• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හිටිහැටියේ එළියට ආපු කව්ද ‌මේ චන්ද්‍රසේන

February 8, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
හිටිහැටියේ එළියට ආපු කව්ද ‌මේ චන්ද්‍රසේන
Share on WhatsAppShare on Facebook

පාන් ගෙඩියක්, හාල් කිලෝවක් මිලදී ගන්නට බැරි දුක්ඛිත මිනිසුන් කෙතරම් මේ සමාජයේ සිටිනවාද? රුපියල් පනහක් අත මිට මොළවාගෙන කඩපිළට ගිය මිනිසා පාන් ගෙඩියට ඉතිරි රුපියල් දහයක් නැතිව හූල්ලයි. රුපියල් සියයක් අත තබාගෙන ගිය තවත් මිනිසෙක් හාල් කිලෝවක් ගන්නට තවත් රුපියල් විස්සක් නැතිව කඳුළු වගුරයි. තමන්ගේ දරු මල්ලන්ගේ සාගින්දර නිවන්නට මේ පෘථග්ජනයා මොන තරම් දුකක් විඳිනවාද? පපුව පැළී, නොමැරී මැරෙන මිනිසුන් සිටින මෙවන් සමාජයක, මේ කතාන්දරය ඇසෙන විට අප සිතට ඇතිවන්නේ මහා ද්වේෂයක්, කෝපයක් මෙන්ම ජුගුප්සාවකි. මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු එම කතාව කුමක්ද?
ශ්‍රී ලංකාවට අයත් මහා උත්තුංග ගුවන් සේවයක් තිබෙයි. එය නම් අප කවුරුත් හඳුනන ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සේවයයි. පසුගිය කාලයේ ලක්වැසි ජනයාගේ සිත් පාරවන කතාන්දර රැසක් ඇසුණු ‘ශ්‍රී ලංකන්’ ගුවන් සේවයේ දොරකඩින්ම මෙම කතාවද ඇසෙයි. මෙය නම් පසුගිය රජයක පාලන සමයේ එම ගුවන් සේවයේ සිටි එක්තරා උසස් විධායක නිලධාරියකු සහ ඔහුගේ බිරිය සිදුකළ මහා මෙහෙයුමක කතාන්දරයයි. මෙම මෙහෙයුම තමන්ගේ රැකියා ස්ථානයට හෝ රටට හෝ ආදරයෙන් සිදු කළ එකක් නොවන අතර, තමන්ගේම ‘මඩිස්සලය’ තරකර ගැනීමට සිදුකළ එකකි. පසුගිය කාලයක් පුරා මෙම වගතුග වැළලී ගොස් තිබුණු අතර, එක්තරා බුද්ධිමත් මිනිසුන් පිරිසක් නිසා අද එම වගතුග මෙසේ දිගහැරෙයි.
‘ශ්‍රී ලන්කන්’ ගුවන් සේවයට පසුගිය මහින්ද රාජපක්‍ෂ ජනපති සමයේදී ගුවන් යානා මිලදී ගැනීමේදී මෙම අතිශය බිහිසුණු, මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුවී තිබෙයි. එනම් එකල මෙම ගුවන් සමාගමේ ප්‍රධාන පරිපාලනයේ සිටි නිලධාරියාගේ සහ ඔහුගේ බිරියගේ නම මෙම මහා වංචාව සඳහා ගෑවී ඇති ආකාරයත්, ඒ නිසා ඔවුන් එම දූෂණයට සම්බන්ධව ඇති ආකාරයත් ප්‍රකාශ කරන්නේ විදෙස් පරීක්‍ෂණ වාර්තාවකට අනුවය. ශ්‍රී ලංකාවේ කිසිදු විමර්ශකයකු හෝ සම්බන්ධ නොවන මෙම පුළුල් විමර්ශනය සිදුකර ඇත්තේ බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) බරපතළ දූෂණ වංචා විමර්ශන කොමිසම සහ ප්‍රංශයේ දූෂණ විමර්ශන ආයතනයක් විසිනි. මේ හෙයින් මෙම මහා මූල්‍යමය අපරාධය අතිශය විනිවිද පෙනෙන එකක් බවට පත්ව ඇත.
