• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රට වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍යයි

February 24, 2020
in Heart
Reading Time: 2 mins read
A A
රට වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍යයි
Share on WhatsAppShare on Facebook

ඔහු ඇත්තෙන්ම සංගීත ලෝකය ජයගත් විවිධ දක්‍ෂතාවන්ගෙන් පිරිපුන් තරුවකි. ගායකයකු, ගුරුවරයකු, සංගීත නිෂ්පාදකවරයකු, අධ්‍යක්‍ෂවරයකු මෙන්ම රංගන ශිල්පියෙක්ද වෙයි. කොළඹ අශෝක විද්‍යාලයෙන් මෙන්ම ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා මවුපියන්ගේ හදිසි ගුරු මාරුවක් නිසා පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරයි. ඉන්පසුව ඉන්ජිනේරුවරයකු ලෙස වෘත්තිය ඇරැඹුවත් මවුපියන්ගේ වෘත්තිය සංගීතය නිසාවෙන්ම ඒ මඟ යෑම ඔහුගේ අභිලාෂය වෙයි. ඔහුට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අලුත් තැනක් නොවන්නේ ඔහුගේ පියා සංගීත ගුරුවරයෙක් ලෙස ගුවන්විදුලියේ සේවය කරන කාලයේ ඔහුගේ අතේ එල්ලී යන අවුරුදු 3ක කුඩා දරුවකු වූ නිසාය. ඔහුට එදා මෙදාතුර ගුවන්විදුලි සංස්ථාවේ ඇසුර ලැබුණා මෙන්ම කලාකරුවන් රැසකගේ ආභාසය ලැබීමටද අවස්ථාව උදාවිය. ඔහු වෙනකකු නොව ජගත් වික්‍රමසිංහ මහතායි. ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති වශයෙන් 2020 පෙබරවාරි මස 13 වැනි දින වැඩ භාරගත් අතර, ඒ පිළිබඳ අපි ඔහු සමඟ පිළිසඳරක යෙදුණෙමු.

