• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගේ සිංහල ‌බෞද්ධ ගම සජිත් ‌හෙල්ලුවාද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

February 22, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
මහින්දගේ සිංහල ‌බෞද්ධ ගම සජිත් ‌හෙල්ලුවාද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මහ ලොකුවට සජිත් කිව්වේ ගම, සිංහල බෞද්ධ ඡන්ද එයත් එක්ක කියල. කෝ ගමේ සිංහල බෞද්ධ ඡන්ද හේදිලා ගියානේ…’
මේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු රනිල්ගේ පිලෙහි කට්ටිය කියන කතාය. ඇත්තටම ගෝඨාභය 2019 ජනාධිපතිවරණය දින්නේ තනිකරම සිංහල බෞද්ධ ඡන්දවලිනි.
සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපතිවරයෙක් තෝරා ගත් අවස්ථා ඇත්තේ දෙකක් පමණි. එකක් නම් 2010 ජනාධිපතිවරණයය. අනෙක මෙවර පැවැති 2019 ජනාධිපතිවරණයය. ඒ ජනාධිපතිවරණ දෙකම ජයගත්තේ රාජපක්‍ෂවරුන්ය. 2010 ජනාධිපතිවරණය සිංහල බෞද්ධ ඡන්දවලින් ජය ගත්තේ මහින්දය. 2019 ජනාධිපතිවරණ සිංහල බෞද්ධ ඡන්දවලින් ජය ගත්තේ ගෝඨාභයය. 2010 ජනාධිපතිවරයත්, 2019 ජනාධිපතිවරණයත් අතර අරුම පුදුම සමානකම් තිබේ. 2010 ජනාධිපතිවරණය පැවැත්වූයේ මහින්ද යුද්ධය ජය ගැනීමෙන් පසුවය. 2019 ජනාධිපතිවරණය පැවැත්වූයේ වසර 10කට පසු ලංකාව යළිත් ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ පාස්කු බෝම්බයට පසුවය.
2009 සිංහල බෞද්ධයන් රාජපක්‍ෂවරු වටා එක් වූයේ දමිළ අන්තවාදයට එරෙහිවය. 2019 සිංහල බෞද්ධයන් රාජපක්‍ෂවරු වටා එක් වූයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිවය. 2010 මහින්දට එරෙහිව ප්‍රධාන විපක්‍ෂය වූ යූ.ඇන්.පී.ය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ යුද්ධය දිනපු හමුදාපති සරත් ෆොන්සේකාය. 2019 ආණ්ඩු බලය හිමි යූ.ඇන්.පී.ය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ යූ.ඇන්.පී.යේ ජනප්‍රියතම අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසය. මේ ජනාධිපතිවරණ දෙකෙහිදීම යූ.ඇන්.පී. නායක රනිල් අපේක්‍ෂකත්වයට ඉදිරිපත් නොවූ අතර, ඔහුත්, පක්‍ෂයත් 2010 අපේක්‍ෂක ෆොන්සේකාත්, 2019 අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසත් පරාජය කරන්න කුමන්ත්‍රණය කළ බවට ජනාධිපතිවරණයෙන් පසුව චෝදනා එල්ල විය.
2010 ජනාධිපතිවරණයත්, 2019 ජනාධිපතිවරණයත් අතර, සමානකම් සේම වෙනස්කම්ද තිබේ. 2010 ජනාධිපතිවරණය පැවැතියේ මහින්ද යුද්ධය දිනා මාස කිහිපයකට පසුවය. ඒ මාස කිහිපය තුළ ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව එතරම් හොඳ නොවීය. යුද්ධය දිනා මාස කිහිපයකට පසුව පැවැති දකුණු පළාත් සභා ඡන්දය මහින්දලා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල පෙන්වූයේ නැත. යුද්ධය යන අතරතුර කඩින්කඩ පළාත් සභා ඡන්ද පැවැත්වූ අතර, දකුණු පළාත් සභා ඡන්දය අවසානයට පවත්වන්න තීරණය කළේ යුද්ධය දිනා දකුණ දිනන්නටය. පළාත් සභාව මහින්දගේ ආණ්ඩුව දින්නත් හිතපු ජයග්‍රහණය ලැබුණේ නැත. එයට හේතුව ජීවන වියදම සහ ආර්ථික ප්‍රශ්නය. රාජපක්‍ෂවරු වහාම හදිසි ජනාධිපතිවරණයකට ගියේ එන පොට හොඳ නැති බව තේරුම්ගෙනය. මහින්ද හිතුවේ ඔහුගේ ප්‍රතිවාදියා යූ.