• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගාමිණී නිසා විජය කැලඹුණු හැටි

February 18, 2020
in Heart
Reading Time: 1 min read
A A
ගාමිණී නිසා විජය කැලඹුණු හැටි
Share on WhatsAppShare on Facebook

මෙම සිදුවීම වෙන්නෙ 70 දසකයේ අග භාගයේ දවසක. හරියටම කියනවා නම් මැයි පළමුවැනිදාවක. සිද්ධිය වුණේ කැම්බල්පිටියේ ඉදිකර තිබූ විශේෂ වේදිකාවක් මත. ඒ සිදුවීමට මුහුණ දුන්නේ මෙරට ජනහදවත් වඩ වඩාත් සිය අනන්‍යතාවයන්ගෙන් ආකර්ෂණය කරගනිමින් ඔවුන්ගේ හදවත් සොරා ගන්නට සමත්ව සිටි විජයකුමාරණතුංග නම් විශිෂ්ට රංගධරයාය. නැතහොත් ගායන ශිල්පියාය. එසේත් නැතිනම් මානව හිතවාදී දේශපාලනඥයාය. කෙසේ නමුදු ඔහුගේ ජීවිතයේ ආන්දෝලනාත්මක ඡායාරූපයට ඔහුගේම අතපසුවීමකින් ඉඩහසර සැලසුණේ ඒ මැයි දින වේදිකාවේදීය.

ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වූ මේ අපූරු ඡායාරූපය පසුදා පුවත්පත් පාඨකයන්ට මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ටද රසවත් මාතෘකාවක් වූවාට සැක නැත. කෙසේ නමුදු එදා විජයගේ ජීවිතයේ යම් තීරණාත්මක මෙන්ම ආන්දෝලනාත්මක ඡායාරූපයක් වූ එම ඡායාරූපය ලබා ගත් ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී ගාමිණී අබේසේකර මහතා සිය අත්දැකීම් ප්‍රථම වතාවට මාධ්‍යයට හෙළිකළේ මේ අයුරිනි.

මට තාමත් ඒ සිදුවීම අද වගේ මතකයි. ඒ කාලේ අද වගේ රූපවාහිනී නැහැ. පත්තරත් තිබුණෙ දෙක තුනයි. ඉතින් ඕනෑම තැනකට ගියාම ලොකු පිළිගැනීමක්, වටිනාකමක්, සැලකීමක් තිබුණා. ඉතින් ඔය සිදුවීම වුණු මැයි දිනය ආවරණය කරන්නත් මට තමයි භාරවුණේ. එදා ඔය මැයි රැලිය තිබුණේ කැම්බල්පිටියේ. ඒ කාලේ ඒ වගේ වැඩක් තියෙද්දි අපි කලින්ම ගිහින් අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන ලෑස්තිපිට තමයි ඉන්නෙ. මොකද ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන ඡායාරූපයක් කොයි මොහොතෙ කොහොම ගන්න ලැබුණත් එය අරගන්න එක තමයි අපේ දක්ෂකම.

එදා ඉතින් අපි කැම්බල්පිටියට යද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කලින්ම ඇවිත් හිටිය. ඒ වෙද්දී සෙනඟ ගොඩක් ඇවිත් නැතත්, පෙළපාළියෙ විශාල සෙනඟක් එමින් හිටියෙ. මොකද අපි මුලින්ම පෙළපාළිය කවර් කරලා තමයි කැම්බල්පිටියට ගියේ. ඒ වෙලාවේ සිරිමාවෝ මැතිනිය මගෙත් එක්ක සුහදව කතා කළා. කොහොමද සෙනඟ කියලත් ඇහුවා. මං කිව්වා තරමක් සෙනඟ ඉන්නවා කියලා. ඉතින් ඒ වෙද්දි විජය කුමාරණතුංග මහත්තයා පෙළපාළියෙ එමින් තමයි හිටියේ.

