ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට තුනක් මුදාහැරියේ යැයි කියන කොළඹ ,කුරුඳුවත්ත පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. Sri Lanka Latest News
මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 17, 18 සහ 20 යන දින තුන ඇතුළත පොලිස් නිල ඇඳුමෙන් සැරසී මෙම නිලධාරියා වීඩියෝ පට 3ත් සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණ.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී (3) විසිනි.
හිත හොඳ පොලිසියේ මහත්තයා යැයි කියමින් හඳුන්වන්නේ තමා යැයි පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පොලිසිය දැඩි දෝෂාරෝපණයට ලක් කිරීමට පියවර ගෙන තිබිණ.
පොලීසියේ උසස්වීම් ලබා දෙන්නේ උසස් පොලිස් නිලධාරීන් සතුටු කළ ආකාරයට බව ද මෙම පොලිස් සැරයන්වරයා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ පට මගින්චෝදනා කර තිබිණ.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ උසස්වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බවද මෙම පොලිස් සැරයන්වරයා නිකුත් කළ හඬපටයේ වැඩිදුරටත් සඳහන් වේ.
ස්විස්ටලන්තයේ පැවැත්වෙන වැඩසටහනකට සහභාගි වීමට යෑමට 2008 වසරේ යෑමට සූදානම් වී එවකට ගාල්ල ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාව සිටි නිලධාරියා ළඟට ගිය අවස්ථාවේ ලැප්ටොප් පරිගණකයක් රටේ සිට එන විට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ද පොලිස් සැරයන්වරයා මෙම වීඩියෝ පටය මගින් හෙළි කර ඇත.
පරිගණකය ලබා නොදුන්නොත් නිවාඩු අනුමත නොකරන බව පැවසූ නිසා ලැප්ටොප් පරිගණකයක් ගෙනවිත් දීමට පොරොන්දු වී නිවාඩුව අනුමත කරගත් බවත් සැරයන්වරයා එම වීඩියෝ පටය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
පරිගණකයක් ගෙන ගෙනවිත් දීමට නොහැකි වූ නිසා එම නිලධාරියා වසරක් ඇතුළත තමාව පොලිස් ස්ථාන 18 මාරුකර යවමින් පළි ගත් බවද මෙම සැරයන්වරයා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති එම වීඩියෝ පටය මගින් වැඩිදුරටත් කරුණු හෙළි කර තිබේ.
පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳී වසර තිස් එකක් රාජකාරි කර ඇති තමා පොලිස්පති ප්‍රසංසා අටක් ලබාගෙන ඇති තැනැත්තෙක් බව ද සමාජ මාධ්‍ය වෙත මුදා ඇති වීඩියෝ පට මගින් සඳහන්කර ඇත.










