• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා ‌‌හොයාගත්ත චීන ‌දොස්තර චීනෙන්ම මැරුවද?

February 17, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොරෝනා ‌‌හොයාගත්ත චීන ‌දොස්තර චීනෙන්ම මැරුවද?
Share on WhatsAppShare on Facebook

මේ කවුද? මොකද කරන්නේ? කාගේ දින පොතකද මෙහෙම පිටු දිග හැරෙන්නේ? පිටුවෙන් පිටුව කියන කතාව කුමක්ද? මේක සාම්ප්‍රදායික දින පොතක් නම් නොවෙයි, ඒත් මේක හදිසියේම පෙළ ගැසුණු සිද්ධි දාමයක්.
2020 පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00-
චීන සමාජ මාධ්‍ය ජාලය එකම කඩිගුලක් විය. වෛද්‍ය ලී වෙන්ලියැන්ග් කොරෝනා වසංගත රෝගය හේතුවෙන් මිය ගිය බවට සමාජ මාධ්‍ය තුළ පුවත් පළවන්නට විය. චීන ජනතාවගේ දැඩි සංවේගය මෙන්ම කෝපයද පැතිරෙන්නට විය. චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් චීන ජනතාවගේ හදවත්වලට රිංගුවේ හරිම ඉක්මනින්.
2020 පෙබරවාරි 06දා
රාත්‍රී 10.40-
චීන රජයේ නිල පුවත්පතක් වන ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත තම ‘ට්වීටර්’ ගිණුම හරහා, වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගිය බවට ප්‍රකාශ කළේය. ඊට සුඵ මොහොතකට පසු චීනයේ කොමියුනිස්ට් පක්ෂ ඉංග්‍රීසි නිල පුවත්පත වන‘පීපල්ස් ඬේලි’ පුවත්පත විසින්ද වෛද්‍යවරයාගේ මරණය සත්‍ය බවට තහවුරු කළේය. මෙය රටට මහත් කනගාටුවට කරුණක් බවත් ඔවුන් ප්‍රකාශ කළේය. 2020 පෙබරවාරි 06දා රාත්‍රී 11.30- ලෝක සෞඛ්‍ය සංවිධානය තම‘ට්වීටර්’ ගිණුම හරහා ප්‍රකාශ කරමින් කියා සිටියේ චීන වෛද්‍යවරයාගේ මරණය ගැන තම සංවිධානය දැඩි ලෙස කම්පාවට පත්වන බැව්ය. එහෙත් පසුව මෙම ප්‍රකාශය තම ට්වීටර් ගිණුමෙන් වහා ඉවත් කරමින් එම සංවිධානය කියා සිටියේ, මෙම පුවත නැවත අවධානයට ගත යුතු තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. 2020 පෙබරවාරි 07 වැනිදා උදෑසන 12.38- වූහාන් නගරයේ මහ රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයා කොරෝනා රෝගයෙන් මරණයට පත් නොවූ බවත්, එහෙත් ඔහු ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බවත්ය. අනෙක් වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් සටනක නිරත වී සිටින බවත් ප්‍රකාශ කළේය. 2020 පෙබරවාරි 07 වැනිදා උදෑසන 12.57- ‘ග්ලෝබල් ටයිම්ස්’ සහ ‘පීපල්ස් ඬේලී’ පුවත්පත් වෛද්‍යවරයා මියගිය පුවත තම මාධ්‍යවලින් ඉවත්කර ගත්තේය. ඔවුන්ගේ ට්වීටර් ගිණුම හරහා කියා සිටියේ වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැව්ය. චීන ජනතාව රෝහල අසල කඳුඵ සලන ආකාරයත් මාධ්‍යවේදීන්ට දැක ගන්නට හැකිවිය.
