• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වැල්ලවාය සිසිල් කරන අලිහොඬය

February 22, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
වැල්ලවාය සිසිල් කරන අලිහොඬය
Share on WhatsAppShare on Facebook

වැල්ලවාය කියන්නෙ හරිම ශුෂ්ක දේශගුණයක් තියෙන පළාතක් බව හැම දෙනෙක්ම වාගෙ දන්නවනේ. අවුරුද්දේ වැඩි කාලයක් ගිනි ගහන අව්වෙන් රත්වෙන වැල්ලවාය ආසන්නයේම දිය ඇල්ලක් තියනවා කියන එකත් එක අතකට පුදුමයට කාරණාවක්. වැල්ලවායට වයඹ දිශාවෙන් පෙනෙන සුන්දර කඳු පන්තිය නිසාම නිර්මාණය වුණු ඇල්ලේවළ දිය ඇල්ල බලන්න යන්නයි අද අපේ සූදානම. අලිහොඬය ඇල්ල කියලත් මේ දිය ඇල්ලට කියන බවයි දැනගන්න ලැබුණේ. හැබැයි ඒ නමින් දිය ඇල්ල ප්‍රසිද්ධ නැහැ.

වැල්ලවායේ ඉඳන් ඇල්ල පැත්තට කිලෝමීටර් දෙකක විතර දුරක් එද්දී මුණගැහෙනවා ටිකක් ලොකු පාලමක්. එතැනින් වම් අතට තියෙන පාරෙන් තමයි ඇල්ලේවළ දිය ඇල්ලට යන්නේ. මේ හැරෙන තැනම දකුණු අත පැත්තෙන් පාර අයිනෙම තියෙනවා රත්මල්වෙහෙර රජමහා විහාරය. කිලෝමීටරයක විතර දුරක් මේ පාරෙ ඉදිරියට යනකොට අපට දැකගන්න ලැබුණෙ විශාල වේල්ලක්. අලිකොට ආර ජලාශය කියලා සඳහන් කරපු නාම පුවරුවක් වේල්ල මැද දැකගන්න ලැබුණා. උමා ඔය ව්‍යාපෘතියේ විදුලි බලාගාරයෙන් නිදහස් වන ජලය මේ ජලාශයටයි එක් වෙන්නෙ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න හින්දා ජලාශයේ බැම්ම බලන්න යන්න නම් අපට අවසර ලැබුණෙ නැහැ.

වේල්ල පහුකරගෙන මාර්ගයේ තවත් ඉදිරියට යද්දි දකුණු අත පැත්තෙන් දැකගන්න ලැබුණේ අලිකොට ආර ජලාශය. දිරාගිය ගස්වල කඳන් ජල තලයට මැදින් ඉහළට මතුවී පෙනුණා. අවට හුදෙකලා පරිසරයත් එක්ක මේ ජලාශයේ තිබුණේ අමුතු සුන්දර බවක්. අලිකොට ආර කියන දිය දහරයි මේ විදියට ජලාශයට එකතු වෙන්නේ.

මෙහෙම තවත් ටිකක් ඉදිරියට යද්දී වම් අත පැත්තට වැටුණු තවත් පුංචි පාරක් හමුවෙනවා. එතැනින් තමයි ඇල්ල පැත්තට යන්නේ. ඇල්ල බලන්න යන්න ආව අයගේ වාහන කිහිපයකුත් පාර අයිනේ නතර කරලා තිබුණා. ඒ පැත්තට යන්න තියෙන පාර ගොඩක් පටු හින්දා සමහර වාහනවලට යන්න බැරි බව තමයි අපට දැනගන්න ලැබුණේ. ඇත්තෙන්ම පාර සමහර තැන්වල ගොඩක් පටුයි. දෙපැත්තෙන්ම වාහන ආවොත් ඒ තැන්වලදී මාරුවෙන්න ටිකක් අමාරුයි. ඒ කොහොම වුණත් මේ අතුරු පාරෙ කිලෝමීටරයක විතර දුරක් වාහනයක යන්න පුළුවන්. වෑන්, ජීප්, කැබ් වගේ වාහනවලට ගමන තරමක් ලේසියි. පාර දෙපැත්තේ වැඩිපුරම දකින්න තිබුණෙ ගම්මිරිස් වගා කරපු ඉඩම්. අතරින් පතර තමයි ගෙවල් දකින්න තිබුණේ. පාරට කිට්ටුවම තිබුණු ධම්මාවාස විවේකාරාමය ළඟ සවිකළ පුවරුවක සඳහන් කරලා තිබුණා දිය ඇල්ල පාර, මැදවල කියලා.

අතුරු පාරෙ ඇවිත් වාහනයක එන්න පුළුවන් අවසාන තැනට අපි ළඟා වුණා. වාහන නවත්තන්න කුඩා නැවතුම්පොළකුත් සකස් කරලා. වාහන දෙකකුත් එතැන නතර කරලා තිබුණා. පුංචි කඩ කීපයකුත් පටන් අරන්. ඇල්ල බලන්න ඉස්සරට වඩා දැන් පිරිස එන බව කීවෙ එතැන කඩයක් කරන ගමේ කෙනෙක්. කාලෙකට ඉස්සර ඇල්ලේවළ දිය ඇල්ල ගැන අවට ප්‍රදේශයේ අයවත් ඒ තරම් දැනගෙන ඉඳලා නැහැ. ඒත් දැන් නම් සති අන්තවලට, නිවාඩු දවස්වලට ගොඩක් දෙනෙක් එනවලු ඇල්ල බලන්න. ඈත පළාත්වලිනුත් පිරිස් එන බව තමයි දැනගන්න ලැබුණේ.

