• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

තවමත් සැඟවුණු ලෝකයේ ඉම

February 8, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
තවමත් සැඟවුණු ලෝකයේ ඉම
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර රුවන්වැලි සෑය අබියස ඉඳන් ජනවාරි පළමුවැනිදට එළි වෙද්දී හිතේ තිබ්බ එකම පැතුම නම් මේ අවුරුද්දේ පුරාමත් පුළුවන් තරමක් ලංකාව පුරා ඇවිදින්න ලැබේවා කියලයි. ඉතින් පතන දේවල් ඉබේ වෙන්නේ නෑනේ. ඒවා ඉෂ්ට කරගන්න ඕනෑ. ප්‍රශ්න මොනවා ආවත් කොහොම වුණත් ඇවිදින එක නතර කරලා බෑනේ. ඉතින් අද කියන්න යන්නේ 2020 අවුරුද්දේ මුල්ම සංචාරය ගැනයි. ඇත්තටම මේ ගමන ප්ලෑන් කරලා හිතල ගියපු ගමනක් නම් නෙවේ. හදිසියේ ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් නිසා සෙට් වෙලා පහුවදාම ගියපු ගමනක්.
කොහෙද මේ යන්න ප්ලෑන් කරපු තැන? මෙතැන තිවංකය නම් කොහෙන්දෝ මන්ද හොයාගෙන කලින් කිහිප සැරයක් යන්න ප්ලෑන් කරලා තිබුණත් යන්න පුළුවන් වෙලා නෑ. ඉතින් දෙන්න එක්ක පහුවදා ගමන යන්න කතා කරගෙන සෙට් වුණේ තවත් එක සැඟවුණු පුංචි ලෝකාන්තයක් හොයාගෙන යන්න.

තිවංක පේරාදෙණිය ස්ටේෂන් එකට කෝච්චියේ එන්නම් කිව්ව නිසා මම ගෙදර ඉඳන් පාන්දරම (5.30) බයික් එකෙන් පිටත් වුණේ කුරුණෑගල හරහා නුවර පාරේ පේරාදෙණියට සෙට් වෙන්නයි. එතැනින් තිවංකවත් බයික් එකේ දාගෙන දෙන්න එක්ක එතැනින් ගම්පොළ හරහා නාවලපිටිය ටවුන් එකට ගියේ මඟ කඬේකින් හොඳට බඩකට පුරවගෙනමයි. දවල් කෑමක් ෂුවර් නැති නිසා තිවංක නාවලපිටිය ෆුඞ් සිටි එක පැත්තේත් රවුමක් දාල ආවේ පොඩි කෑලි බෑලි ටිකකුත් බෑග් එකේ දාගෙන. එතැනින් අපි ගියේ නාවලපිටිය ඉඳන් තලවකැලේ හරහා නුවරඑළියට යන පාරේ. ඒ යද්දී හරියටම අපිට පිටිපස්සෙන් තිබ්බේ තවත් එක ලස්සන ගොඩක් අයගේ කෑම්පින් ගමනාන්තයක් වුණු කබරගල.

ඒකෙත් ෆොටෝ ටිකකුත් අරගෙන අපි තලවකැලේ පාරේ දිගටම යද්දී අපිට හම්බවුණේ ඇවිදින අය නම් නම කිව්වා ගමන් දන්නා පාරේ ඉඳන්ම බලන්න පුළුවන් තවත් එක ලස්සන දිය ඇල්ලක් වෙච්ච කඩියන්ලෙන ඇල්ල. මේකට කැටඹුල ඇල්ල කියලත් කියනවා. දිය ඇල්ලත් බලාගෙන අපි දිගටම ගමන ඉස්සරහට ගියේ ආපහු එන ගමන් දිය ඇල්ලේ ඇවිදල නාල යන්න ප්ලෑන් කරගෙනයි. කඩියන්ලෙන ඇල්ල පාස් කරලා තවත් කිලෝ මීටර් 20ක් යද්දී ක්වීන්ස්බේරී ටී ෆැක්ටරි එකත් පාස් කරගෙන කොළපතන ස්ටේට් නැත්නම් ගෝනගල්ල ඩිවිෂන් එක හම්බ වෙනවා. අන්න ඒ හරියේදී තමා අපිට හම්බවෙන්නේ තේ වත්ත මැද්දෙන් උඩට යන පොඩි පාර. තිවංක බයික් එකේ පිටිපස්සට වෙලා මැප් එකට බැහැල ඉන්න අතරේ මම බයික් එකේ උඩටම ගියේ වටේට ලස්සනට වටවුණු තේ වතු මැද්දෙන් වැටුණු පාරක් දිගේ. පාර ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. යකාගේ පඩිපෙළේ ගියපු අය දන්නවා ඇතිනේ පාරේ තත්ත්වේ. අන්න ඒ වගේ තමා. මට නම් මතක් වුණේ පහුගිය සැරේ කැලෑබොක්ක ගිය ගමන. ඒ පාරත් මේ වගේම තමා. කැඩුණු ගල්, පාර හේදිලා ගිහින් හැදුණු කානු. රට වටේ යන මගේ බයික් එක ගැන තිබ්බ ෂුවර් එක නිසාම භය නැතිව පාරේ දිගටම අපි උඩටම ගියේ මැප් එකෙන් ගමනාන්තය හොයන ගමන්. සමහර තැන්වල නම් තිවංකව හලලා ගිය අවස්ථාත් නැතිව නෙවේ. මොකද ඒ තරමට හොඳයි පාර.

