• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බනිස් කකා පිස්සු නටන හෙළ අවුරුදු නාඩගම්…

April 23, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බනිස් කකා පිස්සු නටන හෙළ අවුරුදු නාඩගම්…
Share on WhatsAppShare on Facebook

සුබ අලුත් අවුරුද්දක් වේවා… අවුරුදු ගානක් තිස්සේ අපි මෙහෙම ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙලා ඔබේ අවුරුද්ද සුබ වෙන්න ඇති කියලත් අපි විශ්වාස කරනවා. අවුරුද්ද සුබ කරගන්න එක වචනයකට විතරක් සීමා නොවී හැමෝම උත්සාහ කරලා කරගන්නව නම් ඒක තමයි වටිනාම දේ කියලත් අපි හිතනවා. මොකද හේතුව, ඔය අලුත් අවුරුද්ද සුබ වෙන්න, සුබ පතලා විතරක් හරියන්නේ නෑ. අනිත් එක තමයි සුබ පැතුම්වලින් විතරක් අවුරුදු සුබ වෙන්නෙත් නෑ. අවුරුදු සුබ කරගන්න හැමෝම මහන්සි වෙලා වැඩ කරලා, දුක් විඳලා, අනෙකාට වළ කපන්නේ නැතුව, අනෙකා අමාරුවේ දාන්නේ නැතුව හැමෝම සතුටු කරලා අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් නම්, අලුත් අවුරුද්ද සාර්ථක කරගන්න පුළුවන් වෙයි.

මේ කියන්න හදන්නේ වෙන කතාවක්. මේ දවස්වල අවුරුදු උත්සව නේද හෝගාලා? මෙදා අලුත් අවුරුද්ද වෙන විදියක එකක් නේ. එකක් තමයි අලුත් අවුරුද්දේ අපට අඳින්න තිබුණේ වර්ණවත් ඇඳුම්. මීට කලින් අවුරුද්දේ මට මතකයි සුදු පැහැති ඇඳුම් ඇඳලා අලුත් අවුරුද්ද සමරන්න වුණා. සුදු ඇඳලා සමරපු අවුරුද්දෙන් පස්සේ අපට මුහුණ දෙන්න සිද්ධ වුණේ කවදාවත් නොහිතපු විදියේ අත්දැකීම් ගොඩකට. මේ අවුරුද්දේ වර්ණවත් ඇඳුම් ඇඳගෙන සමරපු අවුරුද්දක් නිසා අපි බලාපොරොත්තු වෙනවා වර්ණවත්ව ජීවිතය ගතකරන්න අපට හැකි වේවි කියලා. කොහොම නමුත් මෙදා පොටේ 17 වැනිදා පාසල් පටන් අරගත්ත නිසා 17 වැනිදා නිවාඩු ඉවර වෙච්ච නිසා අවුරුදු උත්සව අපි තිබ්බා හෝගාලා. එක දිගට. පාරේ සමහර රේස් එකක් පිටත් වුණාම තව හතරක් පහක් මගදී මුණගැහුණා. මේක කවරදාටත් වඩා වෙනස් අත්දැකීමක්.
දැන් ඔය කතන්දරෙත් එක්ක අපේ අලුත් අවුරුදු අස්සේ දැකපු හෙන ගොං පාට් ටිකක් ගැන කතා කරන්න තීරණය කළා. ඇත්තටම අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නේ ගමේ මිනිස්සු එකතු වෙලා, සතුටින් සමාදානයෙන් සමරන උත්සවයක්. ඒක හෙන කුණුහරුපයක් කරගෙන, ගොං පාට් එකක් කරගෙන තියෙනවා දැක්කට පස්සේ අපට හිතුණා ඒ ගැන ලියන්න ඕනේ කියලා. මොකද අලුත් අවුරුද්ද කියලා කියන්නේ කුණුහරුපයක් නෙවෙයිනේ. පහුගිය දවස්වල අපි දැක්කා අලුත් අවුරුදු සිරි අස්සේ අහවල් එක ගාවින් මොකක් හරි එල්ලලා ඒක හපා කන එකත් අලුත් අවුරුදු ක්‍රීඩාවක් කරගෙන තියෙන බවක්. ඒවා හෙන ගොං පාට්. බනිස් කෑම කියලා තරගයක් අලුත් අවුරුද්දට එකතු වුණේ කොහොමද කියන්න අපි දන්නේ නෑ. අපේ ගම්වල මිනිස්සුට පාන් බනිස් කියලා කියන්නේ නුහුරු දෙයක් නෙවෙයි. මේ බනිස් ගෙඩියක් නූලක එල්ලලා ඒ නූල ලණුවක ගැටගහලා, ඒ ඉස්සරහින් පැදුරක් එළලා අත් දෙක බැඳපු මනුස්සයෙක් දුවගෙන ගිහින් බනිස් ගෙඩිය කනවා. මේක කරන්න ඕනේ ආරක්ෂිතව. පරිස්සමට. මොකද බනිස් කියලා නෑ, හිරවුණොත් එහෙම ලෝක ලෙඩක්. මිනිස්සුන්ගේ ජීවිතයක් නැතිවෙන්න පවා හේතුවෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැනත් දැනගෙන කරන්න කියලත් අපි කියනවා.

