• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි රාජ්‍ය තනතුරුවලට කෑදරකමින් කෙළ හලන මහජන නියෝජිතයෝ නොවේ! අද දේශපාලන සමාජයේ ඒ වගේ අය ඉන්නවා! මම ඒ අයට පැහැදිලිව කියනවා දෙපිටිකාට්ටු වැඩ කරන්න එපා! හැම පැත්තෙම කකුල් තියා ගන්න එපා. ඕන නම් ඉන්න බැරි නම් යන්න! අපි ගාව දෙපිටිකාට්ටුවෝ නෑ! හිටියොත් කියලයි මේ කිව්වේ! සජිත් මැයි දින වේදිකාවේදී දේශපාලන දෙපිටිකාට්ටුවන්ට රතු එළි දල්වයි!

May 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඒ.ඊ ක්‍රීඩාංගණය මහා ජන ගඟකින් පිරී යයි! සජිත් සජබ මැයි රැලිය අමතන්න පටන් ගනී! සජීවීව බලන්න පිවිසෙන්න! VIDEO
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද ඊ.ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැති සමගි ජන බලවේග මැයි රැලිය අමතමින් සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

අද ඓතිහාසික දවසක්. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මේ රටේ දේශපාලන බලවේග මහපෙළෙවට බහින මොහොත් මම ආඩම්බරෙන් කියනවා අද දිනයේ සමගි ජන බල වේගය සමගි ජන සන්ධාන වාර්තාවක් තබනවා. ඒ වාර්තාව තමයි ජාත්‍යන්තර කම්කරු දිනයේ එක මැයි රැලියක් නොව මැයි රැලි 2ක් පැවැත්තුවා. එකක් ඒ. ඊ ගුණසිංහ ක්‍රිඩංගනයේ පැවැත්වුවා. අනික් මැයි රැලිය උඩරට වැඩ කරන ප්‍රජාව නියෝජනය කරමින් බදුලු නගරයේ වඩිවේල් සුරේෂ් චමින්ද විජේසිරි කාවින්ද ජයවර්ධන වේලුකුමාර උමා මැතිනිය ඇතුළු අපේම කණ්ඩායමක් වැඩකරන උඩරට ප්‍රජාවගේ මහා මැයි රැලිය පැවැත්වුවා.

මිත්‍රවරුනි

දේශපාලනය කරන්නේ පදවි අපේක්ෂාවෙන් නොවේ. අපි දේශපලනය කරන්නේ පද්ධතිය වෙනස් කරන්න. අපි රාජ්‍ය තනතුරුවලට කෑදර කමින් කෙළ හලන මහජන නියෝජිතයෝ නොවේ. අද දේශපාලන සමාජයේ මෙවන් අය ඉන්නවා. මම ඒ අයට පැහැදිලිව කියනවා දෙපිටිකාට්ටු වැඩ කරන්න එපා. හැම පැත්තෙම කකුල් තියා ගන්න එපා. ඔන නම් ඉන්න බැරි නම් යන්න. අපි ගාව දෙපිටිකාට්ටුවෝ නැ. හිටියොත් කියලයි මේ කිව්වේ.

විශේෂයෙන්ම අද අල්ලස දූෂණය වංචාව රජ කරනවා. ජපන් රජයෙනුත් කොමිස් ඉල්ලුවා. දැක්ක නැති පෝර නැව්වලට ඩොලර් ගෙවපු ආණ්ඩුවක්. නැති එයා බස්වලට වන්දි ගෙවනවා. එක්ස්ප්‍රස් පර්ල් විනාශය මේ රටට අයිඑම්එෆ් එකත් අවුරුදු 4කින් ලබා දෙන බිලියන 2.9ට වැඩි ඩොලර් බිලියන 6.4 තක්සේරු කරලත් ඒකෙනුත් හොරා කෑවා. වංචා කළා. අපෙන් අහනවා ආණ්ඩුවට යනවද කියලා. අපි ආණ්ඩුවට යන්නේ සමගි ජන බලවේග ජනාධිපතිවරයා සමගයි මිත්‍රවරුනි.