2011 ජූලි 01 සිට 2015 ජුනි 10 පමණ දක්වා වන කාලයක් තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා ලබා ගැනීමේදී මෙම වංචාව සිදුවී තිබෙයි. අර්බුදයට ලක්වූ මෙම ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගුවන් යානා 14ක් ඇණවුම් කරන ලද අතර, ‘එයාර් බස්’ සමාගම සමඟ එම ගනුදෙනුව සඳහා අතරමැදියකු ලෙස කටයුතු කිරීමට විධායක නිලධාරියාගේ බිරිය කටයුතු කර ඇත. එසේ සිදුකර ඇත්තේ විධායක නිලධාරියාගේ උපදෙස් මත වන අතර, ඒ සඳහා වෙනම සමාගමක් අදාළ බිරියගේ නමින් බෲනෙයි රාජ්‍යයේදී විවෘත කරන ලදී. මෙය සැබෑ ලෙසම ව්‍යාජ, නාවික සමාගමක් පමණක් වූ අතර, එහි අයිතිකරු සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරිය වශයෙන්ද කටයුතු කර ඇත්තේ ඉහත කාන්තාවමය. 2013 වසර පමණ වන කාලයේදී බොහෝ බලතල පතුරුවාගෙන සිටි ඉහත ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරියා විසින් සිය බිරිය ව්‍යාපාරික හවුල්කරුවකු ලෙස එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත. 2013 මාර්තු 29 වැනි දින එයාර් බස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලදී ගැනීම සඳහා ‘ඒ-330’ ගුවන් යානා 6ක්, ‘ඒ.-350’ ගුවන් යානා 4ක් ඇණවුම් කරන ලද අතර, තවත් ‘ඒ-350’ ගුවන් යානා 4ක් බදු ගැනීම සඳහාද ගිවිසුම් අස්සන් කරන ලදී. මෙම ගිවිසුම අස්සන් කරනු ලැබුවේ අතරමැදියකු සමඟ වන අතර, එම සමාගම වන්නේ විධායක නිලධාරියාගේ බිරිය නියෝජනය කරන බෲනෙයි රාජ්‍යයේ පිහිටවූ සමාගමය.
ගිවිසුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අතරමැදියාට කොමිස් මුදලක් ගෙවීමට ‘එයාර් බස්’ සමාගම තම කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, එහිදී එම අතරමැදියාගේ අනන්‍යතාව හෙළි කිරීමට කටයුතු නොකිරීමටද ‘එයාර් බස්’ සමාගම එකඟවී ඇත. මෙම කොමිස් මුදල ගෙවනු ලබන්නේ ගනුදෙනුව සාර්ථකව සිදුකිරීම සඳහා, ශ්‍රී ලංකා රජයට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීම වෙනුවෙනි. එහි මෙහෙයුම්කරුවා වන්නේ ශ්‍රී ලන්කන් ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, කොමිස් මුදල ලබා ගැනීමට තම ව්‍යාජ සමාගම හරහා ලකලැහැස්ති වී සිටින්නේ ඔහුගේම බිරිය. එහෙත් මේ කාන්තාවට ගුවන් සේවා කටයුතු පිළිබඳව කිසිදු පළපුරුද්දක් හෝ අවබෝධයක් නැති බැව්ද පසුව හෙළිවී තිබිණි.
මිලට ගන්නා සෑම ‘ඒ-330’ ගුවන් යානයක්ම සඳහා ඩොලර් මිලියනයක්ද, බදු ගන්නා සෑම ‘ඒ-350’ ගුවන් යානයක්ම සඳහා ඩොලර් මිලියන 1.16ක්ද අතරමැදියාට කොමිස් ලෙස ගෙවීමට ‘එයාර් බස්’ සමාගම කැමැත්ත පළකර තිබිණි. මේ අනුව අතරමැදි සමාගමට ඩොලර් මිලියන 16.84ක් සම්පූර්ණ කොමිස් මුදල වශයෙන් ගෙවීමට කටයුතු යෙදිණි. එහෙත් 2015 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව ඉහත ගිවිසුමේ යම් කොන්දේසි අහෝසි වීමේ හේතුවෙන් මුළු කොමිස් මුදල නොගෙවූ අතර, ඩොලර් මිලියන 2ක (ඩොලර් ලක්‍ෂ 20ක්) මුදල මුළුමනින්ම ගෙවා තිබිණි. මුලින් පොරොන්දුවූ ලෙස ඩොලර් මිලියන 16.84ක මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි 312ක් පමණ වෙයි. දැනට ලබාගෙන ඇති මුදල වන ඩොලර් මිලියන 2ක මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 37ක් වෙයි. මෙම ගණන්හිලව් ඇසූ විට තිගැස්සෙනසුලුය. කෙසේ මේ වංචනිකයන් මේ වන විට අප රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි 37ක් තමන්ගේ මඩිස්සලයට දාගෙන හමාරය. ගිවිසුම් දිගින් දිගටම ගලාගෙන ගියේ නම් මුළු කෝටි 312කම මුදල ගිලගන්නේය. එහෙත් රුපියල් කෝටි 37ක් යනුද කෙතරම් සුවිශාල ධන කන්දරාවක්ද?
