• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෛත්‍රිගෙ මල්ලි ඩඩ්ලි ‘අරලිය ‌හෝටලේ’ ගත්තේ ‘තග’ දාලාද?

February 8, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
මෛත්‍රිගෙ මල්ලි ඩඩ්ලි ‘අරලිය ‌හෝටලේ’ ගත්තේ ‘තග’ දාලාද?
Share on WhatsAppShare on Facebook

මේ තියෙන්නෙ පොළොන්නරුවෙ තියන මගේ සුදු අරලිය හෝටලය. අදටත් හැම තැනකටම වඩා මම නිදහසේ ගතකරන්න කැමති මෙතන තමයි.
මේක මම ඉදිකිරීම් කරගෙන යනකොට ගොඩක් දෙනෙක් මට සෑහෙන්න මඩ ගැහුවා. මම පරිසර සක්‍යතා වාර්තාවලට පිටින් යමින් මේ හෝටල් පරිශ්‍රය ඉදිකළා කියන චෝදනාවත්, 1998දී වෙන්දේසියකින් මම මේක ලබාගන්නකොට අනෙක් ගැණුම්කරුවන්ට තර්ජනය කළා කියා චෝදනාවත් බොහෝ අය මට ඉදිරිපත් කළා.

දැන් මම ඔයාලට මේකෙ නිධාන කතාව කියන්නම්. එවකට මම මේක මිලට ගන්නකොට මේකෙ බහුතර හිමිකාරිත්වය තිබුණෙ සිලෝන් ටුවර්ස් කියන ආයතනයට. එතකොට මේ හෝටලයට තිබුණෙ කාමර 30යි. 1983 කලබල කාලෙන් පස්සෙ මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලයි තිබුණෙ. එවකට මේ හෝටලය ඉදිකිරීම සඳහා මහජන බැංකුවෙන් ඒ අය ලබාගත් ණය මුදලක් ඇරියස් වෙලා, හෝටලය කරගන්න බැරි අඩියක තිබියදී තමයි මේ පරිශ්‍රය එයාලා වෙන්දේසියට දැම්මෙ.

ඉතින් එදා මේ හෝටලය කුණු කොල්ලයට ගන්න හිතාගෙන ගොඩාක් අතරමැදියො වගේම විදෙස් ගැණුම්කරුවන් පවා ඇවිල්ල හිටියා. එදා මට කිසිම හෝටලයක් තිබුණෙ නැති කාල වකවානුවක්. මේ හෝටලය වෙන්දේසි කරන්න යනව කියන ආරංචිය මගේ කනට වැටුණ මොහොතේ ඉඳන් මම කල්පනා කළේ මේ අවධානම මගේ ජීවිතයට ගන්නවද නැද්ද කියන එක ගැන විතරයි. මොකද ඒ වෙනකොට මට හෝටල් සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් තිබුණෙ නැති නිසා.
ඒ දවස්වල පොළොන්නරුවෙ ඉන්න තරුණ යුවළකට එයාලගෙ විවාහ මංගල්‍යය සහන මිලකට ගන්න හොඳ හෝටලයක් තිබුණෙ නැති කාලයක්. මොකද, එවකට පොළොන්නරුවෙ තිබුණ බහුතරයක් හෝටල්වලත් හිමිකාරීත්වය දැරුවෙ කොළඹ සහ වෙනත් රටවල වාසය කරපු ව්‍යාපාරිකයන් විසින් නිසාවෙන්. ඉතින් ඒ වෙලාවෙ හෝටල් ක්ශේත්‍රය සම්බන්ධයෙන් අත්දැකීම් නැති වුණත්, මට ඒ අවදානම ගන්න වුණා. ඒ නිසා අවසානයේ වෙන්දේසිය වෙලාවෙ මම ඒ ගැණුම්කරුවන් ළඟට ගිහින් මෙහෙම කිව්වා.
“මම පොළොන්නරුවෙ ඉපදිලා, පොළොන්නරුවෙ හැදුණ වැඩුණ මිනිහෙක් හැටියට මේ හෝටලය ගරාවැටෙන දිහා සෑහෙන කාලයක් බොහොම කනගාටුවෙන් බලාගෙන ඉඳල තියනවා. මේ වෙන්දේසියට ඇවිල්ල ඉන්න ඔයාල මේ හෝටලය මිලට ගන්නෙ මේ පරිශ්‍රය විකිණීමේ බලාපොරොත්තුවෙන් මිසක, මේක දියුණු කරලා ආයෙ පටන් ගන්නත් නෙමෙයි කියල මම දන්නවා.

