• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හෙළයේ නිර්මාතෘ රාවණද – විජයද

February 22, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හෙළයේ නිර්මාතෘ රාවණද – විජයද
Share on WhatsAppShare on Facebook

මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් පසුගිය කාලයේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නම් විජය නමින් පැමිණි කුමාරයකු පිළිබඳ ශ්‍රී ලංකාව තුළ පුරාවිද්‍යා සාක්ෂි නොමැති බවය. මහාචාර්ය සෝමදේවයන් පසුගිය දශක දෙක තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඉපැරණි ශිෂ්ටාචාරයේ සලකුණු සෙවීම සඳහා අතිශය කැපවීමකින් කටයුතු කළ අයෙකි. විශේෂයෙන්ම, මහාවංශයේ සඳහන් විජයාවතරණයට පෙර (වසර 2700කට පෙර) නගර සහිත බලගතු ශිෂ්ටාචාරයක් මෙබිමේ පැවති බව පෙන්වා දීමට ඔහු විවිධ උත්සාහයන් ගෙන තිබේ. කෙසේ නමුත් ඔහුව නිල පුරාවිද්‍යා ක්ෂේත්‍රවල පිළිගැනීම සීමා සහිතය. ඔවුනගේ තර්කය සෝමදේවයන්ගේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ, පිළිගත් පුරාවිද්‍යා ප්‍රමිතීන්ට අනුකූල නොවන නිසා විද්‍යානුකූලව පිළිගත නොහැකි බවය.

එයට පිළිතුරු දෙන්නන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ පුරාණ කාලයේ බලි, තරු, රාවණ යුගයේ සිට එන බලගතු විද්‍යාත්මක ඉතිහාසය පිළිගැනීමට අකැමැති බටහිර ගැති පිරිස් සෝමදේවයන්වට නිසි පිළිගැනීමක් ලබා නොදෙන බවය. ශ්‍රී ලංකාවට බුදුරජාණන් වහන්සේ තෙවරක් නොව එක්වරක් හෝ වැඩම කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති බවට, වරක් පරණවිතාන මහතා කළ ප්‍රකාශයක් විකෘති කොට පළකිරීම නිසා ඒ ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයාට ඉතා දරුණු විවේචනයක්ද එල්ල විය. එතුමා මියගියේ කනස්සල්ලෙන් බවද එතුමන්ගේ ළඟම ඥාතියෙක් වරක් මා සමඟ ප්‍රකාශ කළ බවද මතකයේ ඇත.

කෙසේ වෙතත් වරක් මා ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගෙන් විජයාවතරණය ගැන විමසීමක් කළේය. මේ පිළිබඳව ක්ෂේත්‍රයට පිටතින් පරීක්ෂණ කළ මහාචාර්ය විජය දිසානායක මහතා (මානසික වෛද්‍ය විශේෂඥයෙකි) මේ සම්බන්ධයෙන් කෘතියක්ද පළකර දශක ගණනක් ගෙවී ගොසිණි. ආචාර්ය දැරණියගලයන්ගේ මතය වූයේ අනුරාධපුර පිටත නුවර කරන ලද කැණීම්වලින් යම් නගර ස්තරයක්, ගිනිගත් අළු ස්තරයක් හා නව නගර ස්තරයක් පවතින බවය. එම අළු වසර 2500 කාල වකවානුවකට අයත් බවද ඔහු පැවසුවේය. එනම්, වසර 2500කට පෙර යම් ශිෂ්ටාචාරයක් පැවති බවත් (නාගරික) එය ගිනි තබා වැනසීමෙන් (ආක්‍රමණිකයන්) පසු නව ශිෂ්ටාචාරයක් ගොඩනැඟුණා විය හැකි බවත් එතුමන්ගේ අදහස විය. ඔහු ඉපැරණි ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය පිළිබඳ කළ නිබන්ධනය (Pre-History of Ceylon) ලෝකයේ බොහෝ දෙනා පිළිගත් විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික නිබන්ධනයක් බව කිවයුතුය.