හැබැයි ඉතින් මෙදා පොටේ බනිස් ගෙඩිය වෙන තැනක එල්ලන්න සමහර ගොං හරක් තීරණය කරලා තිබුණා. බනිස් ගෙඩිය වෙන තැනක එල්ලලා ඒක හපා කනකොට ඒක වෙන චූන් එකක් කරගන්න තරම් අසහන කාරයෝ නම් අලුත් අවුරුදු උත්සවය සංවිධාන කරන්නේ ඒගොල්ලන්ට තියෙන්නේ අලුත් අවුරුදු උත්සවයක් කරන්න නෙවෙයි, වෙන මොකක් හරි කරගෙන ගෙදරට වෙලා ඉන්න. ඒ වගේම බැලුම එක එක තැන්වල ගැටගහලා, අමුතු විදියට ඒ බැලුම පුපුරවන්න කියලා, ඒ පුපුරවන එවුන් දිහා බලාගෙන වෙන ආතල් එකක් ගන්න එක තමයි සමහරු මේ දවස්වල කළේ. මේ විදියට අවුරුදු උත්සවයේ නිවේදකයාගේ ඉඳලා කුණු කතන්දර කිය කියා අනිත් මිනිහව අපහසුතාවට පත්වෙන දේවල් කිය කියා කෙල්ලන්ගේ කොල්ලන්ගේ ප්‍රේම සම්බන්ධතා වෙන විදියකට පාවිච්චි කරලා අලුත් අවුරුද්දේ දෙනෝදාහක් ඉස්සරහා රෙද්ද ලෙහාගෙන සරම් කඩාගෙන පිස්සු කෙළිනවා නම් ඊට වඩා හොඳයි අවුරුදු උත්සව නොකර ඉන්න එක. ඒ වගේම මේ අවුරුදු උත්සවවලට අවුරුදු ක්‍රීඩා ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ව එකමුතු කරන්න, මිනිස්සුන්ව සතුටින් තියන්න. එහෙම නැතුව මිනිස්සුන්ට කුණුහරුපයක් කරගන්න නෙවෙයි. මේ වගේ දේවලට අනුබල දුන්නේ කවුද, පටන්ගත්තේ කවුද කියන එක හොයලා වැඩක් නෑ.

