• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

උරුමයක පෙළහාර පාන වේදිකාවේ මැණික

February 10, 2020
in Heart
Reading Time: 1 min read
A A
උරුමයක පෙළහාර පාන වේදිකාවේ මැණික
Share on WhatsAppShare on Facebook

වේදිකාවට නව එළියක් ලබා දෙමින් වේදිකාව මනරම් හඬින් පිනවූ කලා ශිල්පීන් අතර මුලින්ම කියැවෙන ඇය රත්නා ලාලනී ජයකොඩි. ඉතින් ඇගේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.
මේ දවස්වල හිතේ වේදනාවෙන් කාලය ගතකරනවා කියලා ආරංචියි. ඇයි ඒ?
එය මට විතරක් නෙවේ. කලා ක්‍ෂේත්‍රයේ වගේම රටේ හැමෝටම වේදනාවක් කියලා මම හිතනවා. හේතුව තමයි ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්නගේ අභාවය. නමුත් එතුමන්ට විතරක් නෙවේ අපි හැමෝටම උරුම දෙයක් එය.
මොකද්ද මේ උරුමයක පෙළහර ගැන කතාව?
රංගික ජීවන්ත මගේ ගෝලයෙක්. ඔහු මට ආරාධනා කළා ඔහුගේ මේ කලා කටයුත්තට සම්බන්ධ වෙන්න කියලා. එහි මංගල පියවර පසුගිය පෙබරවාරි 2දා සවස 7ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී රඟ දැක්වුණා. අපේ දේශීය උරුමය ගැන තමයි ඒ ප්‍රසංග කලාවෙන් ඉදිරිපත් කිරීම අදහස් කර තිබෙන්නේ.
ඉතින් මගේ ගෝලයෙක් එක්ක එකට වැඩ කරන්න ලැබීම මට සතුටක්. මගේ ගෝලයා මාව අධීක්‍ෂණය කරනවා එය වෙනස්ම අත්දැකීමක්.
ඔබ වේදිකාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. ඒ ගැන යමක් පැවසුවොත්?
වේදිකාවෙන් හොඳ දැනුමක් ලබාගෙන ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නිර්මාණවල වැඩකරමින් තමයි මේ තරම් දුරක් වේදිකාවේ රැඳීගෙන ආවේ. ඇත්තටම රූපවාහිනී නාට්‍යයත්, සිනමා නිර්මාණයකින් ලබන ප්‍රතිචාරවලට වඩා වෙනස්ම අත්දැකීමක් එයින් මම ලබනවා. ගුරුතරුව, අන්දරේ, තලමල පිපිලා ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණවල මම රඟපෑවා. එයට අමතරව ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන්ගේ වේදිකා නාට්‍යවල මම සුවිශේෂී චරිත නිරූපණය කළා. මම වැඩිපුර කාලය ගතකළේ වේදිකාව වෙනුවෙන්.
මැණිකෙ අත්තනායක, මානෙල් වානගුරු, නිශ්ශංක දිද්දෙණිය, බුද්ධදාස ගලප්පත්ති, රම්‍යා වනිගසේකර, දයා අල්විස්, නීල් අලස් වැනි හිටිය ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ මමත් එකට රඟපෑවා.
අද බිහිවන අය වේදිකාවට ලොකු නැඹුරුවක් දක්වන්නේ නැහැ නේද?
ඔවුන් කැමැති නැහැ කැපවීම් කරන්න. අනෙක වේදිකාවේ ලොකු මුදලක් නැහැ. කටුක ජීවිතයක් තමයි ගතකරන්න තියෙන්නේ. දුරබැහැර ප්‍රදේශවල වේදිකා නාට්‍ය තිබුණාම ඒ සඳහා සම්බන්ධ වෙන්න වෙනවා. ටෙලිනාට්‍ය එහෙම නැහැ. උදේට වාහනය එව්වා, හවසට ගෙදරට ගෙනත් දැම්මා. ඒ ක්‍රමවේදයට මතු පරපුර හුරුවෙලා තියෙන්නේ. නමුත් වේදිකාවෙන් ලැබෙන ආභාසයක වටිනාකම අද ඉන්න ගොඩ දෙනෙක් අධ්‍යයනය කරන්න කැමැති නැහැ. එය කනගාටුවට කරුණක් තමයි.
එදා ඔබ ගුරු තරුව, අන්දරේ වැනි වේදිකා නාට්‍යවල ජයලත් මනෝරත්නයන් සමඟ එකට රඟපෑවා නේද?
ඔව්. එයින් මම ගොඩාක් අත්දැකීම් ලබා ගත්තා. ඒ ජයලත් මනෝරත්නයන්ගේ අසනීපයත් සමඟ එතුමන් තීරණය කළා ඒ නාට්‍ය දෙකේ චරිතය රවීන්ද්‍ර යසස්ට නිරූපණයට අවස්ථාව දීමට. තලමල පිපිලා වේදිකා නාට්‍යයේ ප්‍රසන්ජිත් අබේසූරියත් සමඟ මම රඟපානවා. අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව මේ නාට්‍ය සියල්ල මතු පරපුරට දැකගැනීමට ඉඩකඩ සැලැස්වීම තමයි. නමුත් ජයලත් මනෝරත්න නැති අඩුව කාටවත් පුරවන්න බැහැ. ඒ අඩුව අපි හැමෝටම දැනෙනවා. නමුත් කාලයක් තිස්සේ ඉඳන් ඒ වේදිකා නාට්‍යවල මමත් ඉන්න නිසා එයට කිසි හානියක් නොවන විදියට අපි සියලුම දෙනා එකතු වෙලා ඉදිරියට වැඩකරගෙන යන්න තමයි.
ඔබ නිර්මාණය කළ ‘දෙසීය-තුන්සීය’ වේදිකාවෙන් බැහැර වුණාද?
හොඳ සංවිධායකවරයෙක්. අපිට කතා කළොත් ‘දෙසීය, තුන්සීය’ නැවැත වේදිකාවට ගේනවා. ඒ නාට්‍ය පරිවර්තන නාට්‍යයක්. එය පරිවර්තනය කළෙත් ජයලත් මනෝරත්න තමයි. ඔහු පරිවර්තනය කළ පළමු වේදිකා නාට්‍ය එය තමයි. අපි එය යුරෝපා සංචාරවල පවා අරගෙන ගියා. පසුගිය කාලේ රටේ ඇති වුණු භීෂණයත් එක්ක ඒ හැම දේම නතර වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කවුද මේ නිශ්ශංක අලකේෂ්වර ප්‍රභූ රාජයා

Next Post

ඉතිහාසයේ කොනටම ගිහින් ලෝකය දකින්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.