විජයාවතරණය පිළිබඳව මම වරක් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නායක හිමිපාණන් වහන්සේගෙන් විමසුවේය. උන්වහන්සේගේ අදහස වූයේ ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසයක් පවතින්නට ඇති බවත්, සිංහල රාජ වංශය හා රාජ්‍යය පිළිබඳව ඇති පිළිගත් ඓතිහාසික මතය විජයාවතරණය ප්‍රතික්ෂේප කරන අය විසින් ඕනෑකමින් බිඳ දමන බවත්ය. ඒ නිසා අනුරාධපුරය පදනම් කරගත් සිංහල රාජ්‍යය, රාජ වංශය හා ශිෂ්ටාචාරය සතු වැදගත්කම යටපත් කිරීමට විජය කියා පුද්ගලයකු නැති බව පෙන්වීමට උත්සාහ කරන අයගේ අරමුණ බව උන්වහන්සේ ප්‍රකාශ කළ බව මතකය.

මා හොඳින් හඳුනන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ඉන්දියාවේ කළ ගවේෂණයකදී ඉන්දියාවේ ගම්මාන ගණනාවක්ම විජය, සිංහල ආදී නම්වලින් හඳුනා ගන්නා කුමාරයකු ශ්‍රී ලංකාවට ගිය බවට හා රාජ වංශය එහි පිහිටුවූ බවට වූ ජනකතා, සාහිත්‍ය බොහොමයක් පවතින බව සොයාගත් බවද ප්‍රකාශ කළ යුතුය.

විජයගේ නම සිංහල බවට වූ මතයද එනයින් සිංහල ජාතිය බිහිවූ බවට වූ මතයද තවත් ඉතිහාසඥයන් රැසක් ප්‍රකාශ කර තිබෙන බව ප්‍රචලිතය.

ඇත්තටම විජය නමින් (හෝ “සිංහල” නමින්) ආර්ය ආගමනයක් මහාවංශයේ සඳහන් පරිදි සිදුවිණිද? එවැන්නක් කෙසේවත් සිදු නොවිණිද? නැත්නම් යම් ශිෂ්ටාචාරයක ආක්‍රමණික පිරිසක් ශ්‍රී ලංකාවට ඇතුළුවී, පුරාණ දේශීය ශිෂ්ටාචාරය මත නව ශිෂ්ටාචාරයක් බිහිකළේද? යන්න පිළිබඳව ඉතිහාසඥයන් විසින් ගවේෂණය කර සොයා බැලිය යුතු යැයි සිතමි.

කෙසේ වෙතත් වාස්තු විද්‍යාත්මක නටබුන්, පොසිල හෝ මානව අවශේෂ, කාබන් කාල නිර්ණය ආදී ලෙස වූ භෞතිකමය විද්‍යාත්මක පුරාවිද්‍යාත්මක ගවේෂණය හා ජන කතා, ප්‍රවාද ආදිය සමඟ මුසුවූ ඓතිහාසික ප්‍රවෘත්ති ආදිය ඇතැම් විට සම අදහස් ලබාදෙන අතර, ඇතැම්විට එසේ නොවේ. කෙසේ හෝ එවැනි භෞතික සාධක සමඟ ආගමික විශ්වාස පටලවාගත යුතු නොවේ.
මෙම තොරතුරු කෙසේ වෙතත් එකක් පැහැදිලිය. එනම්, වසර 15,000 – 17,000 අතර කාලය තුළ ඇතිවූ සාගර ගොඩගැලීම (වසර 20,000කට වරක් එන මිලන්කොවිච් ආවරණය – Milankovitch Cycles) නිසා ඉන්දීය උප මහාද්වීපයෙන් ලංකාව සහමුලින්ම වෙන්වී ගොස් වෙනම පාරිසරික හා භූගෝලීය කලාපයක් වූ බවය. ලෝකය පුරාම මෙවැනි වෙනස්කම් ඒ සමඟ ඇතිවී තිබේ.

