• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රාජකුමාරවරුන්ගේ ප්‍රේත විලාපය

February 23, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රාජකුමාරවරුන්ගේ ප්‍රේත විලාපය
Share on WhatsAppShare on Facebook

අපගේ තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කළ සමයේ අපූරු සිදුවීම් සිද්ධවුණා. ශාසන ඉතිහාසය දෙස හැරී බලන විට එම සිදුවීම් බොහොමයකින් එදා විසූ ජනතාවට වගේම වර්තමානයේ ජීවත් වන මිනිසුන්ටත් වටිනා කියන ජීවිත පාඩම් මෙන්ම අප්‍රමාණ අත්දැකීම් ලබාගත හැකියි.
මෙම කාලයේ ඒ රට පාලනය කළේ රජ කෙනෙක්. ඒ කියන්නෙ කොසොල් මහ රජතුමා තමා එවකට රට පාලනය කරමින් හිටියෙ.
බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කළ කාලෙත් සංකීර්ණ ප්‍රශ්න සමාජගත වෙලා තිබුණ හණමිටි අදහස් දරපු අයත් හිටියා. බණ දහමට අවනතව යහපත් ජීවිත ගතකළ අයත් හිටියා. එසේ නැතිව හිතුවක්කාර ජීවිත ගත කළ අයත් හිටියා.
පවට බය වුණු මිනිස්සු බුදුන් වහන්සේගෙන් බණ දහම් අසා තුන්සිත පහදවාගෙන නිවන් මඟට ගිය අයත් හිටියා.
එසේම උන්වහන්සේගේ ධර්මය හිතාමතාම බැහැර කරමින් යහපත් ජීවිත ගතකළ හැකි යැයි සිතූ අයත් හිටියා. ඒ හැර බුදු බණ ඔහේ පසෙක තිබියදී තමන්ට ඕනෑ ඕනෑ වත් පිළිවෙත් සිදුකරමින් ඉබාගාතේ සිය ජීවන ඔරුව පදවාගෙන ගිය අයත් හිටියා.
මේ රට පාලනය කළ කොසොල් රජතුමාට කුමාරවරු දෙදෙනකු සිටියා. අප මේ කතාව කියන කාලෙ මෙම කුමාරවරු දෙදෙනාම ගැටවර තරුණ වියේ ජීවත්වුණේ.
එදා තරුණකමෙන් මත්වෙලා සිටි මෙම කුමාරවරු දෙදෙනාම බොහෝම සෙල්ලක්කාර ලෙස කටයුතු කෙරුව. ඒ කියන්නෙ මේ දෙදෙනාම තරුණකමෙන් හොඳටම මත්වෙච්ච ජීවිත තමා ගතකළේ.
ඒ හැර කිසිම හරවත් යමක් කිරීමට ඔවුන්ගේ තරුණ සිත් ඔවුන්ට ඉඩදුන්නේම නැහැ. තරුණ වයසේ ගැහැනු කෙනෙක් දුටුවත් ඉන් ඔවුන් දෙදෙනාගේ තරුණ සිත් කැලඹුණා. මෙම කුමාරවරු දෙදෙනා කොතරම් තරුණ මදයට ලොල්ව ජීවිත ගත කළාද කිවහොත් මේ දෙදෙනාම වැරැදි ආකාරයට කම්සැප විඳින්නත් පුරුදු වී සිටියා.
කොසොල් රජතුමාට සිය පුත් කුමාරවරුන් දෙදෙනාට යහපත් ගුණදහමින් පිරි අනාගතයක් ඇතිකර දීමට බලවත් කැමැත්තක් තිබුණා. එහෙත් පිය රජුගේ අවවාද අනුශාසනා තඹයකට මායිම් නොකළ පුත් කුමාරවරු දෙදෙනාම හිතුවක්කාර ජීවිතයක් ගතකළා.
ඒ දෙදෙනාම දැඩි කාමභෝගී ජීවිතයක් ගත කළේ. කිසිවකුගේ උපදෙසක් මේ දෙදෙනාම පිළිගත්තෙ නෑ. අන්තිමේදී මේ රජ කුමාරවරු දෙදෙනා අකාලයේ මියගියා.
ජීවත්ව සිටි කාලයේදී යහපත් කුසල කර්මයක් කර නොතිබීමත්, කාමභෝගීව අකුසලයෙහිම ගැලී ජීවිතය ගත කළ නිසාම මෙම රජ කුමාරවරු දෙදෙනාම මැරුණාට පස්සෙත් ප්‍රේතයො දෙන්නකු වෙලා ඉපදුණා.
