• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

විනිසුරු සටනින් දිනන්නේ නීතිපතිද-‌පොලිස්පතිද?

February 17, 2020
in CID, News
Reading Time: 1 min read
A A
විනිසුරු සටනින් දිනන්නේ  නීතිපතිද-‌පොලිස්පතිද?
Share on WhatsAppShare on Facebook

රන්ජන්ගේ හඬපට හුටපටය මේ වන විට නීතිපති සහ පොලිස්පති අතර ද්වන්ද සටනක් බවට පත්ව හමාරය. ඒ, හඬපට නිසාම වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොවන පසුබිමක් හමුවේය. වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා සඳහන් කළද ගිහාන් පිලපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමග එසේ දුරකතන සංවාදයේ නිරතව ඇත්තේ පොලීසියේ උපදෙස් අනුව බවය. ඒ, 2015 වසරේ මුල් කාර්තුවේ පොලිස්පතිවරයාව සිටි එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් අනුවය. ඒ සම්බන්ධයෙන් ඉලංගකෝන් මහතාගෙන් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කට උත්තරයක් පවා ලබාගත්තේය. එසේම ගිහාන් පිලපිටිය විනිසුරුවරයා විසින් 2015 වසරේදී මුලින්ම රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් බලපෑම් එල්ලවූ අවස්ථාවේදීම ඒ බව පැමිණිලි කර ඇත්තේ පොලිස්පති ඉලංගකෝන්ටය.
ඒත් එක්කම ඒ මහතා අධිකරණ සේවා කොමිසමටද ඒ ගැන පැමිණිලි කළේය. එහෙත් ඒ පැමිණිලි ගැන නිසි විමර්ශනයක් සිදුවූයේදැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. කර ඇති එකම දේ වී ඇත්තේ පිලපිටිය විනිසුරුවරයාගේ ආරක්ෂාව තර කිරීම පමණි. දේශපාලන හයිය හමුවේ පොලීසියද ඇතැම් විට එදා අසරණව සිටින්නට ඇතැයි සැක කළ හැක්කේ පොලීසියෙන් විනිසුරුවරයාට ලැබී තිබුණු උපදෙසට අනුවය. ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ඇමතුම්වලට සුහදශිලී ලෙස ඔහු සමග අදහස් හුවමාරුකර ගන්නා ලෙසටය. රංන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ගොන්නෙන් එළියට ආවේ එවැනි ඇමතුමකි. එම ඇමතුම ගැන පොලීසියට කිසිදු විමර්ශනයක් නොවීය. ගිහාන් පිලපිටිය විනිසුරු ගැන සැකයක්ද පොලීසියට නොවීය. ඒ නිසාම ඔහු ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතන්නටද නොගියේය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිහාන් පිලපිටිය විනිසුරුවරයා ගැන අධිකරණයට කරුණු වාර්තාකර වරෙන්තුවක් ලබා ගනිමින් ඔහුව අත්අඩංගුවට ගන්නැයි වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබෙන්නේද එවන් තත්වයක් හමුවේය. මේ වන විට අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව නීතිපතිවරයා මේ උපදෙස වැඩ බලන පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සමග කරන කථාබහට අදාළව රූපවාහිනී නාලිකාවල විකාශය වූ හඬ පටයක් මුල්කරගෙනය. පොලිස්පතිවරයා උත්සහ ගන්නේ යැයි පෙනී යන්නේ නීතිපතිවරයාට සැබෑ තත්වය පැහැදිලි කරන්නටය. නීතිපතිවරයා උත්සහ ගන්නේ යැයි පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සහක නිරත වන බවකි. කෙසේ වෙතත් මේ ගැටුම තවදුරටත් දුරදිග ගියහොත් අධිකරණ පද්ධතියම බිද වැටීමට ඇති ඉඩ කඩ බොහෝය. ඒ මේ වන විටත් ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව නීති ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් රොක්වී සිටින්නේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිවය. මේ වන විටත් නීතීඥවරුන් නීතිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක්ද සංවිධානය වී හමාරය. ඉදිරියේදී මුළු රටේම විනිසුරුවරුන් අධිකරණ වර්ජනය කිරීමේ අවදානමක්ද මේ වන විට මතුවී හමාරය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩු කටයුතු රැසකදීම නීතීඥවරයා ලෙස සම්බන්ධ වූ ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාද මේ වන විට ගිහාන් පිලපිටිය විනිසුරුවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින්නේ තවත් ජනාධිපති නීතීඥවරුන් හය දෙනෙක් සමගිනි. ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ දැනුම් දීමකට අනුවය. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයද මේ වන විට සිටින්නේ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් බවය.
