ඩ්‍රෝන තාක්ෂණය අද ලෝකයේ බොහෝ දේ සදහා භාවිතා වනවා. කෘෂිකර්මාන්තයේ සිට ජාතික ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මෙම තාක්ෂණය භාවිතා වෙනවා. කෙසේ නමුත් ඇතැම් සමාජ ජාලා සටහන් ඔස්සේ මෙහි භාවිතය සම්බන්ධ වැරදි තොරතුරු පතුරුවා හරිනවා. මේ ,එවන් කරුණක් පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
ඩ්‍රෝන තාක්ෂණය මගින් පියාසරකරන ජංගම වැසිකිලියක් චීනය මගින් නිපදවා ඇති බවත් , එය ඕනෑම පුද්ගලයෙක්ට ,ඕනෑම ස්ථානයකට ගෙන්වා ඇති බවටත් සඳහන් ඡායාරූප සටහන් පෙළක් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

එසේම ඇතැමුන් මෙමසටහන් උපහාසාත්මකව හුවමාරු කරගෙන තිබු අයුරු ද අපට දැකගන්නට ලැබුණා.

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
අප මුලින්ම සොයා බැලුවේ චීනය විසින් මේ ආකරයේ ඩ්‍රෝන වැසිකිළියක් මෑතකදී සිදු කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද පිලිබදවයි. නමුත් එවැන්නක් අපට දක්නට ලැබුණේ නැහැ.

ඉන් අනතුරුව අප මෙම සේයාරුව Reverse Image සෙවුමකට ලක්කලා. එහිදී අපට දක්නට ලැබුණේ මෙය සත්‍ය එකක් නොව කෘතීම බුද්ධිය (AI) මගින් නිපදවූ එකක් බවයි. ඔහු මෙම ජංගම වැසිකිලි පිළිබද සංකල්පය හදුන්වා තිබුණේ ,Shattle යන නමින්. එම සංකල්පය ඔස්සේ ඔහු හදුන්වා දීමට උත්සහ කර තිබුණේ අනාගත ලෝකය සදහා තාක්ෂණික වශයෙන් බලගැන්වුණු සනීපාරක්ෂාව අතින් යහපත් ,පිරිසිදු වැසිකිලියක්.
එසේම ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයට අමතරව, ඒ ආකාරයේ තවත් බොහෝ ජංගම ඩ්‍රෝන වැසිකිළි දැක්වෙන නිර්මාණ පෙළක්, Midjourney නමැති කෘතීම බුද්ධිය ඔස්සේ ඡායාරුප නිර්මාණය කරන මෙවලම ඔස්සේ නිපදවා, සිය සමාජ ජාලා ගිණුම් හරහා ප්‍රසිද්ධ කර තිබුණා. Archived
ඉන් අනතුරුව අප විමසා බැලුවේ ඩ්‍රෝන තාක්ෂණය මගින් පියාසරකරන ජංගම වැසිකිලි හෝ සනීපාරක්ෂක පහසුකම් ලබාදෙන ක්‍රමවේද භාවිතාවෙන අවස්ථා පවතීද සහ ඒ සම්බන්ධ කරුණුයි.
කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය ආරම්භවූ සමයේ එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයක අත්‍යවශය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සදහා ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කර තිබුණා. එම ද්‍රව්‍ය අතර වැසිකිලි වලට අවශ්‍ය කඩදාසි (Toilet Papers) ද තිබුණා. ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්. Archived
කෙසේ වෙතත් ඩ්‍රෝන තාක්ෂනය මගින් මෙහෙයවන ජංගම වැසිකිලි සම්බන්ධ සැබෑ ලෝකයේ ප්‍රකට සාර්ථක ව්‍යාපෘති නැහැ.
කෙසේ වෙතත් විවිධ තාක්ෂණික මෙවලම් ඔස්සේ වැසිකිලිවලට සවිකර ඇති ස්කෑනර ආදිය මගින් පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ඒවායෙහි දත්ත ජංගම දුරකථන මෙවලම් වලට ලබාගැනීම වැනි ක්‍රමවේදයන් නූතන ලෝකය තුළ සැබැවින්ම භාවිතා වෙනවා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්.Archived
කෘතීම බුද්ධිය යොදාගෙන සිදුකරන ලද නිර්මාණ පිලිබදව අප විසින් මීට පෙරද කරුණු විමසා බැලීම් සිදුකර ඇති අතර එවන් එක කරුණු විමසා බැලීමකට පිවිසිය හැකියි මෙතනින්.