2020 පෙබරවාරි 07 වැනිදා උදෑසන 2.00-
වෛද්‍ය ලී චැන්ලියැන්ග්ගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය නැවතුණේ 06 වැනිදා රාත්‍රී 9.30ට බැව් මුලින් ප්‍රකාශ වී තිබිණි. එහෙත් එය පසුව වෙනත් මත කරා ගොස් රෝගියා මියගියේ නැතැයි ප්‍රකාශ විණි. කෙසේ හෝ මෙම තත්ත්වය චීන ජනතාව මහත්සේ කලඹවන්නට විය. ජනතාව ‘ට්වීටර්’ හා සමාන වෙබ් අඩවියක් වන‘වෙයිබෝ’ සහ තවත් විවිධ මාධ්‍ය හරහා තම ආවේගය ප්‍රකාශ කරන්නට වූහ. ‘අපට කතා කරන්න නිදහස ඕනෑ’ යැයි ඔවුහු මහත් සේ හඬ නැඟූහ. මෙම තත්ත්වය කෙතරම් උත්සන්න වූයේද යැයි චීන ජනතාව මිලියන 02ක් (ලක්ෂ 20ක්) මෙසේ ප්‍රතිචාර දක්වන්නට වූහ.
2020 පෙබරවාරි 08 වැනිදා උදෑසන 3.48-
ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයා එදින උදෑසන 2.58ට ප්‍රකාශයක් කර සිටියේය. ‘වෙයිබෝ’ මාධ්‍යය හරහා එම ප්‍රකාශය සිදුකරමින් තම දැඩි සංවේගයද ප්‍රකාශකර සිටියේය.
2020 පෙබරවාරි 08 වැනිදා උදෑසන 7.00
චීන රාජ්‍ය මාධ්‍ය වන ‘ග්ලෝබල් ටයිම්ස්’ සහ ‘පීපල්ස් ඬේලි’ පුවත්පත් වෛද්‍යවරයාගේ මරණය වාර්තාකර සිටියේය. මරණයේ සත්‍යතාවය තහවුරු කර සිටියේය.
දිනපොතේ පිටු එසේ අවසන්ව ගියේය. මෙසේ දෙවරක් මිය ගිය විශ්වසනීය මිනිසා කවුද? අද මේ දිනපොතේ පිටු නිකම්ම අල්ලා ඉවත දැමිය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. දෙවරක් මරණයට පත්වූ මෙම අපූරු මිනිසා ගැන අද ලොව නොදන්නා කෙනෙක් නැති තරම්ය. අද ඔහු හඳුන්වන්නේ කොරෝනා වසංගතයේ ‘නළා හඬවන්නා’(whistle blower) ලෙසිනි. ලී වෙන්ලියැන්ග් නම් වූ ඔහු 34 හැවිරිදි වියෙහි පසුවන චීන ජාතික වෛද්‍යවරයෙකි. අක්ෂි වෛද්‍යවරයකු වන ඔහු 2019 දෙසැම්බර් මාසයේ අවසාන සතියේ තමන් ළඟට පැමිණි රෝගියකු ගැන දැඩි අවධානයක් යොමුකළේ එම රෝගියාට ඇති අක්ෂි රෝගයට වඩා වෙනත් දැඩි ශ්වසන රෝගී තත්ත්වයක් ගැන සොයා බලමිනි. අධික උණ සමඟ තිබුණු ශ්වසන රෝගී තත්ත්වය ඉතාමත් අස්වාභාවික එකක් බැව් ඔහුට පෙනී ගියේය. දින කිහිපයක් ඇතුළත ඔහුට තවත් ඒ ආකාරයේම රෝගීන් කිහිප දෙනකු හමුවිය. මේ අතර පැමිණි රෝගීන් දෙදෙනකු හදිසියේම මියගිය බැව් මෙම වෛද්‍යවරයා දැන ගත්තේය. ඔහු වහා කියා සිටියේ මෙම රෝගී තත්ත්වය මින් පෙර චීනයේ පැතිරුණු ‘සාර්ස්’ වසංගතයට සමාන එකක් ලෙසය.