ඒත් මම මෙතනට ඇවිල්ල ඉන්නෙ අවංකවම මේ හෝටලය මිලට අරගෙන, නැවතත් පොළොන්නරුවෙ මිනිස්සුන්ට රැකියා සපයලා මේක හොඳ දේශීය ව්‍යපාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ නිසා ඔය මහත්වරු මාත් එක්ක තරහ වෙන්න එපා. මේ හෝටලය මම අරගන්නවා. මොකද මේක මට වගේම පොළොන්නරුවටත් සම්පතක් වන නිසා. ඒ නිසා මගෙන් පිට මේක කවුරුත් ඉල්ලන්නෙ නැත්නම් මම බොහොම කැමතියි.”
එදා මම ඒ අයට කියපු වචන අකුරක් නෑරම ඔතන තියනවා. සමහර අයට හිතෙන්න පුලුවන් ඒක තර්ජනාත්මක කතාවක් කියලා. ඒත් මට ඒ වෙලාවෙ මගේ ගමේ තිබුණ ලොකු සම්පතක් රැක ගන්න ඒ ටික කළ යුතුව තිබුණා. එහෙමයි මම මේ හෝටලය මිලට අරගෙන, පොළොන්නරුවෙ මිනිස්සු වෙනුවෙන් මේක රැකගත්තෙ. එදා මම මේ හෝටලය මිලට ගත්තෙ නැත්නම් අද වෙනකොට මේක විදේශීය රටක කෙනෙක්ට අයිති වෙන්නටත් තිබුණා. ඒත් එදා මම මේ හෝටලය ගත්තු නිසා අද වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න අන්ත අසරණ දුප්පත් පවුල් 3000කට සෘජු සහ වක්‍ර රැකියා උත්පාදනය වෙලා තියනවා.
එදා මම මේක මිලට අරගන්නකොට මේකෙ තිබුණෙ ගරාවැටුණ කාමර 30ක් එක්ක අඩි දෙකක් උසට පිරුණු වවුල් බෙටි තට්ටුවක් විතරයි. ඒත්, අද වෙනකොට සුදුඅරලිය කියන්නෙ කාමර 104ක සුඛෝපභෝගී හෝටලයක්. මම එදා ආධුනිකයෙක් විදියට හෝටල් ව්‍යාපාර ක්ෂේත්‍රයට අඩිතාලම දැම්මෙ මේකෙන්.

ඒත් එදා එහෙම චෝදනා කරපු කවුරුවත් දැන් මට ඒ චෝදනාව කරන්නෙ නෑ. මොකද මම මේ හෝටල් පරිශ්‍රය අවට විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වෙන විදියට විශේෂ පරිසර කලාපයක් බිහි කරල තියනවා. වන සතුන්ට වගේම ජල පෝෂක ප්‍රදේශ රැකගන්න විශාල මහන්සියක් යොදවල තියනවා. ඊළඟට ප්‍රදේශයේ ගොවි සංවිධාන එක්ක එකතු වෙලා පරාක්‍රම සමූද්‍රයේ ජල මට්ටම අඩි දෙකක් ඉහළට ඔසවන්න මගේ පෞද්ගලික මූල්‍ය දායකත්වය ලබා දෙන්න පවා මම යෝජනා ඉදිරිපත් කළා.
විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන ස්වභාව සෞන්දර්ය රැකගන්න ලොකු වැඩ කොටසක් මම මේ ව්‍යාපෘතියට සමගාමීව ඉටු කරල තියනවා. අදටත් මුළු පොළොන්නරුවෙම මේ හෝටල් පරිශ්‍රයට වඩා අලංකාර එකක් නැහැ. මම ඇත්තටම ඒ ගැන ආඩම්බරයි.
ඒ නිසා දේශීය ව්‍යවසායකයෙක් විදියට බිංදුවේ ඉඳන් පටන්ගත්ත මට ඇතිවෙනකල් මඩ ගහන්න. ඒ මඩවලින් මම ගඩොල් කපලා, ඇති වෙනකල් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදන්නම්. මොකද මගේ මේ පරිසර හිතකාමී එක ව්‍යාපෘතියකින් පවුල් දහස් ගණනක් ජීවිකාව සපයගන්න නිසා.

ඩඩ්ලි සිරිසේනගේ ‌ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

රනිල් ‌දේශපාලනය අතහරී: ‌ලොකු තනතුරකට පිටරට යන්න හදයි (රාජ්‍ය රහස්)

Next Post

නමට ‘‌ෆ්‍රෙෂ්’ වුණු කුණු කෑම ගබඩාව: හිටපු-ඉන්න ‘කැරවන්’ ‌ලොක්කෝ කතා කරති

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.