බොහෝ දෙනෙක් අද කතා කරනවා අයිඑම්එෆ් එක ගැන. ඒ ඩීල් එක ගැන. මතක තියා ගන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් අයිඑම්එෆ් එකට 2පාරක් ගියා. කවුරුත් කිව්ව පලියට පොදු ජනතාවගේ සහන කැපුවේ නැ. ජන සවිය දුන්නා. ලක්ෂය දසලක්ෂය නිවාස හැදුවා. දුප්පත්කම තුරන් කරා. 43 ලක්ෂයක් දූදරුවන්ට නිල ඇදුම් දුන්නා. කන්න දුන්නා. දුප්පත්කම සුදුසුකම කරල අභ්‍යාසලාභී ගුරු පත්වීම් 30000ක් දුන්නා. අයි. එම්. එෆ් එකට මුලින්ම යන්න කිව්වෙත් අපි. දුර දැකලයි අපි කිව්වේ. සමගි ජන බලවේග රජයක් තුළ අපි 2048 වෙනකම් ඉන්නේ නැ. අපේ පළමු වාරය තුළ රට ගොඩනගන ප්‍රබුද්ධම ප්‍රශස්ත ආර්ථික කණ්ඩායම වන හර්ෂ කබීර් එරාන් ඇතුළු බුද්ධි මණ්ඩලය වෘත්තීයවේදීන් උගත් තරුණයන් යොදා ගෙන රට ගොඩනගනවා. අපිට විතරයි ඒ වගේ පිරිසක් ඉන්නේ.

අත් කකුල් කපන් නැතිව මේ රට බේර ගන්න පුලුවන්. හැබැයි මේ ආණ්ඩුව ලෙඩාව බේර ගන්න හදන්නේ අත් දෙක කපලා. කකුල් කපලා. කන් නාස කට කපලා. මේ විදිහට ලෙඩා බේර ගන්න ආර්ථික ඔස්තාර් තමයි රනිල්. අපි කිසිම දවසක කොටස් වෙලෙදපොල වහන්න හිතන්නැ. බැංකු වහන්න හිතන්නෑ. ආර්ථිකය වහන්නෑ. ආර්ථිකය සංකෝචය කිරීම කුඩා කිරිම දරා ගන්න බැරි විදිහට පොඩි මිනිහට බදු ගැසීම අපේ ක්‍රමය නෙවෙයි. අපි අමාරු තීන්දු තීරණ ගන්නවා. සුරංගනා කතාවලින් රට ගොඩනගන්න බෑ. සත්‍යවාදීව යථාර්ථවාදීව නූතන ආර්ථිකයක් තුළින් නව තාක්ෂණය තුළින් කර්මාන්ත විප්ලවය තුළින් පරිගණක විප්ලවය තුළින් සුබසාධන රාජ්‍ය රැකගෙන නවීකරණය කරමින් කාර්යක්ෂම කරමින් රට ගොඩනගන දැවැන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න සූදානම් බව අද කියනවා.