එතැනින් නොනැවතුණු ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයා මෙම තත්ත්වය ගැන බලධාරීන් දැනුවත් කළේය. එහෙත් මහත් කනගාටුදායක තත්ත්වයක් උද්ගත වූයේය. වෛද්‍ය බලධාරීන් සහ රාජ්‍ය බලධාරීන් ඔහුගේ මෙම මතිමතාන්තර තඹයකට මායිම් කළේ නැත. එතැනින් පසු ඔහු සිතාගත්තේ මෙම දරුණු වසංගත තත්ත්වය ගැන සමාජ මාධ්‍ය ජාලය මගින් දැනුවත් කිරීමය. සාම්ප්‍රදායික මාධ්‍යවලින්ද සහායක් නොලැබුණු ඔහු චීනයේ ප්‍රකට ‘වෙයිබෝ’ සමාජ මාධ්‍යය හරහා මෙම වසංගත තත්ත්වය ගැන කරුණු අනාවරණය කරන්නට ගත්තේය. 2019 දෙසැම්බර් 30දා සිට 2020 ජනවාරි 03දා දක්වා ඔහු මෙම මෙහෙවර සිදුකරගෙන ගියේය. මේ අතර රාජ්‍ය බලධාරීන්ගේ සහ පොලිසියේ උකුසු ඇස් මෙම තරුණ වෛද්‍යවරයාගේ ක්‍රියාවලිය වෙත යොමු වී තිබිණි. ඔවුන් කියා සිටියේ චීන රජය සහ ජනතාව අපහසුතාවට පත් කිරීමට යටකී වෛද්‍යවරයා කටයුතු කරන බැව්ය. පොලිසිය වහා ඔහු අත්අඩංගුවට ගත්තේය. ජනතාව අතර වැරැදි ප්‍රචාර ගෙනයන බවට චෝදනා නැඟිනි. කෙසේ හෝ අවසානයේදී ඔහුට දැඩි ලෙස වාචිකව
සහ ලිඛිතව අවවාද කර නිදහස් කළේය.
දැනට කොරෝනා වසංගතය ඉතාමත් බියකරු ලෙස පැතිරී තිබෙන වූහාන් නගරයේ මහ රෝහලේ මෙම චීන වෛද්‍යවරයා සේවය කළේය. දැන් මේ අතරෙහි රෝහලට ගෙන එන රෝගීන් එකා දෙන්නා මරණයට පත්වන්නට වූ අතර, එම ගණන් හිලව් දිනෙන් දින අතිශය උත්සන්න විය. ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයාද මේ අතර වාරයේ තමන්ගේ රාජකාරිවල නිරතවිය. ගතවූයේ දින කිහිපයක් පමණි. කනගාටුදායක පුවත සවනට වැටිණි. මේ වෛද්‍යවරයාද කොරෝනා වසංගත රෝගයෙන් පෙළෙන්නට වන බැව් ප්‍රකාශ විය. ඔහු එම රෝහලේම රෝහල් ගත කෙරිණි. සහෝදර වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කිරීම ඇරැඹුවේය. එහෙත් දුක්බරම පුවත සියලු දෙනාගේ සවන්වලට කඩා වැටිණි. 2020 පෙබරවාරි 07 වැනි සිකුරාදා මෙම අපූරු මිනිසා මෙලොව හැර ගියේය. ඔහුගේ අවසාන හුස්ම පොද කොරෝනා යක්ෂයා විසින් ඩැහැ ගත්තේය.
චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ගේ මරණය අද චීනය පමණක් නොව ලොවක්ම කලඹන මරණයක් බවට පත්ව තිබේ. මේ ඥානවන්ත , උත්කෘෂ්ඨ මිනිසා මුලින්ම මෙම භයානක වසංගත අනතුර දැනගත්විට, ඒ ගැන එම අවස්ථාවේ බලධාරීන් නිසි ලෙස ක්‍රියා කළේ නම් එම අනතුර බොහෝ අවම කරගැනීමට හැකිවන බැව් වෛද්‍ය ක්ෂේත්‍රයෙන් මත පහළ වන්නට විය. එහෙත් එවැන්නක් තබා බලධාරීන් කළේ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා කිරීම සහ දඬුවම් පැමිණවීමය. චීන රජයේ ඇත්තේ සම්පූර්ණයෙන්ම දරදඬු කොමියුනිස්ට් පාලනයකි. ඔවුන්ගේ ක්‍රම රටාවට ජනතාව අවනත විය යුතුය. ශතක ගණනාවක සිට මේ ආකාරයේ පරිපාලනයක් චීනය තුළ ඇත. වෛද්‍ය ලී වෙන්ග්ලියැන්ග් ද මුහුණ දුන්නේද එවැනි ඛේදජනක තත්ත්වයකටය.