‘එයාර් බස්’ සමාගම ගුවන් යානා විකිණීමේදී සහ බදු දීමේදී, ලෝකයේ රටවල් කිහිපයකම ගුවන් යානා සමාගම්වලට, අතරමැදි සමාගම් හරහා කොමිස් මුදල් ලබා දී ඇත. ශ්‍රී ලංකාවටද (අතරමැදියන්ට) මුදල් ලබාදී ඇත්තේ ඒ ආකාරයටය. මෙසේ එයාර් බස් සමාගම විවිධ ගුවන් සමාගම්වලට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ පුළුල් පරීක්‍ෂණයක් සිදුකරනු ලැබුවේ මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනනපදයද එක්ව වන අතර, දැන් එම විමර්ශනය බි්‍රතාන්‍යයේ අධිකරණය වෙතද ඉදිරිපත් කර ඇත. එහිදී බි්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම මහා මූල්‍යමය වංචාවට අදාළව නියෝගයක්ද නිකුත් කර ඇත. ඒ අනුව මේ වන විට ‘එයාර් බස්’ සමාගම තම වරද පිළිගෙන ඇති අතර, මූල්‍ය වංචාව සිදුවූ රටවලට වන්දි ගෙවීමට තම සමාගමේ කැමැත්ත පළකර ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් බි්‍රතාන්‍යයට යුරෝ මිලියන 999ක්ද, ප්‍රංශයට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.06ක්ද, ඇමෙරිකා එක්සත් ජනපදයට ඇමෙරිකානු ඩොලර් මිලියන 557ක්ද ගෙවීමට එකඟවී තිබේ.
මේ අනුව යුරෝ බිලියන 3.6ක වාර්තාගත වන්දියක් ගෙවීමට එයාර් බස් සමාගමට සිදුවනු ඇතිය. තවද රටවල් කිහිපයකටම වන්දි ගෙවීමට ඔවුනට සිදුවනු ඇති අතර, මෙතෙක් ශ්‍රී ලංකාවට ගෙවනු ලබන වන්දියක් පිළිබඳව නිශ්චිත සඳහනක් නැත. කෙසේ හෝ ගුවන් යානා විකුණා ගැනීමේ කොන්ත්‍රාත් ඇතිකර ගැනීම සඳහා ලෝකයේ රටවල් 20ක විවිධ පුද්ගලයන්ට අල්ලස් ලබාදුන් බැව්, බි්‍රතාන්‍යයේ බරපතළ දූෂණ, වංචා විමර්ශන කොමිසම මඟින් පැවැත්වූ පරීක්‍ෂණයේදී එයාර් බස් සමාගම පිළිගෙන ඇත. මූල්‍යමය වංචාවට අදාළ වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිය විසින් බෲනෙයි රාජ්‍යයේ ස්ථාපිත කර ඇති ව්‍යාජ සමාගම හරහා 2013 දෙසැම්බර් 2 වැනිදා ඩොලර් මිලියන 2ක කොමිස් මුදල ලබාගත් බවට පැහැදිලි සාක්‍ෂි ඇතිව අනාවරණය වී ඇත. මෙසේ ලැබිය යුතු කොමිස් මුදල් සඳහා කුවිතාන්සි (ඉන්වොයිස්) ඉදිරිපත් කිරීමට, ශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරියා සිය පෞද්ගලික විiුත් තැපැල් ගිණුම භාවිත කර ඇතැයිද මේ වන විට හෙළිවී ඇත. මෙසේ ඔහුගේ පෞද්ගලික ‘ජී-මේල්’ ගිණුම හරහා සන්නිවේදනය කර ඇති එයාර් බස් සමාගමට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක ‘ඉන්වොයිස්’ පතද 2013 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී හුවමාරු වී තිබෙයි.
