ප්‍රකට බ්‍රිතාන්‍ය සිනමා නළු රේ ස්ටීවන්සන් (Ray Stevenson) ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. (I Sri Lanka Latest News)
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මියයන විට ඔහු 58 වැනි වියේ පසුවුණා.
ඉතාලියේ ඉෂියා දූපතේ සිදුකරමින් තිබූ රූගතකිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන්, ඇනා රිසෝලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Thor සහ Star Wars චිත්‍රපට මාලාවෙන් ඔහු ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් වූ චරිතයකි.
dasathalankanews










