අයවැයෙන් රුපියල් බිලියන 10ක් මැතිවරණයට වෙන් කර තිබිය දී මුදල් නොමැති යැයි පවසා පළාත් පාලන මැතිවරණය කල් දැමුවත් චක්‍රලේඛයක් හරහා දේශපාලන අතකොලුවන් පත් කර පළාත් පාලන ආයතන තමන්ට අවැසි ලෙස පාලනය කිරීමට වත්මන් රජය උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.
මෙම චක්‍රලේඛය හරහා ප්‍රදේශිය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරයාට පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය සම්බන්ධීකාරකවරයෙක් පත් කිරීමට බලය ලබා දි ඇති බවත් එමගින් නව සභා බිහි නොකර දේශපාලන අතකොලුවන් හරහා පළාත් පාලන ආයතන පාලනය කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම ජනාධිපතිවරයා විසින් අධිකරණ පද්ධතිය අමන්ත්‍රණය කරමින් කියා සිටියේ මැතිවරණයක් ජනතාවට අවශ්‍ය නොවන බව හා පාර්ලිමේන්තුවේ කිසිවකුටත් සියයට 50ක බහුතරයක් නොමැති බව යි. මෙහි දී විපක්ෂ නායකවරයා අගමැතිවරයාට අභියෝගයක් කරමින් කියා සිටියේ කල් ඇතිව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් ඒ මැතිවරණය ලබා ගැනීම උදෙසා 2/3 නොව 5/6 වුවත් ලබා දීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවද විපක්ෂ නායකතුමා පැවසීය.
තව ද විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ විනිසුරුවන් භෝජන සංග්‍රහවලට ගෙනවිත් ඇති බවත් මෙවැනි සංවේදී අධිකරණ තීන්දු ලබා දීමට තිබිය දි මෙවනි භෝජන සංග්‍රහ පැවැත්වීම සදාචාර නොමැති බවත් එය ස්වාධින තින්දුවකට බාධාවක් බවත් පැවසීය.
පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
Sajith Premadasa