නීතිපති දෙපාර්තමේන්තුව ඉකුත් බ්‍රහස්පතින්දා උත්සහයක නිරත වන්නේ එදින කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ගිහාන් පිලපිටිය විනිසුරුවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගැනීමටය. එය ව්‍යර්ථ වන්නේ ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තමන්ට උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දීම නිසාය. මෙදින විශේෂත්වයක් වන්නේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා වෙනුවෙන් 100ක නීතීඥ මණ්ඩලයක්ම අධිකරණය හමුවේ පෙනී සිටීමය. මෙය ලංකා ඉතිහාසයේ වාර්තාවකි. ඒ මෙයට පෙර ඉතිහාසයේ මෙතරම් නීතීඥවරුන් පිරිසක් එක් නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිට නැති බැවිනි. දැනගන්නට ඇති ආකාරයට අනුව ඉදිරියේදී මෙම ගණන තවත් දෙතුන් ගුණයකින් පමණ වැඩි වනු මිස අඩු නොවනු ඇත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශය ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙම ගැටුම නීතිපති සහ පොලිස්පතිවරයා අතර පවතින බැවින් ඊට රජය මැදිහක් නොවන බවය. ඔහු එසේ සදහන් කළද පවතින ගැටුම්කාරී තත්වය මුල්කර ගනිමින් අධිකරණ පද්ධතියට එය බලපෑමක් වන්නේ නම් රජයට එම ස්ථාවරයේ තවදුරටත් සිටින්නට නොහැකි වනු ඇත.
මේ අතර පොලිසීයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතා වැදගත් අපරාධමය විමර්ශන ගොනු දහස් ගණනක් වසර ගණනාවක් තිස්සේ සිරවී ඇති බවය. මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් එසේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිරවී ඇති අපරාධ ගොනු සම්බන්ධයෙන් වාර්තාවක්ද සකස්කරමින් සිටින්නේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්නටය.
මේ අතර මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් නියෝග කළ නියෝජ්‍ය පොලිස්පතිවරයකුද මාස ගණනාවක් තිස්සේ අත්අඩංගුවට ගැනීමකින් තොරව පොලිස් සේවයේ නිරතව සිටින බව චෝදනාවක්ද පොලීසියේ ලොකු තැන්වලට එල්ලවෙමින් ඇත. එම නිලධාරියාට එරෙහිව එම මූල්‍ය අක්‍රමිකතාවය පිළිබද චෝදනාව එල්ලවන්නේ ඔහු වයඹ පළාතේ පොලිස් කොට්ඨාසයක කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියදීය. ඒ පොලිස් අධිකාරී කාර්යාලය අළුත්වැඩියාවක් සම්බන්ධයෙන් වූ මූල්‍ය අක්‍රමිකතාවකි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අදාළ වංචාව සම්බන්ධයෙන් පොලිස් අධිකාරී කාර්යාලයේ සැරයන්වරයකු සහ ගණකාධිකාරීවරියව අත්අඩංගුවට ගත්තේය. පැහැදිලිවම මෙම මූල්‍ය අක්‍රමිකතාවයට පොලිස් අධීකාරීවරයා සම්බන්ධ බව අනාවරණය වූවත් යම් ඉහළ බලපෑමක් මත පොලිස් අධිකාරීවයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඉඩක් නොවීය. ඔවුන්ට සිදුවන්නේ අත්අඩංගුවට ගත් දෙදෙනාව බන්ධනාගාර ගත කිරීමකට අවශ්‍ය කටයුතු කරමින් පොලිස් අධීකාරීවරයා සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමය. එම උපදෙස නීතිපතිවරයාගෙන් ලැබෙන්නේ වසර කිහිපයකට පසුවය. ඒ වන විටත් ඔහු සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම්ද ලබාය. මෙවන් චෝදනාවක් තිබියදී පොලිස් කොස්තාපල්වරයෙකුට සැරයන්වරයෙක් වන්නට පවා බැරිකමක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව තුළ පොලිස් අධිකාරීවරයකුව සිටි මෙම නිලධාරියා අදෘෂ්‍යමාන හස්තයක ආශිර්වාදයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයටත්, නියෝජ්‍ය පොලිස්පති ධුරයටත් උසස්වීම් ලබන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවම පුදුමයෙන් පුදුමයට පත්කරමිනි.