එක්තරා ප්‍රකට සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් හරහා ප්‍රථම වතාවට මෙම වගතුග සමාජයට හෙළිවී තිබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. බි්‍රතාන්‍යයේදී සිදුකළ විමර්ශනයේ වාර්තා ශ්‍රී ලංකාවට ලැබීම ආශ්‍රිත කරගෙන එම ලිපිය සකස්කර තිබිණි. එහෙත් දින කිහිපයක් යනතෙක්ම මෙම මහා මූල්‍ය වංචාවට වගකිවයුතු යුවළගේ නම්ගම් ප්‍රකාශයට පත්නොකෙරිණි. එහෙත් ‘හොඳ හොඳ නාටක එළිවෙන ජාමෙට’ කිව්වා සේ දැන් ඒ කතාව සඳහා ප්‍රධාන භූමිකාව සැකසූ දෙදෙනාගේ නම්-ගම් ප්‍රකාශ වී ඇත. එනම් මෙම මහා වංචාව සිදුකර ඇත්තේ එකල ජනපති මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටි ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා බවට සාක්‍ෂි ලැබී ඇත.
එසේම මෙම සිදුවීම ආශ්‍රිතව දිනෙන් දිනම පුවත් අලුත් වෙමින් ඇත. එනම් මෙම පුවත් ගැන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනගත් විගසම එම මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් සිදු කරන්නැයි නියෝග කර ඇත. මේ බරපතළ චෝදනා පිළිබඳව සැම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පරීක්‍ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල තමන්ට වාර්තා කළ යුතු බවටද ජනාධිපතිවරයා නියෝග කර ඇත. ඒ අනුව මේ වන විට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්දී ඇත.
2011 සිට 2015 දක්වා රාජපක්‍ෂ රජය සමයේ වසර 4ක් පුරා මෙම මහා වංචාව සිදුකරගෙන යන අතරවාරයේ 2015 වසරේදී යහපාලන රජය බලයට පැමිණියේය. ‘අලි මදිවට කොටි’ යැයි කිව්වා සේ 2015 වසරේදී බලයට පත්වූ නව රජය සිදුකළේ මෙම ‘එයාර් බස්’ ගිවිසුම වංචාසහගත එකක් යැයි පවසමින් එය වහා අත්හිටුවීමය. එහිදී දැනගන්නට ලැබුණේ එසේ ගිවිසුම අත්හිටුවන්නේ නම් ඒ සඳහා දඩ මුදලක් ගිවිසුමේ අතරමැදියාට ගෙවිය යුතු බැව්ය. කෙසේ හෝ මේ අනුව 2015 ඔක්තෝබර් 30 වැනි දින අතරමැදියා සමඟ එයාර් බස් සමාගම තවත් ගිවිසුමක් අස්සන් කරමින්, ශ්‍රී ලන්කන් සමාගම එදිනට පෙර කිසිදු ගුවන් යානා මිලදී ගැනීමක් නොකරන්නේ නම්, අතරමැදියාට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලබා දීමටද එකඟවී තිබෙයි. එසේම එම අවස්ථාවේදී ගිවිසුම අහෝසි කිරීම නිසා යහපාලන රජයට ගෙවීමට නියමවූ මුළු මුදල ඩොලර් මිලියන 98කි. මෙය රුපියල්වලින් මිලියන 14,000කි. මෙයද මහා විෂමාචාර ක්‍රියාවක් විය.