කෙසේ හෝ මෙම අතිශය බුද්ධිමත් තරුණ චීන වෛද්‍යවරයා, ආරම්භයේදීම කොරෝනා වසංගත තත්ත්වය කුමක්දැයි සොයා ගැනීමට මුල පිරූ කතාන්දරය පවා පසුගිය දිනවල චීන බලධාරීන් වසන් කිරීමට උත්සාහ කළේය. ඔහු විසින් සමාජ මාධ්‍යවල පළකරණු ලැබූ සියලු ප්‍රකාශන සහ ලිපි ලේඛන පවා එම මාධ්‍යවලින් මකා දැමීමට බලධාරීන් මුල සිටම කටයුතු කළේය. තරුණ වෛද්‍යවරයා සමඟ සියල්ල පස්යට වළලා දැමීම ඔවුන්ගේ අරමුණ විය. වෛද්‍යවරයාගේ මරණය පවා සැක සහිත එකක් යැයි කරුණු ප්‍රකාශ වන්නට විය. මේ අහිංසක මිනිසා දෙවරක් මරා දමන්නට පවා කටයුතු යෙදුණේ ඒ නිසාදැයි බලවත් සැකයක් ද පැන නැංගේය. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය.
තත්ත්වය එසේ වුවද අද මෙම පැනයෙන් ගැලවී දිව යෑමට එන රජයේ බලධාරීන්ට නොහැකි වී ඇත්තේ දිනෙන් දින උත්සන්න වන ජනතා උද්ඝෝෂණය හේතුවෙනි. මෙවැනි වාතාවරණයක් යටතේ දැන් ලී වැන්ග්ලියැන්ග් වෛද්‍යවරයාගේ වගතුග ගැන, චීන රජය වසන් කරන්නට උත්සාහ දැරූ කරුණු හෙළිවෙමින් පවතී.
පාලකයන්ගේ මේ නාඩගම් අතරේ වැන්ග්ලියැන්ග් වෛද්‍යවරයා තව තවත් තමන්ගේ යුතුකම් ඉටු කරමින් කොරෝනා වසංගත රෝග ලක්ෂණ ඇති රෝගීන්ට ප්‍රතිකාර කරන්නට ගත්තේය. එහෙත් සිදුවූයේ මහත් ශෝකීය තත්ත්වයකි. මෙම නැණවත් තරුණ ඉසිවරයා ජනවාරි 12 දා රෝගී තත්ත්වයකට පත්වන්නට ගත්තේය. එහෙත් එය කොරෝනා වෛරස තත්ත්වයක් යැයි පෙන්නුම් නොකළ අතර,ඔහු නියමිත ඖෂධ වර්ගද ලබා ගත්තේය. සති දෙකකට ආසන්න කාලයක් කිසිදු කොරෝනා තත්ත්වයක් පෙන්නුම් නොකළේය. එහෙත් අවසානයේදී ජනවාරි 30දා රුධිර පරීක්ෂණවලින් හෙළිවූයේ ඔහුට කොරෝනා වසංගත රෝගය වැලඳී ඇති බැව්ය. වහා ඔහු රෝහල් ගත කෙරී ප්‍රතිකාර ද ආරම්භ කෙරිණි.
ඔහු රෝහලේ සිටියදී සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේ තමන් ඉක්මනින් සුවවී, අනෙකුත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණෙන බැව්ය. එහෙත් දින 05ක් ගතවී පෙබරවාරි 05 වැනිදා වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් අතකට හැරෙන බවක් පෙනුණේ නැත. හුස්ම ගැනීමේ අපහසුතාව එන්න එන්නම වැඩිවන බැව් ඔහු තම සහෝදර වෛද්‍යවරුන්ට කියා සිටියේය. ඔක්සිජන් වායුව ආඝ්‍රාණය කර ගැනීම එන්න එන්නම දුර්වල වී 85%ක තත්ත්වයකටම ඇද වැටුණේය. හරියටම පෙබරවාරි 06 වැනිදා ඔහුගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වුණේ යැයි පැවැසූ අතර, කෘත්‍රිම ශ්වසන ප්‍රතිකාරය ආරම්භ කරන ලදී. ඔහුගේ හදවත නැවැත ක්‍රියාත්මක වන්නට ගත්තේය. එහෙත් අවාසනාවකි. පෙබරවාරි 07 වැනිදා උදෑසන 2.58ට ලී වැන්ග්ලියෑන්ග් වෛද්‍යවරයා මෙලොව හැර ගියේය. මෙම අභීත තරුණ ඉසිවරයා කොරෝනා මාරයා විසින් ඩැහැ ගත්තේය.