සතියේ මේ ආකාරයට දේශපාලන බලපුළුවන්කාරකම් යොදා තමන්ට ඇති විමර්ශන සඟවා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස් වීම් ලබා සිටි නිලධාරියකුගේ රාජ්‍ය ලාංජනය ගලවා ඔහුව පොලිස් පරීක්ෂකවරයකු බවට ජාතික පොලිස් කොමිසම විසින් පත්කරන්නේද ඉකුත් සතියේය. මේ නිලධාරියා මිනුවන්ගොඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාය. එවකට පොලිස් පරීක්ෂකවරයෙක්ව සිටි ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාව කොටස් එකලස් කරන ලද මෝටර් රථයක් සිය නිල නිවසේ තබාගෙන සිටීමකි. ඒ සම්බන්ධයෙන් එදා විමර්ශන පවත්වන්නේද පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසිනි. මෙම නිලධාරියාට එම වරද සම්බන්ධයෙන් චෝදනා පත්‍ර පවා ලබාදී තිබියදී ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකධුරයටත්, සහකාර පොලිස් අධිකාරී ධුරයටත් උසස් වීම් ලැබුවේය. වසර පහ හයකට පසු ජාතික පොලිස් කොමිසම ඒ ගැන දැඩි තීන්දුවකට එළඹෙන්නේ ඔහුව හිටපු තැනටම දමමිනි.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් උපදෙසකට මේ වන විට පොලිස්පති නොවන අනාගතයේ පොලිස්පති වන්නට සිහින දකින නිලධාරියෙක් අත පොවා ඇතැයි දැනගන්නට තිබේ. ඒ මෙයට වසර දෙකකට පමණ පෙර හොරණ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක විෂ ආග්‍රහනයෙන් සිදුවූ සමූහ මරණ සම්බන්ධයෙන් වූ නීතිපති උපදෙසටය. නීතිපතිවරයා ඉකුත් සතියේ ඒ සම්බන්ධයෙන් උපදෙස පොලීසියට ලබාදී ඇත්තේ කර්මාන්ත ශාලාව අනාරක්ෂිතව පවත්වාගෙන යාමට එරෙහිව දෙදෙනකුට එරෙහිව නඩු පවරන ලෙසටය. ඒ අය අතර කර්මාන්ත ශාලාවේ හිමිකරුද සිටින බව සඳහන්ය.
එහෙත් මේ වන විට හොරණ පොලීසියේ නිලධාරින්ට උපදෙස් ලැබී ඇත්තේ නීතිපතිවරයාගේ එම නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙසටය. ඒ විශේෂ විමර්ශන ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බැවින් එම විමර්ශනය අවසානයේදී පැවැති විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතිමය තත්වයන් වෙනස් වීමට ඉඩ ඇති බව කියමිනි. පොලීසියේම තොරතුරු දැනගන්නට ඇති ආකාරයට අනුව විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් සිදුකරන්නේ කර්මාන්ත ශාලාවේ විෂ ආග්‍රහනය වී සිදුවූ සමූහ මරණයන් ගැන නොව, එම කර්මාන්ත ශාලාව ගැන මහජනතාව විසින් කිහිප අවස්ථාවකදීම පොලීසියට කළ පැමිණිලි ගැන නිසි විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිවය. ඉහළ පොලිස් නිලධාරීයෙක් දැන් ඒ පිටින් දමා සූදානම් වන්නේ ප්‍රකෝටිපති රබර් කර්මාන්ත ශාලා හිමිකරු බේරා ගන්නටය. මෙතරම් ආදරයක් ඔහු වෙනුවෙන් මේ නිලධාරියාට ඇත්තේ ඇයිදැයි මේ වන විටත් හොරණ පොලීසියේ නිලධාරීන්ට ඇත්තේ දැඩි ගැටලුවකි. මේ තත්වය නීතියේ ආධිපත්‍ය බිද වැටෙන තරම් උඩුදුවන දවස ඈතක නොවන බව පැහැදිලිය.
ඊළග පොලිස්පති වන්නට සිහින දකින පොලිස් ජ්‍යෙෂ්ඨයකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉකුත් වෙසක් පොහෝ දින කොළඹට නුදුරු රජමහා විහාරස්ථානයකට ගොස් දැඩිමුණ්ඩ දෙවියන්ට රන් පිළිමයක් භාරවෙන්නේ මේ අතරය. එදා ඔහු සමග එම භාරය ගැට ගැසීමට කොළඹ හෙට්ටිවීදියේ රන්භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවෙක්ද ගොස් තිබුණේය. භාරයට අවශ්‍ය රන් පිළිමය ලබාදෙන්නේ එම ව්‍යාපාරිකයාය. ඇස්තමේන්තුකර ඇති ආකාරයට එම පිළිමයට වැය වන මුදල ලක්ෂ 25 කි. එම මුදලම වැය කිරීමට ඉදිරිපත්වී ඇත්තේද එම ව්‍යාපාරිකයාය. ඒ බව හෙළිවන්නේ ඔහු සිය මිතුරන් කිහිප දෙනෙකුට ඒ බව පැවැසීමත් සමගිනි. එම ව්‍යාපාරිකයා පවසන ආකාරයට භාරය ඔප්පු කිරීමට නියමිතව ඇත්තේ එම නිලධාරියා පොලිස්පතිවීමෙන් අනතුරුවය. ඔහුගේ සිහිනය ලබන ඊළග පොලිස්පතිවරයා වන්නටය.