ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියගේ සිදුවීම සමාජ ජාල ඔස්සේ ප්‍රචලිත වීමත් සමග කඩොලාන පද්ධති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ඒ අනුව කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වන සංරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේ, මෙරට කඩොලාන වන ගහනය තවත් හෙක්ටොයාර් 10,000 කින් වැඩි කිරීමේ ව්‍යපෘතිය යටතේ එය සිදු කරන බවකි.