පොහොට්ටුව සමග එක්ව අලුතින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ලැබීමේ ප්‍රීතිය නිමිත්‌තෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ දැවැන්ත උත්සවයක් තබා ඇති බව වාර්තා වේ.
ඊයේ (18) රාත්‍රියේ පැවැති මෙම උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම මැතිඇමැතිවරුන්ට අමරවීර මහතා විසින් ආරාධනා කර තිබූ බව පැවසේ.
ඊට මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගීව සිට ඇති අතර එහිදී නව සන්ධානයේ සභාපති ධූරය ලැබීම සම්බන්ධයෙන් සිරිසේන මහතා විශාල ප්‍රීතියකින් යුතුව අදහස් දක්වා ඇති බවද දැනගන්නට ඇත.










