• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නවම් මහේ දහම් සිසිල ගලන ආණමඩුව ශ්‍රී ආනන්දාරාමය

February 8, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නවම් මහේ දහම් සිසිල ගලන ආණමඩුව ශ්‍රී ආනන්දාරාමය
Share on WhatsAppShare on Facebook

ඈත අතීතයේ මේ පුංචි ශ්‍රී ලංකාව සියලු සැප සම්පතින් සපිරුණු සෞභාග්‍යමත් දේශයක් විය. ඒ සඳහා ඉවහල් වූ කරුණු සලකා බැලීමේදී පෙනී යන ප්‍රධාන කාරණා කිහිපයක් සොයා ගත හැක. ඒ අතර ඉදිරියෙන්ම ඇත්තේ පාලකයන් රට පාලනය කළ ආකාරයය. අතීත පාලකයෝ රට පාලනය කළේ උතුම් බුදු දහමේ සඳහන් දස රාජ ධර්ම අනුවය. රටේ පාලකයන් පමණක් නොව අතීත රට වැසියෝද ඉතා ධාර්මික දිවි පෙවෙතක් ගත කළ අය විය. බුදුදහම අනුව ජීවිතය සකසා ගත් ජනතාවගේ ආර්ථික ශක්තිය මෙන්ම සංස්කෘතිය සාර්ධර්මද ඉතා ඉහළ තලයක විය. වර්තමානයේ අප රට මුහුණ පා සිටින තත්ත්වය ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එම සාර්ධර්ම පිරිහී යෑම බව විද්වතුන්ගේ අදහස වී ඇත්තේ ඒ නිසාය.

ශ්‍රී ලංකාව නැවත වරක් පෙර තිබූ තත්ත්වය කරා ගෙන ඒමට නම් පළමුව සිදු කළ යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් දියුණු කිරීම බව දැන් බොහෝ දෙනකුගේ අදහස වී ඇත. ඒ සඳහා කළ යුත්තේ උතුම් බුදුදහම තව තවත් ජනතාව අතරට ගෙන යෑම සහ ඒ අනුව ජීවිතය හැඩ ගස්සවා ගැනීමට ජනතාව උනන්දු කිරීමය. දැන් ඉරිදා මව්රට පුවත්පතේ මෙහෙයවීමෙන් “සදහම් සිසිල” නමින් වැඩසටහන් මාලාවක් රටපුරා පැවැත්වීමට තීරණය කළේද ඒ උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාය. ඒ වැඩසටහන් මාලාවේ පළමුවැන්න අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පසුගිය මාසයේදී පැවැත්වුණේ නිකවැරටිය විතිකුලිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදීය.

දිනෙන් දින දුරස් වන සාරධර්ම නැවතත් සමාජයෙහි ඇති කරමින් යහපත් සමාජයක් හරහා ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියට ගෙන ඒමේ අරමුණෙන් පවත්වන “සදහම් සිසිල” දහම් අමා වැඩසටහනේ දෙවැනි අදියර පැවැත්වෙන්නේ අද දිනය. එනම් 2020ක් වූ පෙබරවාරි මස 09 වැනිදාය. මෙවර එම වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික ආණමඩුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේදීය.

වයඹ පළාතට අයත් පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි ආණමඩුව තවමත් ගැමි සුවඳ දසත විසිරී ගිය සුන්දර ගම් පියසකි. පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන නගරයක් වුවද, ආණමඩුවේ තවමත් දක්නට ඇත්තේ ග්‍රාමීය පරිසරයකි. නගරයට නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටා ඇති ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානය ආණමඩුව නගරයට සැරසිල්ලක් බඳු යැයි කිවහොත් එය සැබවින්ම අතිශයෝක්තියක් නොවේ. හලාවත සිට පුත්තලම් පාරේ ටික දුරක් ගමන් කළ පසු හමුවන බංගදෙණිය හන්දියෙන් වම් පැත්තට වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ගමන් කිරීමෙන් ආණමඩුව නගරයට ළඟා විය හැක. බංගදෙණියේ සිට ආණමඩුව දක්වා වැටී ඇති මාර්ගයද අපේ රටේ මාර්ග පද්ධතියේ එක් සුවිශේෂී මාර්ගයක් ලෙස සැලකිය හැක. බංගදෙණියේ සිට ආණමඩුව දක්වා මාර්ගය විහිදී ඇත්තේ තනි කෙළින් ඉරක් ලෙසටය. දෙපස විහිදී ගිය දැවැන්ත ගස් මැදින් වැටී ඇති මාර්ගයේ රිය ධාවනය කිරීමද ඉතාම ආස්වාදජනක ක්‍රියාවකි. ශ්‍රී ආනන්දාරාමය පිහිටා ඇත්තේ ආණමඩුවේ සිට කුරුණෑගලට දක්වා වැටී ඇති මාර්ගයේය.