කොහොමින් කොහොම හරි අපි අවසානේ ළඟා වුණේ තේ වතුවල අවසානෙකට. එතැනින් එහාට තිබ්බේ තේ වතු නෙවේ. ටිකක් ලොකු කැලයක්. මාන ගස්වලින් වැහුණු පොඩි පාරක්. තිවංක අතේ තිබුණු මැප් එකත් බලාගෙන පාර දිගේ පයින් යද්දී මමත් බයික් එකෙන්ම ඒ පස්සෙන්ම පැදගෙන ගියේ අපි හොයාගෙන ආපු ගමනාන්තය දැන් ළඟ බව දැනුණ නිසයි.
මේ තමා දිඹුල පතන පුංචි ලෝකාන්තය. ගෝනගල්ල පුංචි ලෝකාන්තය කියලත් මෙතැනට කියනවා. ලංකාවේ දැනට නම් කරන ලද පුංචි ලෝකාන්තයන් අතරට මේක තාම එකතු වෙලා නැති එක පුදුමයට කරුණක් වුණත් ඒකට හේතු තියෙනවා කියල අපිට තේරුණා.

මොකද මෙතැන සංචාරක ස්ථානයක් නෙවෙයි. ගමේ අය දන්නවා වුණත් ලංකාවේ සංචාරකයෝ අතර තාම මෙතැන ඒ තරම් ප්‍රසිද්ධ නෑ. ඒ වගේම තමා මේක පිහිටලා තියෙන්නේ පුද්ගලික වත්තක වීමත් ඒකට කෙළින්ම බලපානවා කියලයි මං හිතන්නේ. පුංචි ලෝකාන්තේ අබියසම පිහිටල තියෙන ලස්සන හට් එක ගැන නම් අපිට එතැනට ගිය වෙලේ ඉඳන් කතා කරන්න දේවල් තිබුණා. (මෙතැන හොටෙල් එකක් දැම්මොත් කොහොමද? කෑම්පින් කරන්න පුළුවන් වෙයිද?, වත්තේ අයිතිකාරයා මේක විකුණන්නේ නැති වෙයිද?) ඔය වගේ කතා ගොඩක් අස්සේ අපි මේ හට් එකත් පාස් කරලා එතැනින් පල්ලෙහට වැටුණ අඩි පාර දිගේ ගියේ අපි ආපු ගමනේ අවසාන ස්ථානයට ළඟා වෙන්නයි. එතැන අයිනේ තියෙන ඩ්‍රොප් එක ළඟට යද්දී නම් කකුල් දෙක වෙවුලන එක පුදුම වෙන්න දෙයක් නෑ. මොකද දැනුණ විදිහට එතැන රිවස්ටන් පිටවලපතන පුංචි ලෝකාන්තේට වඩා උසයි. ඒ වගේම අපි ගිය දවසේ කිසිම වැස්සක්, මීදුමක් නැති ලස්සනට පායපු හොඳටම පැහැදිලි දවසක් නිසා අපිට පල්ලෙහා ගෙවල් වගේම එතැනින් ඉස්සරහට ඈතින් තිබුණ කඳු පන්ති වලට යනකම් පැහැදිලි දැක්මක් තිබුණා. මෙතැනට ඈතින් පීකොක් හිල්, ග්‍රේට් වෙස්ටර්න් වගේම කොත්මලේ ඔය ජලාශයත් පැහැදිලිව පේන්න තියෙනවා. එතැනට වෙලා ටික වෙලාවක් ගත කරලා තව වටේ රවුමකුත් දාල ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ආපහු එන්න ආවේ එන ගමන් කඩියන්ලෙන ඇල්ලට ගිහින් නාන්න යන්නත් ප්ලෑන් කරගෙන හිටපු නිසා. අපි අර මුලදී කිව්වා කැලය වගේ කොටසට ඇතුළු වෙන තැන ඉඳන් ආපහු තේ වතු තියෙන හරියට එනකම් කිසිම මනුස්සයෙක් පෙන්න නොහිටියේ අපේ වාසනාවට කියල මට හිතෙනවා. මොකද පස්සේ දැනගන්න ලැබුණු හැටියට මේ ප්‍රදේශය පුද්ගලික ඉඩමක් නිසා වත්තේ පාලකයන් මෙතැනට කට්ටිය එනවට කැමැත්තක් නෑ කියලයි දැනගන්න ලැබුණේ. ඉතින් කවුරු හරි යන්න හිතන් ඉන්නව නම් මෙතැනට ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න වෙයි. විශේෂ අවසරයක් අරගෙන යන්න පුළුවන්ද කියල බලන්න. හැබැයි බොන්න, පාටි දාන්න හිතාගෙන නම් යන්න එපා. අවසර කෙසේ වෙතත් බීල හට් එකෙන් පල්ලෙහා විව් පොයින්ට් එකට බහින්න හිතුවොත් නතර වෙන්න වෙන්නේ ලෝකාන්තේ පල්ලෙහායි.

එතැනින් ආපහු ඇවිත් මඟදී කඩියන්ලෙන ඇල්ලත් ෆොටෝස් ටිකකුත් අරගෙන, උඩ කොටසට ගිහින් එතැන තිබුණ නැචුරල් පූල් එකෙන් හොඳට නාල දෙන්න එක්ක ආපහු එන්න පිටත් වුණේ එන ගමන් පේරාදෙණියෙන් තිවංකව දාගෙන මමත් රෑ වෙන්න කලින් ගෙදරට එන්නයි.
ප්‍රභාත් එස්. බණ්ඩාර

SendShareShare
Previous Post

කිසිම ජනපති ‌කෙනෙක් ‌නොකළ වැඩක් ‌ගෝඨා කරයි

Next Post

මේ සතියේ ඔබට මොකද වෙන්නේ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.