2006 ජනවාරි මස 1 සිට 2018 ජනවාරි මස 31 දක්වා කාලය තුළදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා ගැන සොයා බැලීමට ‘වැලි අමුණ’ කොමිසම පත්කරන ලද අතර, එම කොමිසමේ අවසාන වාර්තාවට අනුව දූෂණ, වංචා රැසක් සිදුවී තිබිණි. මෙය සිව් සාමාජික කොමිසමක් විය. ඒ අනුව මෙම අයථා ගනුදෙනුව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පැවැති සමයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය විමර්ශන අංශය විසින් විමර්ශනයක් සිදුකර අදාළ සැකකරුවන් හඳුනාගෙන තිබිණි. ඒ අනුව දැනට චෝදනා එල්ලවී ඇති කාන්තාවට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබිණි. තත්ත්වය එසේ වුවද යහපාලන ආණ්ඩුවේ ඉහළම බලධාරියකුගේ නියෝගය මත එම විමර්ශන අතරමඟ නවතා දමා තිබිණි. හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන යනු රාජපක්‍ෂ පවුලේ සමීපතමයකු යැයි හෙළිවී තිබිණි. මොහු තම තනතුරෙහි සිටි වසර 4ක කාලය තුළදී ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 15ක් වූ අතර, එම කරුණ සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
කෙසේ හෝ මෙම පලහිලව්ව දැන් බැරෑරුම් තත්ත්වයකට පත්වෙමින් ඇත. ‘රත්වන හැළියේ කකුළුවා නටති දිය කෙළියේ’ කිව්වා සේ එදා මුදල් කොල්ලකාගෙන සතුටු සිතින් සිටි මිනිසුන්ගේ ඉහමොළ රත්වන්නේ දැන්ය. ඩොලර් විසි ලක්‍ෂයක් අල්ලසක් ලෙස ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කරන ලදැයි කියන චෝදනාව මත මෙම ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා රහස් පොලිසියට වරෙන්තු නිකුත් කර ඇත. ඒ අනුව දැන් දෙදෙනාම සිටින්නේ රිමාන්ඞ් බන්ධනාගාර ගතවය. හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මෙම මූල්‍යමය වංචාවට සම්බන්ධ බවට විමර්ශන උද්ධෘත අනුව පෙනී යන බැව් නීතිපතිවරයා දැනුම් දී ඇත. එසේම අල්ලස් පනත යටතේ වරදක් සිදුකොට ඇති බැව් පෙනී යන නිසා ඊට අදාළ ගොනුව අල්ලස් කොමිසමට යැවීමටද නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. මේ වන විට සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය කටයුතු කර ඇත.
එයාර් බස් සමාගම විසින් ලබා දුන් ඩොලර් ලක්‍ෂ 20ක කොමිස් මුදල ‘බිස් සොලුෂන්ස්’ නමැති සිංගප්පූරුවේ ලියාපදිංචි කොට ඇති සමාගමක ගිණුම් අංක 0107130602 යටතේ 2013 වසරේ දෙසැම්බර් 27 වැනිදා තැන්පත් කර ඇත. එයාර් බස් සමාගමේ මව් සමාගම වන EADS HQ/SSC France යන ආයතනය විසින් එම මුදල ලබාදී ඇත. ඉන්පසු මෙම මුදල්වලින් කොටසක් කපිල චන්ද්‍රසේනගේ නමින් ඕස්ටේ්‍රලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ තැන්පත් කරන ලදී. එම ගිණුම් අංකය 632361019170 ලෙසින් සඳහන්ව ඇත. මේ ආකාරයට මෙම මූල්‍ය ගනුදෙනුව බොහෝ විනිවිද ආකාරයකට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් ‘ශ්‍රී ලන්කන්’ ආයතනය ඉහළින්ම සිටියි. පසුගිය රාජපක්‍ෂ රජය සමයේ වසර 10ක එම සමාගම ලැබූ අලාභය රුපියල් බිලියන 85ක් වෙයි. ඉන්පසුව එම අලාභය තවත් උත්සන්න වී යහපාලන රජය යටතේ වසර 4 1/2ක කාලයට පමණක් අලාභය රුපියල් බිලියන 100ක් විය. ශ්‍රී ලන්කන් යනු වසර 40ක් පැරැණි රාජ්‍ය සමාගමක් වෙයි. කෙසේ හෝ මහජන මුදල් කොල්ලකන නරුම මුරුගයන් අල්ලා දඟගෙට යැවිය යුතුමය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආහාර සුරක්ෂිතතාව හා තත්ත්වය සහතික කිරීමට ෆොන්ටෙරා පෙරමුණ ගනී

Next Post

ඔබට ඕනෑ දුවෙක්ද පුතෙක්ද…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.