අපේ වැඩපිලිවෙල ශ්‍රී ලංකා ෆස්ට්. ලොව ප්‍රථම තැනට අපේ රට පත් කිරිම. මේ රටේ ජනතාවට විහිලු තහලු සපයලා බලය ගන්න උත්සාහ කරන අය එහෙම කතාවක් කියන කොට හිනාවෙනවා. හැබැයි මතක තියා ගන්න රුවන්ඩාවේ ඇති වූ ගැටුමෙන් ලක්ෂ 8ක් නැතිවුණා. ඒත් අද එය අප්‍රිකාවේ සිංගප්පූරුව. වියට්නාමයේ යුද්ධයෙන් විනාශ වුනත් අද බලන්න රට තියෙන තැන. ටෝල්කෝට් පාලනයෙන් විනාශ වූ කැම්බෝඩියාව අද ශක්තිමත් ආර්ථියක් කරා යනවා. එසේ නම් අපේ අදහස ශ්‍රී ලංකා ප්‍රස්ට්. ඒ වැඩපිලිවෙල යටතේ දස වැදැරුම් වැඩපිලිවෙලක් තිබෙනවා. කම්කරුවන් ඇතුළු ජන සමාජයේ සැවොම ශක්තිමත් ජීවිතයක් ගත කළ හැකි සියලු දෙනා සවිබල ගන්වන නුතන ආර්ථිකයක් ඇති කරනවා. සැමට සංවර්ධනය සුබසාධනය සෞබගා්‍ය උදා කරනවා. මානව සිවිල් ආගමික සංස්කෘතික අයිතිය සුරකිනව. ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් නිදහස සුරකින මානව හිතවාදීත්වය සුරකිනවා. අල්ලස දුෂණය වංචාව සොරකම දුරලනවා. තරුණයන්ට මුල් තැන ලබා දෙනවා. නවින තාක්ෂණය තොරතුරු තාක්ෂණය තුළින් සුහුරු දේශයක් ඇති කරනවා. සුහුරු පුරවැසියෙක් සුහුරු නගරයක් ඇති කරනවා. නව කාර්මික විප්ලවයේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ සුරකිනවා. හරිත විප්ලවයේ නිල ආර්ථිකයේ තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කරන රටක් ඇති කරනව. අපනයන භෝග කෘෂි ආර්ථිකය ඇතුළු වගා ක්‍රියාවලි නවීකරණය කිරිම තුළින් ශක්තිමත් කරනවා. අධ්‍යාපනය සෞඛ්‍ය නවීකරණය තුළින් කාර්යක්ෂම කරන සුබ සාධන රාජ්‍යයක් ඇති කරනවා. ජාති ආගම් කුල මල පන්ති භේද තුරන් කර ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර කුඩු සංස්කෘතිය විනාශ කර දේශභිමානය ඇති පෞඩ දේශයක් ඇති කරනවා අපි.

පහුගිය වසරෙ නුවරින් පාගමන් අරඹා මැයි දිනයක් කරා ගෙනවිත් මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පන දුන්නා. මෙවර මැයි දිනයේදී රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව හොර දුෂිත කොල්ලකරුවන් රකින ආණ්ඩුව ගෙදර යැවීමේ ජාතික විප්ලවය දියත් කරනවා.

වැඩ කරන ජනතාවට මම කියන්න කැමතියි අපේ රජයක් තුළ අයිඑම්එෆ් ගිවිසුම නැවත සාකච්ඡා කරනවා. නැවත සාකච්ඡා කරලා සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් සාමාන්‍ය පොඩි මිනිහාගේ පැත්තෙන් ලක්ෂ 220කගේ අයිතිවාසිකම් සුරකින ප්‍රේමදාස යුගය නිර්මාණය කළ ජනතවාදී ජන හිතකාමී ගිවිසුමකට යන්න හදනවා. මැයි දිනයෙන් පසුව අපි නැවත වරක් ඔබේ ගමට එනවා. අද රටේ තියෙන්නේ ඡන්දයට බය බියගුලු නිවට ආණ්ඩුවක්. මිත්‍රවරුනි සමගි ජන පවුර ජාතික වැඩසටහන තුළින් පළාත් 9 දිස්ත්‍රික් 25ම නගර ගම් නියම්ගම් සිසාරා රට දිනවන මහා සමගි ජන පවුර නිර්මාණය කරනවා. ඡන්ද පොළ මට්ටමේ සියයයේ සිට 150 බලකාය නිර්මාණය කරලා දෙගුණ තෙගුණ කර ජුනි 16 සිට ආසන බල මණ්ඩලයකම එම ශක්තිය ගොනුකර සමාජ ප්‍රජාතන්තවාදී වෙළෙදපොල ආර්ථිකයේ දුප්පත් කම තුරන් කර සැමට ශක්තිය ලබා දෙන අපේම පෞඩ ලංකා මාතාව ගොඩනගන්න අත්වැල් බැද ගන්න එන්න කියා ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ නොවී දේශීය චින්තනයට වැඩ කරද්දී අපට එරෙහිව විවිධ කුමන්ත්‍රණ ආවා! ඒ අයට අවශ්‍ය වුණේ අපේ ජීවිතවලටත් හානි කරන්න! මහින්ද කැම්බල් පිටියේදී කියයි!

Next Post

සුසිල්ගේ පළුවක්ම ගලවයි!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.