කළුතර දිස්ත්‍රික් හිටපු අමාත්‍යවරයකු පොලිස් ස්ථානාධිපතිවරයකු හා තවත් පිරිසක් සමග පාතාල සාමාජිකයන් දෙදෙනකුගේ සුවදුක් විමසීම සදහා කළුතර බන්ධනාගාරයට ගොස් ඇති බව එම ආරංචි මාර්ග කියයි. Sri Lanka Latest News
පයාගල ප්‍රදේශයේදී සිය නැන්දම්මා උස්සා පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රදවා සිටින ‘කලමුල්ලේ ටෂී’ හා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් ‘කළුතර සගා’ නමැති පාතාල සාමාජිකයන් මුණගැසීම සදහා එලෙස පැමිණි බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
දේශපාලඥයා පාතාල සාමාජිකයන් දෙදෙනා මුණගැසීමට ගොස් ඇත්තේ දේශපාලන ව්‍යාපාරයේදී ඔවුන්ගේ සහයෝගයට කෘතගුණ දැක්වීමක් වශයෙන් බව දැනගන්නට ඇත.
බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුවන අපරාධ මැඩලීම සදහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා නියෝග කර පැය 48ක් ගතවන්නටත් මත්තෙන් පාතාල සාමාජිකයන්ගේ සැපදුක් විමසීම සදහා ආණ්ඩු පක්ෂයේම දේශපාලඥයකු පොලිස් ස්ථානාධිපතිවරයකු සමග බන්ධනාගාරයට පැමිණීම හාස්‍ය්‍යට කරුණක් බව බන්ධනාගාරය තුළ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බව දැනගන්නට තිබේ.
ප්‍රබල දේශපාලඥයකු ඇතුලු පිරිස පාතාල සාමාජිකයන් සමග විශේෂ ස්ථානයකදී සැලකිය යුතු වේලාවක් කතාබස් කරමින් සිට පිටව ගොස් ඇති බවද වැඩිදුර ආරංචිමාර්ග සදහන් කරයි.
-ලංකාදීප