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසමේදී එක්තරා පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු කියැවී හමාරය. ඒ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත් නිලධාරීන් අතර ඔහුද සිටින බැවිනි. පසුගිය සතියේ පාස්කු කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබාදුන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දෙනු ලැබුවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ලවී ඇති චෝදනාම ඔවුන් මෙන්ම එදා එම ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ලැබී සිටින නිලධාරීන්ටද එල්ලවිය යුතු බවය. උදාහරණයක් දක්වමින් ඔහු සඳහන් කරන්නේ අඩුම තරමින් කටුවපිටිය දේවස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස පොලිස් නිලධාරීන් දෙදෙනෙක්වත් යොදවා තිබුණේ නම් බෝම්බකරු දේවස්ථාන භුමියට ඇතුළුවීමට පෙර ඒ ගැන දෙවරක් සිතන බවය. එදා පාස්කු ප්‍රහාරයත් සමග එම නිලධාරීන් ස්ථාන මාරු කළත් පරීක්ෂණ කටයුතු අවසන් වන්නටත් මත්තෙන් එම නිලධාරීන්ට උසස්වීම් පවා ලබාදෙමින් එදා ඔවුන් චෝදනාවන්ට ලක්වුණු ප්‍රදේශවලම සේවයට යොදවා ඇති බවද පාලිත සිරිවර්ධන මහතා කොමිසමේ අවධානයට යොමුකරනු ලැබීය.
මේ අතර ජාතික පොලිස් කොමිසම ඉකුත් සතියේ තීරණයකට එළඹෙන්නේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූ බවට චෝදනා ලැබූ ඉහළ පොලිස් නිලධාරීන් සියළු දෙනාටම චෝදනා පත්‍ර ලබාදෙන්නටය. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මෙම නිලධාරීන්ට එම චෝදනා පත්‍ර ලබාදීමට පොලිස් කොමිසම විසින් පියවර ගනු ඇත.
බන්ධනාගරගතව සිටින පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක්ද ගෙවී ගිය සති කිහිපය තුළ ශක්තිමත් වී ඇති බවක් බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය. ඒ අතර ඉහළින්ම සිටින්නේ කොස්ගොඩ තාරකය. රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු එම බන්ධනාගාරයේ රඳවා සිටින කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයින්ට පවා පහර දෙමින් බන්ධනාගාරය තුළ රජකරමින් සිටින්නේ යම් දේශපාලනමය හයියක්ද ඇතිවය. බූස්ස බන්ධනාගාරයට ඔහුව මාරුකිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් උත්සහයක්ද වැළකී ගොස් ඇත්තේ එම දේශපාලන හයිය හේතුවෙනි. ඒ අතර ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාද සිය ගෝලයින් වෙනුවෙන් පෙනී සිටිමින් බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට තර්ජනය කර ඇති බවට තොරතුරුද බන්ධනාගාරය පැත්තෙන්ම ලැබෙමින් තිබේ. එම නිලධාරීන් ඒ ගැන කිසිදු පැමිණිල්ලක් නොකර සිටින්නේ සිය අඹුදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.
මේ අතර මාකදුරේ මධුෂ් සමග ඇසුරු කළ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සම්බන්ධයෙන් වූ විමර්ශනද මේ වන විට ඇත්තේ ඇනහිටය. මාකදුරේ මධුෂ් යම් දේශලපාලනඥයෙක්ගේ මත්කුඩු ජාවාරමක් ගැනද සාක්ෂි සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකර තිබුණේ ඉකුත් ආණ්ඩුව සමයේදීය. එසේම ඩුබායි පැමිණි එම ආණ්ඩුවේ ඇමතිවරයෙකු මුණ ගැසී ඔහුට නාඹර ගැටිස්සියන්ගේ පහස ලබාදුන් අයුරුද ඔහු හෙළි කළේය. මත්කුඩු ජාවාරමේ නිරත දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටියේ සියළු සාක්ෂිද සහිතවය. ආණ්ඩු පෙරළියෙන් පසු ඒ සියළුම විමර්ශන ඇනහිට ඇත්තේ එක තැනය. මත්කුඩු ජාවාරමේ නිරතව සිටි දේශපාලනඥයා ගැන පමණක් නොව, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ගොන්නක් ගැනම අදටත් මධුෂ්ගෙන් කෙරන ප්‍රශ්න කිරීම්වලදී හෙළි වෙමින් තිබේ. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන නිහඩය.

SendShareShare
Previous Post

එජාප ජාතික ලයිස්තුවට ‌වෙන්න යන ‌දේ

Next Post

කොල්ලො ‌කෙල්ලො උද්ඝෝෂණයට ‌ගෝල්ෆේස්ම එයිද?

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.