ඇන්.පී. නායක රනිල් කියාය. ඒත් යූ.ඇන්.පී.ය ඉදිරිපත් කළේ මහින්දට යුද්ධය දිනල දුන්න හමුදාපති සරත් ෆොන්සේකාය. අනෙක 2010 ජනාධිපතිවරණයට මුලු විපක්‍ෂයම එකට එක් විය. ජ.වි.පෙ. ඡන්ද කුට්ටිය පිටින්ම ෆොන්සේකාගේ පෙට්ටියට වැටිණි. ඉතිහාසයේ ප්‍රථම වතාවට යූ.ඇන්.පී., ජේ.වී.පී., ටී.එන්.ඒ. එකම වේදිකාවකට පැමිණියහ. 2010 ජනාධිපතිවරණය පැවැතියේ මහින්දට එවැනි අවාසිදායක වාතාවරණයකය.
නමුත් 2019 ජනාධිපතිවරණය පැවැත්වූයේ සජිත්ට මුළුමනින්ම අවාසිදායක වාතාවරණයකය. 2015 බලයට ආ මෛත්‍රි සහ රනිල් ආණ්ඩුවේ ගැටුම් මිනිසුන්ට අප්‍රිය වී තිබිණි. රට පුරා වැඩ වර්ජනවලින් මිනිස්සු හෙම්බත් වී තිබිණි. ප්‍රශ්න ආ විට එකිනෙකාට චෝදනා කර ගන්නවා විනා ඒවා විසඳන්න මෛත්‍රි හෝ රනිල් උත්සාහ ගත්තේ නැත. බැඳුම්කර මංකොල්ලය ලෝකයේ ලොකුම මංකොල්ලය ලෙස ජනාධිපතිවරයා විසින්ම රටට ඔප්පු කොට තිබිණි. ජනාධිපතිවරයාම තමාගේ ඇමැති මණ්ඩලයට එරෙහි දූෂණ හොයන්න ජනාධිපති කොමිසම් පත්කොට තිබිණි. පාස්කු බෝම්බයෙන් රටේ පාලනයක් නැති බව මිනිස්සු තේරුම් ගත්හ. ජනාධිපතිවරණ සමයේ පැවැති දුම්රිය වර්ජන, ගෑස් හිඟය, මුස්ලිම් විරෝධී රැල්ල සජිත්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට හෙණ ගැහුවා මෙන් විය.
2010දී ෆොන්සේකාගේ අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් සහ රනිල්ගේ ඇමැති මණ්ඩලයට යෝජනා වූවන් සුපිරිසුදු චරිත විය. ඒත් 2019දී සජිත්ගේ අගමැති අපේක්‍ෂක තමන් යැයි කී රනිල් බැඳුම්කර හොරකමට සම්බන්ධ වූවෙක් ලෙස ජනාධිපතිම හංවඩු ගසා තිබිණි. අනෙකුත් ඇමැතිවරුන්ටද දූෂණ චෝදනා තිබිණි.
අනෙක සජිත්ගේ ප්‍රතිවාදියා ගෝඨාභය දේශපාලන කුලකයට අයත් නොවූ වෙනස් චරිතයක් විය. ඔහු කලින් මන්ත්‍රි ධුරයක් හෝ ඇමැති ධුරයක් දරා නොතිබීම ඔහුගේ වාසියට හේතු විය. අනෙක ජනාධිපතිවරණය ආරම්භයේම ඇමෙරිකානු පුරවැසිකම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ලද ජය, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පොහොට්ටුව ලද ජය, පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එකට එක්වීම ගෝඨාභය ඡන්දය කට ළඟ තියා ලබාගත් ජයග්‍රහණය.
කෙටියෙන් කියතොත් ගෝඨාභයට හිමි වූයේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ශක්තිමත්ම, ජනප්‍රියතම විපක්‍ෂයක්ය. සජිත්ට හිමි වූයේ ලංකාවේ ආණ්ඩු ඉතිහාසයේ පළමුවරට පළාත් පාලන ඡන්දයත් පරාජය වීමට තරම් අප්‍රසාදයට පත්වූ ආණ්ඩුවකි. ඊට පෙර කිසිදු ආණ්ඩුවක් පළාත් පාලන ඡන්ද පරාජය වී නැත.

