හෘද සාක්ෂියට එකඟව ප්‍රායෝගිකවම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙන ප්‍රායෝගික බෞද්ධයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් විසින් සිදු කරනු ලබන උතුම් සමාජය සහ ශාසනික මෙහෙවර අඩපණ කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇති කළේත්,බුදු දහම වෙනුවෙන් මෑතකාලයේ අප්‍රමාණ මෙහෙවරක් ඉටු කළේත් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා,එදා එතුමා විහාරස්ථාන වලට ගොස් මල් පහන් පූජා කිරීම පවා ඇතැමුන්ගේ උපහාසයට කරුණක් වූ බවද පැවසීය.
සැබෑ බෞද්ධයින් ලෙස සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමටත් ගොඩනැඟීමටත් ඇප කැපවීම අඩපන කොට ඔවුන්ව සමාජයේ නිග්‍රහයට පත් කිරීම ඒ කුමන්ත්‍රණවල අරමුණ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
බෞද්ධ විරෝධී බලවේග හිස ඔසවන විට ඔවුන්ව සමනය කිරීමට නොහැකිනම් එය බරපතළ ඛේදවාචකයක් බවත්,බුදුදහම සුරක්ෂිත කිරීමට ඇප කැපවීම කාගේත් වගකීම බවද පැවසීය.
පවුල් දේශපාලනයට තමන් සහමුලින් විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා,නමුත් ඔවුන්ට සමාජ සේවය කිරීමේ අයිතියට බාධා කිරීමට තමන් කිසිවිටකත් සූදානම් නැති බව ද පැවසීය.ජේ ආර් ජයවර්ධන මහතාගේ සමයේදී ක්‍රියාත්මක වූ සේවා වනිතා ඒකකය පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකතුමා දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු එම වැඩසටහන හරහා සමාජ සේවාවන් රැසක් ඉටු කළ බවත්,ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ බිරිඳ පවා එම වැඩසටහනෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් පැවසීය.සමාජ සේවය සිදු කරනවා යනු මැතිවරණයට ඉදිරිපත් වීම හෝ මන්ත්‍රී ධුර ලබාගැනීම හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ට සමාජ සේවාවන් කිරීමට ඇති අයිතියට අවහිර කළ නොහැකි බව ද පැවසීය.
ත්‍රෛනිකායික පළාත් මහා සංඝරත්නයේ ආශිර්වාදය මත ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනමනු ලැබීමත් නයන වාසල තිලක මහතාට දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ බස්නායක ධූරය පිරිනැමීමත් ඇතුළු උතුම් පින්කම් රැසක් අද පැවැත්විණි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් උන්නතියත් උදෙසා නිස්සරණාධ්‍යාශයෙන් කරනු ලබන උදාරතර මෙහෙවර ඇගයීමට ලක් කරමින් ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත මෙම ගෞරව නාමය පිරිනමනු ලැබීය.
පූජ්‍ය මෙත්මුනිගම සිරිසුමන නාහිමිපාණන් වහන්සේ,පූජ්‍ය කහත්තේවෙල සිරි නිවාස නාහිමිපාණන්වහන්සේ,පූජ්‍ය නින්දානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාළ අතර ත්‍රෛනිකායික ගෞරවනීය මහා සංඝරත්නය විසින් “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී”ගෞරවනාම සන්නස ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.















