනෙ ගෙදරක නෙවෙයි කැලේක. අපිට අයිති කැලේ. අපිට අයිති කැලේ මිනිස්සු අයිති කරගෙන, අපිව මිනිස්සු අයිති කරගෙන. අපේ අලි සහ මිනිස්සු අතර තියෙන ගැටුම හැමදාම ලංකාවෙ කතාවෙනවා.

ඇත්තටම අලි ගහලා මිනිස්සු මැරෙනකොට අපට හරි වේදනයි. අපි අතරත් ඉන්නවනේ නාහෙට නාහන එවුන්. ඉතින් උන් තමයි ඕවා කරන්නේ. මරන්න හිතාගෙන ගහනවා නෙවෙයි වෙන්න ඇති. හැබැයි ඉතින් ලොකු පාරක් වැදුණාම මිනිස්සු මැරෙනවා. මොකද හේතුව අලි වෙච්ච අපේ හයිය හත්තිය වැඩීයිනේ. ඕවා ගැන වැඩි අවබෝධයක් නෑ. අනිත් එක කැලේ ඉන්නේ නාහෙට නාහන එවුන්. ඒ වගේම ඉස්කෝලෙ ගිහිල්ලත් නෑ. ඉගෙනගෙනත් නෑ. කොහෙන්වත්, කවුරුවත් කියන දෙයක් අහගෙන ඉඳලවත් නෑ. ඒ නිසා ඒ වගේ අය අතින් වැරැදි සිද්ධ වෙනවා.

කොහොම නමුත් මම යන්න කලින් ඔයාලට කියලා යන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලගෙ රට නම් දැන් ඉවරයි. මිනිස්සුන්ගේ මනුස්සකම් නෑ. ගුණයහපත්කම් නෑ. ඒ නිසා හෙට මොනවා වෙයිද කියන්න මම දන්නේ නෑ. මම පෙරහැරවලට ආයෙ එන්නේ නෑ. මාව පාරෙ තොටේ ආයෙත් දකින්න ලැබෙන්නෙත් නෑ. මං ගැන ආයෙ කතා කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. මට සලකපු විදියට තව වෙන කිසි කෙනෙකුට සලකන්න එපා.

පන්සල්වල, කෝවිල්වල, දේවාලවල හුඟක් තැන්වල අලි ඇත්තු ඉන්නවා. සමහර තැන්වල අලි ඇත්තුන්ට සලකන්නේ දරුවන්ට වාගේ. නැදුන්ගමුව වගේ අයට එයාගේ අයිතිකාරයෝ සැලකුවේ මනුස්සයකුට වගේ. සමහරවිට මනුස්සයකුටවත් එච්චර සලකන්නේ නෑ මිනිස්සු. ඒ අතින් බලද්දී ඒ අය හරි වාසනාවන්තයි.

කොහොම නමුත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මනුස්සකම් පුරුදු වෙච්ච රටක මිසක් නොමිනිස්කම් තියෙන රටක ආයෙ නම් ඉපදෙන්න එපා කියලයි. මම යනවා. මං වෙනුවෙන් ඒ රටේ මිනිස්සු මං එනකං බලාගෙන ඉන්නවා. මට ඒ රටේ ඇත්තම ආදරේ තියෙනවා. මම ආඩම්බර වෙනවා ඒ රටේ ඉපදිච්ච එක ගැන. මම ආඩම්බර වෙනවා ඒ රටේ මිනිස්සු ගැන. මම හෙට ඉඳන් ඒ රටේ පදිංචියට යනවා. මට සමහර විට ලංකාවෙ තිබ්බා වගේ කරදර නැති වෙයි. මම දන්නවා මාව බලාගන්න ආපු ඇත්ගොව්වා සහ අනිත් අය මට හොඳට සැලකුවා. ප්ලේන් එකක නැගලා ඒ රටට යන එක මට වෙනම අත්දැකීමක් වෙයි.

සමහර වෙලාවට අතරමඟදී වමනෙ යයිද දන්නෙත් නෑ. ඒ වුණාට උඩින් යන එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවනේ. ඒ නිසා මම ඒකත් විඳිනවා. මම එහෙ ගිහිල්ලා විඳිනවා මම ආවේ ප්ලේන් එකේ කියලා. ඒගොල්ලො ටොෆි චොකලට් ඉල්ලයිද දන්නෙ නෑ. ඒවා ඉතින් අරන් යන්න බෑනේ. මං ගාව බෑග් මලු එහෙම නෑනේ. එහෙම නම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. ආයෙත් නරක විදියට හැසිරෙන මිනිස්සුන්ට අලි ඇත්තුන්ව භාරදෙන්න එපා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහින්දානන්දයි ලන්සායි ‌හර්ෂගේ මුදල් කමිටුවේදී ප්‍රශ්න ඇසීම තහනම් කළත් සජිත් මුදල් කමිටුවට පැමිණ වාඩිවෙයි! I Sri Lanka Latest News

Next Post

නුසුදුසු අයට දීලා! සුදුසු අයට දීලා නෑ! වහාම නිවැරදි කරන්න! අස්වැසුමට එරෙහිව පොහොට්ටුවේ ජොනීගෙනුත් ප්‍රකාශයක්! ජවිපෙටත් ප්‍රබල ප්‍රහාරයක්! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.