ඇත්තටම සමහර රූපවාහිනී නාලිකාවලිනුත් අලුත් අවුරුද්දට කරන ගොං පාට් අපි දකිනවනේ. මෙහිදී විය යුත්තේ අලුත් අවුරුද්දේ බතින් බුලතින් සරුසාර වෙච්ච ගැමියෝ තමන්ගේ විවේක පාඩුව ගතකරන්න කරපු සාමාන්‍ය දේවල් ටික කෙරෙන එක. ඇත්තටම අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ මහ කන්නයේ ගොවිතැන් බත් කරලා මහ කන්නයේ වගාවෙන් පස්සේ ඒවායේ අස්වනු සරුසාර කරගෙන බවබෝග ටික ගෙට අරගෙන ඒ බවබෝගවලින් සතුටු වෙන ගැමියාට විවේක පාඩුව ගතකරන්න තියෙන එකක්. ගම්මැද්දේ අවුරුද්දේ ගමේ මිනිස්සු ටික එක තැනකට එකතු වෙලා මල් පැලක් කාරිය ගහලා බතින් බුලතින් සරු වෙච්ච ඒ අයගේ අස්වනු ටිකෙන් අග්‍ර භාගය දෙවියන් උදෙසා පූජා කරලා තම තමන්ට පුළුවන් විදියට මේ දේවල් ටික එකතු පහදු කරගත්තා. එහෙම නැතුව මේ වගේ කුණුහරුප වැඩ කළේ නෑ.

කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පිස්සු නටන්නේ නැතුව අලුත් අවුරුද්දට අලුත් අවුරුද්ද විදියට තියෙන්න දෙන්න. එහෙම නොවුණොත් මේකත් අපට නැතිවෙලා යනවා. මේක අසහනකාරයන්නේ විකාරයක් බවට පත්වෙනවා. බීගෙන පිස්සු නටාගෙන අනෙකාට පිහියෙන් ඇනලා වෙඩිතියාගෙන ගම් පිටින් දෙකට බෙදිලා ගහමරාගෙන කඹ ඇදලා තරගවලින් දිනන්න හිතන්නේ නැතුව අනෙකා දිනන, අනෙකා සතුටු වෙන හැටි බලාගෙන සතුටු වෙන්න පුළුවන් අලුත් අවුරුදු උත්සව පවත්වන්න ඔබට පුළුවන් නම් විතරක් අලුත් අවුරුදු උත්සව පවත්වන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒකට හේතුව, මේ ගම්මැදිවල මිනිස්සු අවුරුදු සැමරුවේ, අවුරුදු උත්සව පැවැත්තුවේ දිනන්න නෙවෙයි. විවේකය, නිදහස, බවබෝග අස්වනු නෙළාගැනීමේ සතුට නිදහසේ භුක්ති විඳින්න. එහෙම නැතුව පිස්සු කෙළලා අපේ සතුට නැති කරගෙන නැතිභංගස්තාන වෙන්න නෙවෙයි. බනිස් කෑමවලින් අපට පේන්නේ දැන් අසහනය හොඳටෝම වැඩිවෙලා කියලා. කොහොම වුණත් මේකට ටීවීවල යන සමහර තරු තරගත් බලපාලා ඇති කියලා අපි හිතනවා. මොකද ඒවායෙත් තියෙන්නේ මේ වගේම අසහනය වැඩි කරගත්තු ගොං පාට් වෙච්ච තරගනේ.

එරබොදු මල් පිපිච්ච මේ සුන්දර අලුත් අවුරුද්දේ ගහල වැල්වල මල් තොරන් බැඳලා පැණි මොර මල් පෙති පාවඩ එළලා කැවුම් කොකිස් අතිරහ මැද්දෙන් අවුරුදු කුමාරයා ගමට එන්නේ මිනිස්සුන්ට සතුටින් ඉන්න. සැනසිල්ලේ ඉන්න. කොහා කියන්නේ අන්න ඒ පණිවුඩය. ඒක හැමෝම මතක තියාගන්න. එහෙම නොවුණොත් ඔක්කොටම වැඩ වරදීවි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නම කියන්න! නම කියන්න! එළියෙදි බැරි නම් ඇතුළෙදි කියන්න! විමල්ගෙන් විජයදාසට චැලෙන්ජ් එකක්! VIDEO

Next Post

නැග්ග රුපියල ආයෙත් බහින්න පටන් අරන්!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.