මෙලෙස ගෝඨාභයට සියලු වාසිදායක තත්ත්වයන් තිබියදීත් සියලු අවාසිදායක තත්ත්වයන් යටතේ 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද දිනා ගත් මහින්දගේ ගමේ සිංහල බෞද්ධ ඡන්ද පදනම ගෙඩිය පිටින් දිනා ගන්න සජිත් ගෝඨාභයට ඉඩ දුන්නේ නැත. 2010 සහ 2019 මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කර බලන විට ඒ බව පැහැදිලිය.
සිංහල බෞද්ධ ගමේ ඡන්ද ගෙඩිය පිටින් ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, කළුතර යන දිස්ත්‍රික්කවලය. මේ දිස්ත්‍රික්කවලින් 2010 ජනාධිපතිවරණයේ මහින්ද ගත්ත ඡන්ද ප්‍රතිශතය ගෝඨාභය 2019 වැඩි කරගෙන ඇත්තේ දිස්ත්‍රික්ක දෙකක පමණි. ඒ ගාල්ල සහ මාතර පමණය. ඒත් සුළු ප්‍රතිශතයකිනි.
2010 මහින්ද ගාල්ලෙන් 63.69%ක් ගත් අතර ගෝඨාභය 2019 එය 64.26%ක් දක්වා වැඩිකර ගැනීමට සමත් විය. මාතර 2010 මහින්ද 65.53%ක් ගත් අතර, ගෝඨාභය එය 2019 67.25%කින් වැඩිකර ගන්න සමත් විය.
අනෙකුත් සිංහල බෞද්ධ ගමේ ඡන්ද ගෙඩිය පිටින් ඇති දිස්ත්‍රික්ක අතරින් අනුරාධපුරය ගෙන බලන විට මහින්ද 2010 අනුරාධපුරයෙන් 66.32%ක් ගත්තේය. ගෝඨාභය එය 2019දී 58.97%ක් දක්වා අඩු කරගෙන ඇත. මහින්ද 2010 රත්නපුරයෙන් 63.76%ක් ගත්තේය. ගෝඨාභය 2019දී එය 59.93ක් දක්වා අඩු කරගෙන ඇත. මහින්ද 2010දී මොණරාගලින් 69.01%ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය. ගෝඨාභය එය 65.34%ක් දක්වා අඩු කරගෙන ඇත. මහින්ද 2010 පොළොන්නරුවෙන් 64.92ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය. ගෝඨාභය 2019දී එය 53.01%කට අඩු කරගෙන ඇත. 2010දී මහින්ද කළුතරින් 63.06%ක ප්‍රතිශතයක් ගත්තේය. ගෝඨාභය එය 2019 59.49%ක් දක්වා අඩු කර ගෙන ඇත. මහින්ද 2010දී කුරුණෑගලින් 63.08ක ඡන්ද ප්‍රතිශතයක් ගනිද්දී ගෝඨාභය 2019දී එය 57.90%ක් දක්වා අඩු කරගෙන ඇත. මහින්ද 2010 හම්බන්තොටින් 67.21%ක් ගනිද්දී ගෝඨාභය 2019දී එය 66.17%ක් දක්වා අඩු කර ගෙන ඇත.
‘ඒ කියන්නේ රාජපක්‍ෂලාගේ ගමේ සිංහල බෞද්ධ ඡන්ද පදනම වැටිලාද..?’
හරියට බැලුවොත් 2010ට සාපේක්‍ෂව වැටිලාය. 2010ටත් වඩා මෙවර ගෝඨාභය ඡන්ද සටන ගෙන ගියේ පන්සල් මුල්කරගෙනය. ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි මංගල කී කතාව, රන්ජන් මහ සංඝරත්නයට කළ අපහාස, ප්‍රධාන පෙළේ හිමිවරු අලි තබා ගැනීම නිසා අත්අඩංගුවට පත්වීම වැනි සටන් පාඨ මෙවර ජනාධිපතිවරණයේ පෙරට ආවේ 2010 ජනාධිපතිවරණයේ යුද ජයග්‍රහණ සටන් පාඨයත් අභිභවමින්ය. ඒත් ගමේ සිංහල බෞද්ධ ඡන්ද අඩු වී ඇත.
‘ඇයි ඒ..?’
මහ මැතිවරණයට සූදානම් වන රාජපක්‍ෂලාට මේ ගැන හිතන්න කාලය ඇවිත්ය. රනිල් පිළ සජිත්ට බැන්නට සජිත් 2010 මහින්දගේ ගමේ සිංහල බෞද්ධ ඡන්ද පදනම සොලවා ඇත. හැබැයි 2020 මහ ඡන්දයට එන්නේ 2010 ගමේ සිංහල බෞද්ධ ඡන්ද පදනමේ හිමිකරු මහින්දමය. හරියටම වසර 10කට පසු ඔහු 2019 සජිත් හොල්ලපු සිංහල බෞද්ධ ඡන්ද පදනම රැක ගනීද නැද්ද යන්න තවම කියන්න බැරිය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

TABBOWA LAKE RESORT

Next Post

රට වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍යයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.