• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඊතලය ඉලක්කයටද

February 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
ඊතලය ඉලක්කයටද
Share on WhatsAppShare on Facebook

බැලූ බැල්මට ඔහු බොලිවුඞ් නළුවකු හා සමානයි. නළුවකු වී චිත්‍රපට කිහිපයකම රඟපෑ ඔහු දැන් ‘ඊතලය’ චිත්‍රපටය හරහා නිෂ්පාදනයට පිවිසී හමාරයි. ඔහු නමින් කැලුම් ආර්ය්‍යන්ය.
පසුගිය වසරේ ඔබ සිනමාවට ‘ගෝරි’ ගෙනාව. මෙවර ඔබ ‘ඊතලය’ විදින්නෙ කාටද?
‘ගෝරි’ චිත්‍රපටය සාර්ථකව තිරගත වුණා. සිනමා ශාලාවෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් ගෝරියට එකතු වුණා. ‘ඊතලය’ විදින්නෙත් සිනමාවට තමයි. මම රඟපෑ ‘ගෝරි’ චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනත් චිත්‍රපටයක් ‘ඊතලය.’
බැලූ බැල්මට ‘ඊතලය’ අනුකරණයක් බවට පෙනී යනවා?
කිසිම කොපියක් නෙවේ. විවිධ චිත්‍රපටවල ආභාසය තිබෙනවා. මෙහි අධ්‍යක්‍ෂ නාලක විතානගේ ඉතාමත් සූක්‍ෂ්ම ලෙස මම හිතුවාටත් වඩා ඔහු චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. මම හිතන්නේ ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතරින් ‘ඊතලය’ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කර ඇති බවයි. ඔහු විතරක් නෙවෙයි සියලුම කණ්ඩායම මට දුන්න ශක්තිය වටිනවා.
ඔබ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒත් හිටිහැටියේම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හිතුවේ ඇයි?
මම වගේම මේ ක්‍ෂේත්‍රයට ආදරය කරන මගේ සහෝදර ශිල්පීන් ගොඩ දෙනෙක් ඉන්නවා. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා මගේ හිතේ ආශාවක් තිබුණා. කාලයත් එක්ක දවසින් දවස මගේ ඒ සිහිනයට දවස උදාවුණා. මොකද ගොඩ දෙනෙක් කරන්නේ රජ කතා, කරන එකයි. දුක බෙදා ගන්න එකයි. සිනමාවේ එතැනින් එහාට දෙයක් හිතන්න බැරි ඇයි. නව පරපුරේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අතර හර්ෂ උඩකන්ද විවිධ මාවත් හොයා නිර්මාණය කරනවා. එයයි අපට අවශ්‍ය. මමත් උත්සාහ කළේ බොලිවුඞ් සිනමාවට ගැළපෙන විදියට චිත්‍රපටයක් කරන්න. තාක්‍ෂණ පහසුකම් නැති වුණත් අපේ රටේ වටිනා සම්පත් සහ නිර්මාණකරුවන් ඉන්නවා. මම නිෂ්පාදනයට පිවිසියේ මුදල් උපයන්න නෙවේ. අපේ සිනමාවට මම ආදරය කරන නිසා.
තවත් පැත්තකින් බැලුවොත් නව පරපුරේ නිර්මාණකරුවන්ට ඔවුන්ගේ හැකියාවන් පෙන්වන්න නිර්මාණ හැදෙනවා අඩුයි නේද?
හොඳ නිර්මාණකරුවන් කිහිප දෙනයි ඉන්නේ. අපිට කරන්න නිර්මාණ නැහැ. ඉතින් අපේ දක්‍ෂතාවන් පෙන්වන්න අවස්ථාවන් අඩු නිසා අලුත් පරපුරත් සම්බන්ධ කරගෙන අලුත් නිර්මාණ කරනවා. නැතිනම් මේ විදියට ගියොත් අවසානයේ මෙගා ටෙලි නාට්‍යවල තමයි නතර වෙන්න වෙන්නේ.
කැලුම්ගේ අදහසක් නැතිද ටෙලිනාට්‍යවල රඟපාන්න?
මගේ ලොකුම ආශාව සිනමාව තමයි. මෙගා ටෙලිනාට්‍යවලට මම කොහොමත් කැමැති නැහැ. හොඳ ටෙලිනාට්‍ය නිර්මාණ පිටපතකින් මට ආරාධනා කළොත් මම සම්බන්ධ වෙනවා. කලාව වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු දේ මම කරනවා.
‘ඊතලය’ ගමන මුල පුරන කොට කැලුම් තවත් පැත්තක ඉඳලා චිත්‍රපට අධ්‍යක්‍ෂණයට පිවිසීමට සූදානම් නේද?
එය තමයි මගේ ඊළඟ ඉලක්කය. ඒ සිනමාපටයේ රූපගත කිරීම් මාර්තු මාසයේ ආරම්භ කරනවා. එහි තිර රචනයත් මගේ.
රඟපෑම ඔබට පහසු වුණාට නිෂ්පාදනයේදී ඔබට ප්‍රශ්න ගැටලු මතුවන්න ඇති නේද?
එහෙම කිසිම ප්‍රශ්න ගැටලුවක් මතු වුණේ නැහැ. චිත්‍රපටයක් හදන එක ප්‍රශ්නයක් නැහැ. එය තිරගත කිරීමට තමයි ප්‍රශ්න මතු වෙන්නේ. චිත්‍රපට සංස්ථාව තිබුණට කිසිම සිස්ටම් එකක්, ක්‍රමවේදයක් තවම හැදිලා නැහැ.
හිටි ගමන් පැරෂුට් වගේ චිත්‍රපට තිරගත වෙනවා. එහෙමත් නැතිනම් දේශපාලන බලපෑම් මත අපි හැමෝම නිර්මාණ-කරුවන් නිසා සියලුම දෙනා රැකෙන විදියට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි. එක පැත්තකට බර නොවී සමබරව, ඍජුව තීරණ ගන්න සිනමා ක්‍රමවේදයක් උදාවුණොත් මෙයට වඩා හොඳ නිර්මාණ තවත් බිහිවෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විවාහය රස කරන ලලනාවෝ

Next Post

ජිනීවා සටනට යන ලංකාවේ තුන්කට්ටුව ‌මෙන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් නඩුවකට පෙනී සිටීම සදහා අද දින හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරු මහාධිකරණය හමුවේ පෙනී...

Read more
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.