මෙතැන ඉඳන් ඇල්ල ළඟට යන්න වෙන්නෙ පා ගමනින්. කඩයකින් බෙලිමල් කෝප්පයකුත් බීලා අපි ගමන පටන් ගත්තා. රක්ෂිත කැලය මැදින් පාර වැටිලා තියෙන්නේ. දකුණු පැත්තෙන් ඇල්ලෙන් ඇද හැලෙන දිය දහර ගලාගෙන යනවා. බොහෝ වෙලාවට ඇහෙන්නෙ ගල් කුළු අතරින් ගලන දිය දහරේ හඬ. අඩි පාරත් ගල්කුළුවලින් පිරුණු තරමක දුෂ්කර එකක් වුණත් වනාන්තරය මැදින් වැටිල තියෙන හින්දා විඩාවකින් තොරවම ගමන් කරන්න පුළුවන්. වැල්ලවායේදී දැනෙන තද රස්නය මේ කැලෑව ඇතුළෙදී දැනෙන්නෙම නැහැ. පාර කිට්ටුවම තිබුණු ගල් තලාවක ළිප් ගල් තුනක් අපට දකින්න ලැබුණා. ඇල්ල බලන්න ආව පිරිසක් එතැන රාත්‍රිය ගත කරලා තියෙන බවයි එයින් පෙනෙන්නේ.

වාහන නැවතුමේ ඉඳන් මීටර් 500ක වගේ දුරක් ගෙවාගෙන කැලය මැදින් අපි ඇල්ලේවළ ඇල්ල ළඟට ආවා. දිය දහරාව හරහා පිහිටලා තියෙන පළල් ගල් තලාවක තියෙන දොරුවක් තුළින් දිය ඇල්ල විශාල දිය තටාකයකට ඇද හැලෙනවා. ලොකු කුඩා ගල්කුළුවලින් මේ දිය තටාකය වටවෙලයි තියෙන්නේ. ඇල්ල වැටෙන තැන තිබුණු ගැඹුරු දිය තටාකය නැත්නම් දිය වළ හින්දා “ඇල්ලේ වළ” කියන නම ලැබුණු බවයි කියන්නේ. හැබැයි අද තත්ත්වය නම් ඊට ගොඩක් වෙනස්. ඇල්ල වැටෙන තැන ආසන්නයටම යන්න පුළුවන්. උමා ඔය ව්‍යාපෘතිය නිසා දිය දහර දිගේ ගලාගෙන එන ගල් කුඩුවලින් මේ දිය වළ පිරී ගිහින්. වතුරත් ගල් කුඩුවල පැහැයට හැරිලා කිරි පාටින් පෙනෙනවා. ඇල්ල ගලා හැලෙන්නෙ ඉතාම වේගයෙන්. ඒ නිසාම දිය බිඳිති විසිරිලා ඒවගේ මිශ්‍ර වෙලා තියෙන ගල්කුඩු තැන්පත් වෙලා අවට තියෙන ගල්කුළුත් ඒ පාටටම හැරිලා තියෙනවා.
ඇල්ලේවළ දිය ඇල්ල මීටර් 15ක විතර උසකින් යුක්තයි. අලිහොඬය ඇල්ල කියලත් මේ දිය ඇල්ල හඳුන්වන බව කලින් කීවනෙ. ඇල්ල ගලාගෙන හැලෙන හැඩය හින්දා ඒ නම ලැබෙන්නට ඇති. හැබැයි ඇල්ලේ පහළ ඉඳන් උඩට බලද්දී තමයි අලියකුගේ හොඬයේ හැඩයට පෙනෙන්නේ. වැල්ලවාය පැත්තට වතුර ගෙනයන්නත් අලිකොට ආර දිය දහර ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මේ සඳහා සකස් කරපු බැම්මත් දිය තටාකයට පහළින් දැකගන්න පුළුවන්. පූනාගල කඳු ප්‍රදේශයෙන් පටන්ගන්න මේ දිය දහරේ අවුරුද්ද පුරාම හොඳින් ජලය ගලාගෙන එන හින්දයි ඒ වගේ ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ. ඒත් අද වෙනකොට එතැනත් ගල්වලින් පිරිලා.

ඇල්ල ඇද හැලෙන දිය තටාකයට බැහැලා, වටේ ගල් තලාවන් උඩ වාඩිවෙලා නිදහසේ කාලය ගත කරන කිහිප දෙනෙකුම අපට දැකගන්න ලැබුණා. දිය ඇල්ලේ වගේම දිය දහර ගලන හඬ, වනාන්තරයේ කුරුල්ලන්ගේ නාදයන් එක්ක එකතු වුණු හරිම සුන්දර පරිසරයක්. මේ සුන්දරත්වය අත්විඳින්න ඔබත් දවසක ඇල්ලේවළ දිය ඇල්ල බලන්න එන්න. සුන්දරත්වය ඒ විදියටම රැකගන්න. ඇල්ල ළඟත් අවට වනාන්තරයත් අපවිත්‍ර කරන්න නම් එපා.
මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

කිඳුරාදරී ගොඩක් වෙනස්

Next Post

1833 කුමන්ත්‍රණය

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.