මේ දෙදෙනාම එකම ආකාරයේ අකුසල කර්මයක නියැළී සිටි නිසාම මරණින් පසුව ප්‍රේතයෝ වෙලා ඉපදුණෙත් එකටමයි. මෙම රාජ කුමාරවරු දෙදෙනා ප්‍රේත ආත්ම ලැබී ඉපදුණේ දිය අගලක් මතුපිටයි.
මෙම ප්‍රේතයො දෙදෙනා සෑම රාත්‍රියකදීම විලාප තියල හඬන්න පටන් ගත්තා. මේ විලාප හඬ සෑහෙන දුරකට ඇහෙනවා. ඒ හඬ ඇසෙන මානයේ ගම්මානවල ජීවත්වූ ජනතාව මේ හඬට බෙහෙවින් භයට පත්වුණා. කාට වුවත් ඒ විලාප හඬ දරාගන්න බෑ. ඒ තරමටම එකී කඨෝර විලාප හඬ හදවත් කීරි ගැහෙන තරම් රළුයි.
එසේ භීතියට පත්ව සිටි ප්‍රදේශයේ ගම්වාසීහු පසුව බුදු රජාණන් වහන්සේට මෙකී භයංකාරකම දැනුම් දුන්නා. රාත්‍රි කාලයට කිසි ලෙසකින් නිවෙස්වල නිදහසේ නිදාගන්නවත් නොහැකි බව ගම්මුන් බුදුරජාණන් වහන්සේට සැල කරනු ලැබුවා.
බුදුරජාණන් වහන්සේ මෙම කරුණ සොයා බලා මෙම ප්‍රේතයන් දෙපළ පෙර ආත්මයේ කොසොල් රජුට දාව ඉපදී සිටි රජ කුමාරවරුන් දෙපළක් බවත්, එම දෙපළ ජීවත්ව සිටියදී කිසිම යහපත් කල්ක්‍රියාවක් සිදුකර නොතිබූ බවත්, කාමයට ඇලුණු කාමභෝගී ජීවිතම ගත කිරීම කරණකොට එකී කර්ම විපාකය පලදීමෙන් මෙසේ ප්‍රේත ආත්මයේ ඉපදී සිටින බවත්, ඔවුන් දෙපළ අන්‍යයන් තම කාමභෝගී ජීවිතය නිසා විපතට හෙළා ඇති බවත්, ඒ නිසාම ප්‍රේතයන් බවට පත්ව අනුන්ට උදාකළ වේදනාව, ප්‍රේතයන් වීමෙන් පසු රාත්‍රියට විලාප තබන්නේ එකී කර්මය තදබල ලෙසම දෙපළට පලදී ඇති නිසා බවත් ගම්වැසි ජනතාවට කරුණු කාරණා තේරුම්කර දෙමින් බුදුන් වහන්සේ ධර්ම දේශනා කළා.
මෙම ප්‍රේතයන් දෙපළ නඟන විලාප හඬ කඨෝර වුවත් ඉන් කිසිවකුට විපතක්, කරදරයක් සිදුනොවන බව ගම්වාසීන්ට පැහැදිලි කර දුන් බුදුරජාණන් වහන්සේ ගම්වැසියන්ගේ ඉල්ලීම පරිදි මෙකී කරුණ මූලික කොටගෙන භික්ෂුන් වහන්සේලාට මහ දනක් පිළිගන්වා මෙම අතීත සිද්ධිය සිහිපත් කරමින් පිරිසට ධර්ම දේශනයක් පැවැත්වූවා.
මෙසේ දනක් පිළිගන්වා බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමෙන් පසු ඉහත ගම්වල ජනතාවට ඉන්පසු එකී ප්‍රේත විලාපය නෑසී ගියා.
ගම්මුන්ගේ ඉල්ලීම අනුව මෙම ප්‍රේතයන් සිහිපත් කරමින් බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේලාට දානමාන පිරිනමා, ධර්ම දේශනයක් පවත්වා ප්‍රේතයන්ගේ අසුබ විලාප හඬ උන්වහන්සේ මැඩපවත්වා එතැන් පටන් රාත්‍රී කාලය බියකින් තොරව ජීවත් වීමට කරුණු කාරණා පහදා දෙනු ලැබුවා.

ආදර්ශ පාඨය
රජ සැප භුක්ති වින්දත් තමන් පෙර ආත්මයේ සිදුකරන කර්මපල ඊළඟ ආත්මයේ අනිවාර්ය ලෙසම පලදීම ඒකාන්තය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

ජිනීවා සටනට යන ලංකාවේ තුන්කට්ටුව ‌මෙන්න

Next Post

ඉසිවර ඔසු

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.