මීට දශක කිහිපයකට පෙර ආණමඩුව ප්‍රදේශය අවට පිහිටා තිබූ එකම විහාරස්ථානය වූයේ ශ්‍රී පරමාකන්ද රජ මහා විහාරය පමණකි. නගරය අවට විහාරස්ථානයක් නොමැති වීමේ අඩුව ඒ අවට ජනතාවට තදින් දැනෙන්නට වූ අතර පරමාකන්ද රජමහා විහාරයට අනුබද්ධව ශ්‍රී ආනන්දාරාමය ඉදිකර ඇත්තේ ඒ අඩුව පිරිමැසීම සඳහාය. ඒ එවකට පරමාකන්ද රජමහා විහාරස්ථානාධිපති වහන්සේ වූ අත්ථදස්සී හිමිපාණන්ගේ අනුශාසනා පරිදිය. විහාරස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ 1945 වසරේදීය. ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ආරම්භය හා සම්බන්ධ සුවිශේෂී කාරණා කිහිපයක්ද සඳහන්ව ඇත. ඒ අතරින් ප්‍රධානම කාරණය සඳහන් වන්නේ විහාරස්ථානයේ දායක සභාව සම්බන්ධවය. ශ්‍රී ආනන්දාරාමයේ දායක සභාව ආරම්භ කළ ඇත්තේ විහාරස්ථානය ආරම්භ කිරීමටත් පෙරය. පොල්අතුවලින් සකස් කළ බණ මඩුවක් සහ සංඝාවාසයක් සහිතව ආරම්භ කළ ආනන්දාරාම විහාස්ථානයේ ස්ථාපිත බෝ රජාණන් වහන්සේ වැඩමවා ඇත්තේ අනුරාධපුරයෙනි. පරමාකන්ද රජමහා විහාරස්ථානයේ සිට අලංකාර පෙරහැරකින් එය වැඩම කරවූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

1945 වසරේදී කුඩාවට ආරම්භ වූ ආණමඩුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය සනිටුහන් වන්නේ ඉන් වසර කිහිපයක පසුවය. ඒ වයඹ පළාතේ ආගමික දියුණුවට විශාල මෙහෙවරක් සිදු කළ රාජවන්නි කුමාර වන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ලෙස කටයුතු කළ පූජ්‍ය ඔට්ටුකුලමේ ධර්ම කීර්ති ශ්‍රී විමලඤාණ පුඤ්ඤානන්දාභිධාන නායක ස්ථරවියන් වහන්සේ යටතේය. උන්වහන්සේ පරමාකන්ද රජමහා විහාරයේ විහාරාධිපති ධුරයට පත් වීමෙන් පසු ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ දියුණුව සඳහාද වැඩ කටයුතු රාශියක් ඉටු කර ඇත.

වර්තමානයේදී විහාරස්ථානය මුල් කර ගනිමින් ජනතාවට සිදු කරන මෙහෙවර ඉතා විශාලය. සෑම සතියකටම වරක් පැවැත්වෙන බෝධි පූජාව සඳහා විශාල ජනතාවක් සහභාගි වන අතර අධික වර්ෂාව මධ්‍යයේ වුවද, එම ජනතාවගේ අඩුවක් දක්නට නොලැබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක. විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන දහම් පාසලෙන්ද ප්‍රදේශයේ සිසු සිසුවියන්ට සිදු කරන මෙහෙවර අගය කළ යුතුය.

බුද්ධ ශාසනයට සහ ජාතියට විශාල මෙහෙවරක් සිදු කෙරෙන ඓතිහාසික ආණමඩුව ශ්‍රී ආනන්දාරාමය මව්රට “සදහම් සිසිල” සමඟින් පිරී ඉතිරී යනු ඇති බව අපේ විශ්වාසයය. රූපවාහිනී, ගුවන් විදුලි කවිබණ ධර්ම දේශක, ග්‍රන්ථ කර්තෘ, කාව්‍ය ශ්‍රී පූජනීය රාවාඇලේ සුධම්ම හිමිපාණන් මෙහෙයවන සුමධුර ධර්ම දේශනයෙන් පැමිණෙන සැදැහැවතුන්ගේ සිත් නිවී සැනසෙන බවද අපට විශ්වාසය. “සදහම් සිසිල” දෙවැනි අදියර සඳහා ආණමඩුව මව්රට අලෙවි නියෝජිත අසංක හෝටලය මඟින් සමාදර දායකත්වය ලබා දී ඇති අතර එම අවස්ථාවට සහභාගි වී මෙලොව දියුණුව මෙන්ම එලොව දියුණුව සඳහාද මඟ සලසා ගැනීමේ අවස්ථාව ආණමඩුව අවට පින්වත් ඔබට හිමි වී ඇත.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

නර්තනයේ අනාගත උරුමය

Next Post

රාජපක්ෂලා බණ්ඩාරනායකලා එක්වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.