එළඹෙන මහමැතිවරණයේදී පොලොන්නරුවේ පළමු තැන ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) දිස්ත්‍රික් නායක, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර දැඩි සටනක් ආරම්භ වී තිබේ.
මේ වනවිට දෙපාර්ශ්වය සන්ධානගතව තරග වැදිය යුතු බවට ශ්රීලනිපය දැඩි මතයක සිටියද පොහොට්ටුවේ මුල් පෙළ නායකයන් දැනටමත් දැනුම් දී ඇත්තේ පොහොට්ටුව හා ශ්රීලනිපය වෙන්වෙන්ව තරග වැදිය යුතු බවකි.
ඒ අනුව පසුගිය දිනෙක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ පොලොන්නරුවේ දේශපාලන නායකත්වයක් නොමැති නිසා තමන්ට පොලොන්නරුවෙන් තරග කරන ලෙසට පක්ෂයේ විවිධ ස්ථරවලින් විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතිනවා යැයි කියාය.
නමුත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කියා සිටින්නේ එවැනි ඉල්ලීමක් ඇත්නම් තනිවම තරග වදින ලෙසටත්, එසේ කොට ජන පදනමක් සහිත බව ඔප්පු කොට පෙන්වන ලෙසටත්ය.
ඒ අනුව දැන්ම තියා පොලොන්නරුවේ අංක එක බවට පත්වීම සදහා දෙදෙනා අතර සටනක් නිර්මාණය වී ඇති බවක් දැකගන්නට තිබේ.