ඉකුත් යහපාලන රජය 2015 සහ 2016 වසරවලදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට එකග වී තිබූ යෝජනා 2ක් වහාම ඉවත් කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇත.
ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යංශ නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව 30-1 සහ 40-1 යන යෝජනාවන්හි දැක්වුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා ලත් හමුදා සෙබළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම යන යෝජනා දෙකෙන් ඉවත් වීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට නියමිත බවද දැනගන්නට තිබේ.










