“ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහන” (TAMAP) යුරෝපා සංගමයේ ප්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකා රජයට තිරසාර හා ඵලදායි කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීම සඳහා සහාය ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණය කිරීමේ රාජ්‍ය උපාය මාර්ගයට අනුකූලව කෘෂිකර්මාන්තය සඳහා ඩිජිටල් වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට TAMAP සහාය ලබා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 ජනවාරි 28 වන දින, කොළඹ Mövenpick හෝටලයේ පැවති “Improved Market Information System for Agriculture in Sri Lanka” වැඩමුළුවේදී, කෘෂිකාර්මික වෙළඳ පොළක් සහ වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් ලෙස සංවර්ධනය කෙරුණු “ගොවිපොළ” App එළිදක්වන ලදී.