එමෙන්ම, වසර 4000කට පමණ පෙර ඊජිප්තුව, වයඹදිග ඉන්දියාව, චීනය, ශ්‍රී ලංකාව ආදී රටවල පමණක් නොවන ඇතැම් යුරෝපීය රටවලද ශෛලමය නිර්මාණ හා වෙනත් නාගරික වාස්තු නිර්මාණ, සොහොන් ආදිය මෙන්ම මානව නෂ්ටාවශේෂද හමුවී ඇති බවය. ඒ අනුව රාවණ නමින් රාජ පරපුරක් ඇතිව හෝ නැතිව දියුණු ශිෂ්ටාචාරයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවතී ඇති බවය. පුරාවිද්‍යාඥයන්ගේ වගකීම වන්නේ ජනකතා, ප්‍රවාද ආදියේ වහලුන් නොවී භෞතික සාධක විශ්ලේෂණය කර නිගමනවලට පිවිසීමය. එමෙන්ම, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම රජයේද වගකීමකි. නැත්නම් මේ දබරය (රාවණ – විජය) තවත් බොහෝ කලක් පදනමක් ඇතිව හෝ නැතිව පවතිනු ඇත.

මගේ මතය වන්නේද අඩු තරමින් වසර ලක්ෂයක පමණ සිටවත් නූතන මානවයා (හෝමෝ සේපියන්) ශ්‍රී ලංකාවේ වාසය කළ බවත් වසර 12,000ක පමණ සිට ඔහු සතුන් හා ශාක හීලෑ කර ගොවි යුගයකට පිවිසි බවත්ය. වැද්දන්, ගම් වැද්දන් හා ගැමියන්ගේ පරිණාමය එකල සිදුවූ බව මගේ විශ්වාසයයි. එමෙන්ම, වසර 6000ක පමණ කාලය තුළ නිවාස හා පුළුල් ජනාවාස ඉදිකිරීමේ හා පූර්ව නගර නිර්මාණයේ ඔවුන් නියැළී ඇති බවය. විටින් විට ඉන්දියානු හෝ වෙනත් ජන කණ්ඩායම්වල පැමිණීම, ගැටීම, මුසුවීම සිදුවී ඇති බවද පැහැදිලිය. කෙසේ නමුත් කැපී පෙනෙන ලෙස ශිෂ්ටාචාරයේ, රාජ්‍යයේ හා රාජ්‍යත්වයේ වෙනසක් වසර 2500කට පෙර සිදුවූ බවය. එය විජය නොහොත් සිංහල නම් තනි පුද්ගලයකුගේ ක්‍රියාවක්ද ශිෂ්ටාචාර රැල්ලක්ද කියා තීරණය කිරීම විද්වතුන් සතු වගකීමකි. නමුත් කරුණු අතිශයෝක්තියට නැඟීම නම් ඉතිහාසයට කරන සතුරුකමක් වෙයි.

පුරාවිද්‍යාව යනු භෞතික කරුණු මත ඉතිහාසය පැවති ලෙසම නිරූපණය කිරීම යැයි සාමාන්‍ය අදහසය. නමුත් අතීත භෞතික කරුණු ලෙස ඉතුරු වන්නේ පරිසරයට දිරා නොගිය හෝ විශේෂ රාමුවක සුරක්ෂිත වූ (පොසිල වැනි) දෑය. එමගින් පරිපූර්ණ ලෙස ඉතිහාසය නීර්ණය කළ නොහැක. අනෙක් අතින් තවත් ගුරුකුලයක් කියන්නේ පුරාවිද්‍යාව යනු භෞතික සාධක මත අතීතය නිර්මාණය කිරීමක් බවය. එයට නිර්මාණකරුගේ චින්තනයද මැදිහත් වන බවය. කෙසේ වෙතත් එවැනි නිර්මාණයකදී සහමුලින්ම භෞතික කරුණුවලට වෙනස්ම අරුත්දීම් සිදුකළ හැකි වන්නේද නැත.

අතීතය යනු නිරූපණයක්ද, නිර්මාණයක්ද නැත්නම් ඒ දෙකමද යන්න තීරණය කිරීම පහසු වන්නේ නැති බව නම් අවසාන වශයෙන් පවසමි. මන්ද, ඇතැම් බලගතු විද්‍යාත්මක සාක්ෂි යැයි කියන කරුණු පවා කාගේ හෝ නිර්මාණයක් විය හැකි බැවිනි.
පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

රට වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍යයි

Next Post

සෙලාන් බැංකුවට ඇමෙරිකාවෙන් සම්මානයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.