ගුවන්විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් තේරී පත්වුණු එක ගැන මොකද හිතෙන්නේ?
ප්‍රථමයෙන්ම ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මේ වගකීමට මා ගැන විශ්වාස තබා භාර දීමත්, ගුවන්විදුලිය ප්‍රතිසංවිධානය කිරීමටත්, සංස්කෘතික මාවතකට පියනඟන්න උපදේශත්, ඊට අවශ්‍ය බලයත් ලබා දීම ගැනත් ස්තුතිවන්ත වෙනවා. කලාකරුවන්ගේ අරමුණු ඉටු කිරීමට මට ලොකු වගකීමක් පැවරී තිබෙනවා. කාලීන හා දිගුකාලීනව ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් සමාජයීය අවශ්‍යතාවන් අනුව සියල්ලන්ගේම අවශ්‍යතා ඉටුකරන්න මම බැඳී සිටිනවා. අපේ දරු පරපුරටත්, තරුණ පරපුරටත් වැඩිහිටි අයටත් අවශ්‍ය වන පරිදි අවශ්‍යතා ඉටුකළ යුතුයි.
ජනතා ප්‍රතිචාර මෙන්ම රසික ප්‍රේක්‍ෂක ප්‍රතිචාර කොහොමද?
බොහොමයක් ජනතා ප්‍රතිචාර මට ලැබුණා. ඒ අවස්ථාවේ ලොකු වගකීමක් හිතට දැනුණා. කාලයක් බලාපොරොත්තු වෙලා සිටිය දේශපාලන හා සමාජයීය වශයෙන් වගකීමක් ඉටුකරන්න එයට අවස්ථාවක් ලැබීම ගැන සතුටට පත්වෙනවා.
ඔබට ගුවන්විදුලි සංස්ථාව අලුත් තැනක් නොවන බව කලින් පැවසුවා. ඒ ගැන සඳහන් කළොත්?
මම කුඩා කාලයේ සිට පියාගේ ඇඟේ එල්ලිලා තමයි මෙතැනට ගියේ. ඒ වර්ෂ 1969 වගේ කාලේ. ඔහු සංගීත ගුරුවරයෙක් වශයෙන් සේවය කළා. ‘හඳමාමා,’ ‘කනිටු සරසවිය,’ ‘සංගීත සන්ධ්‍යාව’ මේ ආදී වැඩසටහන්වලට කුඩා කාලයේ සිට මාව සම්බන්ධ කළා. මේ ගුවන්විදුලි සංස්ථාවත් එක්ක බැඳීමේ අත්තිවාරම එතැන කියලයි මම හිතන්නේ. නැවැතත් මා සම්බන්ධ වෙන්නේ 1988 වර්ෂයේ. සංගීත ගුරුවරයෙක් වශයෙන් අවුරුදු 3ක් සේවය කළා. පසුව අවුරුදු 29ක් සංගීත අංශයේ ස්වාධීන කලාකරුවෙක් විදියට සංගීත නිර්මාණකරණයේ යෙදුණා. ඒ අතර මට ඇසුරු කරන්න ලැබුණා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, ආචාර්ය වික්ටර් රත්නායකයන්, ගුණදාස කපුගේ මහතා, ඇන්ජලීන් ගුණතිලක මහත්මිය, ආචාර්ය සනත් නන්දසිරි මහතා, ලතා වල්පොළ මහත්මිය ඇතුළු කලාකරුවන් සමඟ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් ලොකු මෙහෙවරක් කළා. ඊට අමතරව කැලණිය සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් දැනටමත් සේවය කරනවා.
ඔබේ නිර්මාණ ගැන කිව්වොත්?
කුඩා දරුවන් වෙනුවෙන් ගීත 400කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කළා. දැනට ගීත දහසකට අධික සංඛ්‍යාවක් ගායනා කරලා තියෙනවා. කලාකරුවන් සමඟ රටවල් 40කට අධික සංඛ්‍යාවක සංචාරය කරමින් විවිධ වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ ලැබුණු අත්දැකීම් බහුලයි. අවර ගණයේ එකදු නිර්මාණයක්වත් මම මගේ ජීවිතයේ කරලා නැහැ. ජාතියට, ආගමට, සංස්කෘතියට උචිත අන්දමේ නිර්මාණ තමයි කරලා තියෙන්නේ.
කාර්යමණ්ඩලය ලැබෙන සහයෝගය කොයි වගේද?
තවම මම ඒ තනතුරට අලුත් කෙනෙක්. ඒ අය සුහදශීලීව කටයුතු කරයි කියලා මම හිතනවා. ඉදිරියටත් එහෙම වෙයි. සියලුම දෙනා සමඟ වැඩකටයුතු කරනකොට විවිධ පුද්ගලයෝ ඉන්නවා. සමහර අය බලාපොරොත්තු වෙන දේවල් විවිධයි. අපි මේ සියල්ලන්ටම රාජ්‍ය මට්ටමින් සේවය කිරීමට බැඳී සිටිනවා. මේක රැකියාවක් පමණක් නොවෙයි වගකීමක් හැටියට මා දකින්නේ. රාජ්‍ය මට්ටමේ නීතිමය රාමුවකට යටත්ව ආයතන සංග්‍රහය තුළ සේවය කරන්න මම බැඳී සිටිනවා.
ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වන අනාගත සැලසුම් මොනවාද?
ප්‍රධාන වශයෙන් අපි කුඩා කාලයේ සිට ජාතික ගුවන්විදුලි කළ කාර්යභාරයක් තියෙනවා. ජාතිකත්වයෙන් නායකත්වයෙන් වුණු වෙනස් වීම් ජාතික ගුවන්විදුලියෙහි තිබෙන අරමුණු මෙහි තිබෙන වගකීම් හා යුතුකම් ඉෂ්ට කරන්නත්, ඒවා මඟහැරිලා තිබෙනවා නම් නැවැත ප්‍රතිෂ්ඨාපනය කිරීමටත්, දියුණුවන ලෝකයෙහි තාක්‍ෂණික වශයෙන් යාවත්කාලීන කරන්නත් තමයි මට පැවරිලා තිබෙන වගකීම්. ශ්‍රාවකයන්ගේ අවශ්‍යතා අනුව වැඩසටහන් මාලාවක් නිර්මාණය කිරීමට අදහස් කරනවා. මේ සඳහා විශ්වවිiාලය තරුණ දරු දැරියන්ගේ අදහස් උපයෝගී කරගන්නවා.
ඔබ හිතනවාද දැන් තියෙන රූපවාහිනී නාළිකා තරගකාරිත්වයත් එක්ක ගුවන්විදුලි නාළිකාවලට තැනක් ලැබෙයි කියලා?
අනිවාර්යයෙන්ම ගුවන්විදුලිය කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක්. රූපවාහිනිය කියන්නේ ශ්‍රාව්‍ය, දෘශ්‍ය මාධ්‍යයක්. මම හිතන්නේ ප්‍රබලම මාධ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යය කියලා. බුදුහාමුදුරුවොත් බණ කිව්වේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන්. බුදු බණ අසා නිවන් දැක්කා, බණ අසා සෝවාන් වුණා, බණ අසා රහත් වුණා ආදී වශයෙන්. අපේ ත්‍රිපිටකයේ දැක්වෙන්නේ ප්‍රබල මාධ්‍යයක් ලෙසයි හඳුන්වන්නේ. යම් වැඩක් කරමින් ගුවන්විදුලියට සවන් දෙන්න පුළුවන්. ඒක මනසත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ.
ඔබ රංගනයෙන් ටෙලිනාට්‍ය ගණනාවකට දායකවෙලා තියෙනවා. ඉදිරියට රංගනයෙන් දායකවෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
මට ගැළපෙන සුදුසු චරිතයක් ලැබුණොත් රඟපානවා. මම කිසිවක් වාරණය කරගෙන නැහැ.
කැදැල්ල ගැන සඳහන් කළොත්?
මගේ බිරිය ගයනි ප්‍රසංගිකා කොහොන. ශාස්ත්‍රපති සහ අධ්‍යාපනපති උපාධි දෙකක් තියෙන උගත් ගුරුවරියක්. ඇය මහරගම විද්‍යාකර විද්‍යාලයේ ජන සන්නිවේදන විෂය උගන්වනවා. පුතා සිදත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා. ලොකු දුව තිළිණි ඇය විශාඛා විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටිනවා. පොඩි දුව අසිනි අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මහින්දගේ සිංහල ‌බෞද්ධ ගම සජිත් ‌හෙල්ලුවාද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

Next Post

හෙළයේ නිර්මාතෘ රාවණද – විජයද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.