ඔය අතරේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරන නායකයන් පෙරටු කරගෙන මිනිස්සු කැම්බල්පිටියට එක් රැස්වෙමින් තමයි හිටියේ. ඔය අතරේ ඔන්න විජය කුමාරණතුංග එයාගේ කට්ටියත් එක්ක කැම්බල්පිටියට ආවා. ඔය සිදුවීම වෙනකාලේ වෙද්දී විජයයි මමයි හොඳට හඳුනනවා. ඔන්න ඉතින් විජය වේදිකාව ළඟට ආ ගමන්ම එතැන ළඟ හිටපු පුංචි සාමණේර හාමුදුරුනමක් වඩා ගත්තා. මං හිතන්නේ විජය ආගමේ නිසා එහි බරපතළකම නොතේරුණත්, මට එහි බරපතළකම තේරුණා. මොකද හදපු වඩපු අම්මා, තාත්තාටවත් දරුවකු චීවරයට කැපවුණාට පසු වඩා ගන්න අවසර නැහැ. මැතිනිය හිනා වෙවී බලා සිටියා. ඒ වෙලාවේ මං වේදිකාව උඩ හිටියෙ. මට වේදිකාවෙන් වටෙන් ගිහින් බැහැලා එන්න තරම් වෙලාවක් නැහැ. මං ටක්ගාලා වේදිකාව ඉස්සරහින් ඇවිත් බිමට පැන්නා. පැනපු ගමන් ෂොට් දෙක තුනක් ටක් ටක් ගාලා ගත්තා. ඊට පස්සේ මං හෙමිහිට ආයෙත් උඩට ආවා. මොකද ෆොටෝ එක ගත්තට මදි කැප්ෂන් එකට විස්තරේ ගන්නත් එපායැ. මං ඉතින් විජේගෙන් ඇහුවා ඇයි ඒ හාමුදුරුවන්ව වඩාගත්තේ කියලා. එහෙම විශේෂයක් නෑ බං නිකම් වඩාගත්තෙ කිව්වා.

පස්සෙ මං ආපසු ඔෆිස් එකට ඇවිත් එල්මෝ ගුණරත්න මහත්තයට ෆොටෝ එක දීලා විස්තරේ කිව්වා. එතුමා ෆොටෝ එක බලලා ආ මේක දාමු කියලා දෙවැනිදා පත්තරේට ෆොටෝ එක ගත්තා. ඉතින් මං වෙනදා වගේම දෙවැනිදා ඔෆිස් එකට එද්දී එල්මෝ ගුණරත්න මහත්මයාට ජේ.ආර්. කතාකරලා අහලා තිබුණා කවුද අර පින්තූරෙ ගත්තෙ කියලා. අනෙක් එක විශේෂයෙන් කියන්න ඕනෑ ඒ කාලේ අපට එල්මෝ මහත්මයා සමඟ වැඩ කරද්දී බයක් නැහැ. දැනුම් සම්භාරයක් තිබුණු විශේෂ කතුවරයෙක් වගේම තමන්ගේ සේවකයන් ආරක්ෂා කරන කෙනෙක් එතුමා. ඉතින් කොහේ ගියත් බය නැහැ එතුමා ඉන්නවා නම් තාත්තා වගේ. එදා ඉතින් මං කිව්වා මොකද දන්නෙ නෑ කතා කළේ කියලා. එතකොට කිව්වා බය නැතිව ඉන්නවා. මං ඒ සේරම බලා ගන්නම් කියලා.

ඉතින් ඊට පස්සේ ජේ.ආර්. එල්මෝ මහත්මයාට කියලා තිබුණා අර පින්තූරේ ලොකු පිටපත් දෙකක් එවන්න කියලා. කොහොම හරි ඊට පස්සේ වසර කිහිපයකින් ඡන්දයක් ආවා. ඒ ඡන්දය කිට්ටුවෙද්දී රැස්වීම දවසට කලින් ජේ. ආර්. ලේක්හවුස් සභාපතිට කියලා ලංකාදීපයෙන් අර ෆොටෝ දෙක අරන් පේජ් වන් දාන්න කියලා. එදාම ලංකාදීපයේත් පේජ් වන් දාන්න කියලා එල්මෝ මහත්මයාට කියලා තිබුණා. කොහොම හරි පත්තර දෙක පෙන්වලා තමයි කතාව කළේ. එයින් විජයගේ ඡන්ද සෑහෙන්න කැඩුණා. මොනවා වුණත් එල්මෝ මහත්මයා මගේ නම දැම්මේ නැහැ. ඒ තරම් අපව ආරක්ෂා කළා. එදා ජේ.ආර්. ඒ පත්තර දෙක පෙන්නලා කියපු කතාවත් මට තාමත් මතකයි. ඔහු කිව්වා මෙන්න බලන්න නඵ බෑනයි, නරි බෑනයි බලන් ඉන්නවා. මේ අම්මණ්ඩි හිනාවෙවී බලන් ඉන්නවා හොඳයි නේද මේ රටට වෙන්න යන සෙතේ කියලා. කෙසේ හෝ ඒ සිදුවීම එදා විජයගේ ඡන්ද කැඩෙන්න බලපාන්න ඇති කියලා මං හිතනවා. මොනවා වුණත් විජය මගේ යාඵවා වුණත් මං එදායින් පස්සේ ඔහු ඉන්න පැත්ත පළාතක ගියේ නැහැ.
ප්‍රවීණ ඡායාරූප ශිල්පි ගාමිණී අබේසේකර

SendShareShare
Previous Post

ගෝඨා 2ක් අතහරී: දිනේෂ් වගකීම කරට ගනී

Next Post

හතර වැනි තට්ටුවට ගිය විජය

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.