තරුණ ඉසිවරයාගේ මරණය දිනයේ චීන ජනතාව ලක්ෂ ගණනාවක් සාම්ප්‍රදායික නළා පිඹිමින් තම ශෝකය පළ කරන ලද අතර, මධ්‍යම රාත්‍රියේ සෑම නිවෙසකම විනාඩි 05ක් විදුලි ආලෝකය දල්වා තැබුවේය. මල් කළඹ දහස් ගණනක් ගොඩ ගසා තිබිණි. සමාජ මාධ්‍ය ජාලා ප්‍රකාශන මිලියන 02ක් පමණ පළ කෙරිණි.
කෙසේ හෝ අවසානයේ චීන රජය ප්‍රකාශ කර තිබුණේ ලී වැන්ග්ලියැන්ග් වෛද්‍යවරයාගේ මරණය ගැන ඉහළ මට්ටමේ පරීක්ෂණයක්ද සිදුකරන බැව්ය. එය‘හොරාගේ අම්මාගෙන් පේන බැලීමකි.’

චීනය ‌ලෝකෙටම කියන්නෙ ‌බොරුවක්ද?

මේ වන විට චීනයේ නගර 18ක වෙසෙන මිලියන 50ක (කෝටි 05ක) ජනතාව එම නගරවලට සිරකර තබා ගැනීමට චීන රජයේ බලධාරීන් කටයුතු කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකි. තවද මෙම ජනතාවට එදිනෙදා කටයුතුවලට බාධාවන ආකාරයෙන්ද විවිධ නීතිරීති රැසක් පනවා ඇත. ‘හුබෙයි ප්‍රාන්තයෙන් ’ පිට ඇති මුද්‍රා තබා ඇති නගරවල නිවෙස්වලට රාජ්‍ය නිලධාරීන් ගොස් සොයා බලන්නේ කොරෝනා වසංගත සැක සහිත පුද්ගලයන් සැඟවී සිටින්නේද, එසේම හුබෙයි ප්‍රාන්තයේ පෙර සංචාරය සිදු කළ පුද්ගලයන් කවරේද යන්නය. එවැනි පුද්ගලයන් සිටී නම් මෙම රාජ්‍ය නිලධාරීන් එම පිරිස් බලයෙන් තම නිරෝධායන කඳවුරුවලට රැගෙන යති. එසේම තොරතුරු වසන් කරන පුද්ගලයන්ට විවිධාකාර දඬුවම්ද පමුණුවති. තවද රජයේ කටයුතු විවේචනය කරන පුද්ගලයන්ටද එරෙහිව වහා කටයුතු කරති. මේ වන විට මෙම නගරවල ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් පැවැත්වීම සපුරා තහනම්ය. චීනයේ වත්මන් කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව ගන්නා සියලු තීන්දු තීරණවලට නිලධාරීන් මෙන්ම මහජනතාවද හිසනැමිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින් පින් ප්‍රකාශ කර ඇත. මේ අතර තවත් නවතම පුවතක් ලෙස වාර්තා වූයේ කොරෝනා රෝගය ගැන මුලින්ම විදේශ මාධ්‍යවලට තොරතුරු සැපයූ මාධ්‍යවේදියකුද අතුරුදන්ව ඇති බැව්ය.
