• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොඩගත් ෂාෆ්ටර්ගේ ‌සිරුරට ඊයේම අතිනවීන ස්කෑන් පරීක්ෂණයක්! සිරුර අභ්‍යන්තරය පිළිබද විශේෂ කරුණු අනාවරණය කරගනී! විශේෂ මරණ පරීක්ෂණය අද! I Sri Lanka Latest News

May 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගොඩගත් ෂාෆ්ටර්ගේ ‌සිරුරට ඊයේම අතිනවීන ස්කෑන් පරීක්ෂණයක්! සිරුර අභ්‍යන්තරය පිළිබද විශේෂ කරුණු අනාවරණය කරගනී! විශේෂ මරණ පරීක්ෂණය අද! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ පංච පුද්ගල වෛද්‍ය කමිටුව හා පවුලේ ඥාතීන් ඉදිරියේ ඊයේ (25) යළි ගොඩ ගැනීමෙන් අනතුරුව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ අවමංගල්‍ය රථයකින් ගෙන යනු ලැබීය.

ඒ අනුව සවස 3.00 ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය ගෙන එනු ලැබූ සිරුර ඊට සුළු මොහොතකට පසු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර තිබේ. අධිකරණ වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රමවේදයන්ට අනුව මෙවැනි විශේෂ ස්කෑන් පරීක්ෂණයන් සිදු කරන බවත් එමඟින් සිරුර අභ්‍යන්තරය පිළිබඳ සුවිශේෂ තත්ත්වයන් අනාවරණය කරගත හැකි බවත් වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කළේය. ස්කෑන් පරීක්ෂණයක් මඟින් අනාවරණය කර ගන්නා තොරතුරුවලට අනුකූලව සහ ඊට අමතර වැඩිදුර පරීක්ෂණයක් සඳහා සිරුර විච්ඡේදනයකට භාජනය කිරීම ඉන් පසුව සිදු කරන බවද හෙතෙම තවදුරටත් අනාවරණය කළේය.

ස්කෑන් පරීක්ෂණයෙන් අනතුරව ෂාෆ්ටර් මහතාගේ සිරුර පිළිබඳ විශේෂ පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද (26) කරාපිටිය රෝහලේ වෝහාරික වෛද්‍ය ඒකකයේදී සිදු කිරීමට නියමිතය.

අධිකරණය මඟින් නිකුත් කරන ලද නියෝගයකට අනුව කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය, කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරුන් හා නිලධාරීන්, බොරැල්ල සෝකෝ නිලධාරීන්, ශාෆ්ටර් මහතාගේ පියා, සහෝදරයන් හා මස්සිනා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම, මිහිදන් කළ ස්ථානය හඳුනා ගැනීම සඳහා මල්ශාලාවේ කම්කරුවන් පස්දෙනකු, මරණකරුගේ පාර්ශ්වය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥයන් ඇතුළු පිරිසක් හමුවේ ඊයේ (25) පෙ.ව. 8.45ට පමණ බොරැල්ල පොදු සුසාන භූමියේ දේහය තැන්පත් කළ ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ සටහන් යෙදූ අතර සෝකෝ නිලධාරීන් එම ස්ථානය ඡායාරූප ගත කිරීමෙන් අනතුරුව දේහය තැන්පත් කර තිබූ මිනී වළ මල්ශාලාවේ කම්කරුවන් පස් දෙනා විසින් ඉතා පරිස්සමට හාරනු දක්නට ලැබිණ.

අනතුරුව පෙ.ව. 9.40ට පමණ මිහිදන් කර තිබූ සිරුර බහා තිබූ මිනි පෙට්ටිය කම්කරුවන් විසින් කෙමෙන් ගොඩ ගනු ලැබිණ. මහේස්ත්‍රාත්වරිය හා වෛද්‍ය කමිටුව ඉදිරියේ පෙට්ටියේ මුද්‍රා ඉවත් කර ශාෆ්ටර් මහතාගේ පවුලේ ඥාතීන් වෙත පෙන්වා සිටි අතර, ශාෆ්ටර් මහතා ඇඳ සිටි බව කියන නිල් පැහැති කමිසය හා කළු පැහැති කලිසම මඟින් දේහය හඳුනා ගැනීමට ඥාතීහු සමත් වූහ. මෙසේ ඥාතීන් විසින් මෘත දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව නැවත මුද්‍රා තබා දේහය අවමංගල්‍ය රථයේ තැන්පත් කෙරිණ. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඥාතීන්ගෙන් හා අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කර, මෘත දේහය දැඩි පොලිස් ආරක්ෂාව යටතේ බොරැල්ල කනත්තේ සිට ගාල්ල කරාපිටිය රෝහල වෙත ගෙන යනු ලැබිණි. මීට අමතරව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව හා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නිලධාරීහු හා වෛද්‍යවරු ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්තේදී සිද්ධියට මුහුණ දුන් ස්ථානයද ස්ථානීය පරීක්ෂාවකට ලක් කළහ.

ශාෆ්ටර් මහතාගේ සිරුර ගොඩ ගැනීම රහසිගතව සිදු කිරීමට ඔහුගේ පවුලේ ඥාතීන් විසින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ අවස්ථාවක මාධ්‍යවේදීන්ට මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා බොරැල්ල කනත්තට ඇතුළු වීම පවා පොලිසිය විසින් වැළැක්වීම පියවර ගෙන තිබීම සුවිශේෂ කරුණකි. දේහය ගොඩ ගැනීමේ මූලික පියවර අවසන්ව දේහය මල්ශාලා රථයේ තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට බොරැල්ල කනත්තට පිවිසීමට පොලිසිය අවස්ථාව සලසා දුන්නේය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසාගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ දක්වා සිදු කර ඇති විමර්ශනවලට අදාළව රැස් කළ සාක්ෂි මත දේහය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම එම කමිටුවේ නිර්දේශ මත සිදු කෙරිණ.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපති ලෙස කටයුතු කරන මේ පංච පුද්ගල වෛද්‍ය කමිටුව රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර යන සාමාජිකයන්ගෙන් යුක්තය.

SendShareShare
Previous Post

කබොක් ගලක් UNP එක අරගෙන මැණිකක් කියනවා! දැන් පුත්තලමේ කබොකට අනුරාධපුරේ කබොක හම්බවෙලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවයි අමෙරිකාවයි අතර හිතවත්කමට අවුරුදු 75යි! මහින්ද අලුත් වැඩක් පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.