මේ වන විට හුබෙයි ප්‍රාන්තයේ නගරවල පවුල්වල එක් සාමාජිකයකුට පමණක් දින දෙකකට වතාවක්, තම පවුලට අවශ්‍ය කළමනා මිලදී ගැනීමට නගරයට පැමිණිය හැකිය. එසේම සමහර නගරවල ‘ඩ්‍රෝන’ යානා යොදා ගනිමින් ජනතාවගේ ක්‍රියාකාරකම්ද නිරීක්ෂණය කරනු ලබයි. එසේම කොරෝනා වසංගතය ගැන අසත්‍ය ප්‍රචාර පැතුරුවේ යැයි චෝදනා නඟමින් පුද්ගලයන් 270කට දඬුවම් පමුණුවා ඇත. කොරෝනා වසංගතය මැඬලීමට යැයි පවසමින් මෙසේ දරදඬු නීතිරීති දැමීම ඉතාමත් අසාධාරණ මානව හිමිකම් කඩ කිරීමක් යැයි, ලෝකයේ ප්‍රධාන පෙළේ ජගත් මානව හිමිකම් සංවිධානයක් වන ‘හියුමන් රයිට්ස් වොච්’(්‍යමප්බ රසටයඑ අ්එජය ) සංවිධානය වනවිට චීන ජනතාව කොරෝනා රෝගයට අමතරව අධික මානසික අසහනයකටද පත්ව සිටිති. චීන ජනාධිපති ෂී ජින් පින් කොරෝනා වසංගතය මැඬලීමට යැයි අණ බෙර ගසමින්, අණසක පතුරවමින් කටයුතු කළත්, මෙතෙක් ඔහු රෝගය දැඩිව ව්‍යාප්තව ඇති හුබෙයි ප්‍රාන්තයේවත් නිල සංචාරයක නිරතව නැත. කොරෝනා යක්ෂයා ඔහු වෙතද කඩා පනිනු ඇතැයි ඔහු බියට පත්වී තිබීම එයට හේතුවද?
චීනය මෙම දිනවල කොරෝනා රෝගීන් ඝාතනය කරනු ලබන බවට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරණය වන පුවත් සහ වීඩියෝ දර්ශන සහමුලින්ම අසත්‍ය,නිර්මාණය කරන ලද ඒවා බැව්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයක් කර සිටියි. කොරෝනා වසංගතය වැලඳුණු රෝගීන් සුවපත් කර ගැනීම සඳහා චීන රජය මේ වනවිට අතිශය දැඩි කැප කිරීමක් සිදුකර ඇති මෙවැනි අවස්ථාවකදී මෙවැනි අසත්‍ය, මිථ්‍යා ප්‍රචාර පතුරුවාලීමෙන් අදහස් කරන්නේ සිතාමතාම චීනයට එරෙහිව මර්ධනයක් සිදු කිරීමක් යැයි මෙම ප්‍රකාශය මගින් අවධාරණය කර සිටියි. කොරෝනා රෝගීන්ඉ කිසිම ආකාරයකින් කෘර හෝ අමානුෂික අයුරින් චීන රජය නොසලකන බවත්, එම රෝගීන්ගේ මානව හිමිකම් සහමුලින්ම ආරක්ෂාවන ආකාරයෙන් සියලු සැලකීම් කරන බවත්, චීන රජය දැඩි ලෙස අවධාරණය කර සිටියි.
අසත්‍ය ප්‍රචාර මගින් මෙසේ සිතාමතා චීනයට එරෙහිව සිදුකරන ප්‍රචාර දැඩි ලෙස හෙළා දකින බැව්, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තම විශේෂ නිවේදනයෙන් කියා සිටියි.
චීනයේ සිටින කොරෝනා රෝගීන් සුවපත් කර ගැනීම සඳහා මේ වන විට චීන රජය ඩොලර් බිලියන 10ක සුවිශාල මුදලක් වැය කිරීමට කටයුතු යොදා ඇති බැව්ද අවධාරණය කරයි. චීනයේ ක්‍රියා කලාපය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඉහළින්ම පිළිගෙන ඇතැයි වැඩිදුරටත් ප්‍රකාශයක් කර සිටියි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

දේවානි ආණ්ඩු‌වේ ඇස් අරවයි:‍ කඩොලාන පද්ධති 13ක් ගැන තීන්දුවක් ගන්න යයි

Next Post

පොලොන්නරුවේ ‘එකට’ ‌ලොකු සටනක්

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.